මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් 2015.12.15 දින පල්ලේපොල කොබ්බැ වැහැර ප්‍රදේශයේ දී කන්දක් පහලක ට පෙරලි පහල තිබු නිවසක් මතට පෙරලි තිබිණි. නිවසේ සිටි කුඩා දරුවන් 3ක් සහ මව පදිංචිව සිට ඇත.එදින ප්‍රාදේශීය සභාවේ ලේකම් යු .එච් .ආර් .කේ .කපුකොටුව මහත්මිය පැමිණ මේ පවුලට කඩිනමින් නව නිවසක් හදා දෙන බවත් පවසා එතෙක් තාවකාලිකව එම පවුලේ පිරිස පුස්තකාල ගොඩනැගිල්ලේ පදිංචි කරවා ඇත.
එදා සිට මේ දක්වා ප්‍රාදේශීය සභාවෙන් නිවාසය සාදා නොදී ඇති අතර නිවස මතට වැටි ඇති බැකෝව ඉවත්කරගෙන නැති බව නිවසේ හිමිකාරිය වන ශියානි පුෂ්පලතා දිසානායක මහත්මිය කියයි .මේ පිළිබඳව විමසීමට යද්දී ලේකම්වරිය පිළිතුරක් නොදී මුදල් නැති බව පවසන බව ඇය කීවාය .
මේ පිළිබඳව පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ ලේකම් යු.එච්.ආර්.කේ. කපුකොටුව මහත්මිය ගෙන් විමසීමක් කළ විට ඇය පැවසූයේ බාකෝ යන්ත්‍රය ඉවත් කිරීමට ඒ සඳහා වන ඉංජිනේරුවරුන් ගෙන්වීමට අවශ්‍ය බවත් කාර්යයබහුලත්වය නිසා ඔවුන්ට කතා කිරීමට කාලය නොමැති බවත්ය.
“අපි මේ සම්බන්ධව වැඩ නොකර ඉඳල නෑ. බැකෝ එක වැටුන දවසේ ඉඳලා ඒ ගැන ලිපි ගොනුවක් පවත්වාගෙන ආවා. මාධ්‍යට ඕනනම් ඇවිත් ඒක බලන්න පුළුවන්” යනුවෙන්ද ඇය පැවසුවාය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරල දෙයක්නේ! පරණ යකඩ නොමිලේ රැගෙන යන්න කියලා බෝර්ඩ් එකක් ගහන්න. දින 3න් ප්‍රතිඵල අත්වේවි. (නි)
හොඳම දේ මේ බැකෝ එක විකුණලා ඒ සල්ලි වලින් ගේ හදන එකයි (නි)
ඔය කියන නිලධාරීන්ගේ වාහනයක් හැපුනහමත් ලිපි ගොනුවක් ඇරලා නිකන් ඉන්න. (නි)
හිනත් යනවා අර කියලා තියෙන කතාවට. මෙහෙම මිනිස්සුද රජයේ උසස් නිලතල දරන්නේ? (නි)
කැඩුණු කෑලි ටික දාලා පණගන්වලා, පස් ටිපර් දෙකක් ඔතනට ගෙනත් දාලා ඕක උඩට අරගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. (නි)
අනේ හැබෑට! රටේ පෙරකදෝරුවෙක් නැතිවුණානේ මේ ඇත්තන්ට වන්දියක් ලබා දෙන්න. (නි)
අනේ කාලේ වනේ වාසේ! ලිපිගොනුවක් පවත්වාගෙන ගියාම ඔක්කොම හරියනවද ලේකම්තුමියනේ? (නි)
මෙවැනි කාලය කා දමන අකාර්යක්ෂම ගැහැණු රාජ්‍ය සේවයෙන් ඉවත් කළයුතු වෙනවා. ලිපිගොනු කරේ තියාගෙන, කිට්ටුවම තිබෙන ගරාජ් බාස් උන්නැහේට කිවුවා නම් දවසෙන් ගොඩට ගෙන දැන් වැඩ. (නි)
ඇය වැනි රජයේ නිලධාරීන්ට තමයි අපි පඩි සහ සියලු වරප්‍රසාද සඳහා බදු ගෙවන්නේ (නි)
මට නම් මතකයි මේ සිද්ධිය. පහුවෙනිදම හදලා දෙන ගානටනේ කතාකළේ. බලධාරින් නිදිද? (නි)
මෙම ලේකම්වරියට ජනතාවට සේවය කිරීමට කිසිම උවමනාවක් නැතිබවත්, රජයේ දේපලක් වන බැකෝ යන්ත්‍රය රටේ ජනතාවගේ මුදල් වලින් ගත් එකක් කියා එය රැකගැනීමේ උවමනාවක් නැති බවත් පෙනීයනවා. මෙවැනි අකර්යක්ෂ්මතාවයෙන් වැඩකරන උදවිය වහාම සේවයෙන් නෙරපා දැමිය යුතුයි. (නි)
ප්‍රාදේශීය සභාවට බැකෝ යන්ත්‍රය අවශ්‍ය නැද්ද? (නි)
මාස පහක් මොනවද කරලා තියෙන්නේ. මේක මන්ත්‍රී කෙනෙකුගේ ගෙදරකට වැටුනා නම් එදාම හදලා දෙයි. අනික මේ අයට මේ ගොඩනැගිල්ල දීම සම්පූර්ණ වැරදියි. මේ අයට පහසුකම් සහිත හොඳ නිවසක් ලබාදිය යුතුයි. (නි)
අනේ ඉතින් මේ යහපාලනයක්නේ (නි)
ඕක තමයි මේ ශ්‍රී ලංකාව නොදියුණුවීමේ ප්‍රධානම කරුණ. ඕනෑම දෙයකට ලිපිගොනුවක් පවත්වාගෙන යෑම. ලිපිගොනුව කන්නද? (නි)
ජයවේවා! ඔහොම තමයි මේ රටේ හැටි (නි)
තුවාලය තිබෙන මිනිහට තමා එ්කේ වේදනාව දැනෙන්නේ (නි)
බැකෝ යන්ත්‍ර රටේ සංවර්ධන වැඩ වලට දැන් වැඩක් නැති නිසා ලිපිගොනුවක් පවත්වාගෙන ගිහාම ඇති. කවදාහරි ඕක දිරලා ගියාම පංචිකාවත්තේ පරණ යකඩ වලට වෙන්දේසි කරන්න පුළුවන්. ගේ අහිමිවුණ අහිංසක මිනිසුන්ට දෙවියන්ගේ පිහිටයි. ප්‍රාදේශීය සභාවේ ලේකම්ට කොච්චර වැඩද කියනවා නම් දුරකථන ඇමතුමක් ගන්නවත් වෙලාවක් නැහැ. පව් කියලත් හිතෙනවා මේ වගේ රටට ජනතාවට ආදරය කරන නොකා නොබී වැඩකරන නිලධාරීන් දැක්කහම. (නි)
ලිපිගොනුවක් පවත්වාගෙන් ඇවිල්ලා තියෙනවා නම් ඒ හොඳටෝම ඇති. මොකද, පුෂ්පලතා මහත්මිය හා දරුවන් කෙසේවෙතත් ඒ ලිපිගොනුව යට කාවෝ, කැරපොතු පැටව් එහෙම දැන් පවුල්පිටින් ජීවත් වෙනවා ඇතිනේ. එ්ක කොච්චර ලොකු දෙයක්ද? (නි)
සභාපතිගේ ජීප් එක වැටුනා නම් බලන්න තිබුණා. අලුත්ම එකක් ගෙනවිත් එහෙනම්. කාර්යක්ෂමතාව අති ඉහළයි ඒ වගේ වැඩ වලදී. එතකොට ලේකම්ලා රෑටත් වැඩ. පූරුවේ වාසනාවකට දරුවෝ බේරුනේ. (නි)
දැන් ඒ මහත්මියට තියෙන්නේ ගෙදර බඩුමුට්ටු ටිකත් ගෙනවිත් තියාගෙන, වත්තේ පිටියේ වවාගෙන හොඳට ඉන්න. (නි)
එතකොට බැකෝ එක වැටුන දවසේ ඉඳලා මේ අසරණ දරු පව්ලේ ඇති අවශ්‍යතාවන් පිළිබඳව ලිපිගොනුව පෙරලන්නට කොන්දක් පණතිබෙන නිලධාරීන් ඇත්තෙම නැද්ද....? ඔය පළාත් වල තවම දුරකථන පහසුකම් ඇත්තෙම නැද්ද? (නි)
ලිපිගොනුව යාවත්කාලීන කිරීමම ලොකු වැඩක් නොවේද. ලේකම්ට ස්තුතියි. (නි)
රොෂේන් -රියාද් . ඔබ ගේ පැතුම සිහිනයක්... .දියුණු බටහිර රටක නම් මේ ප්‍රා.ලේ. වැඩ තහනම් කර දඬුවමුත් දීලා, නිවසට වන්දිත් ගෙවලා මෙලහකට. (ර)
හැබැටම ඔය පවත්වාගෙන ආපු ලිපිගොනුව ජනතාවට පෙන්නනවානම් ගොඩක් වටිනවා .(හේ)
බැකෝ යන්ත්‍රය පෙරලුන දා ඉඳලම මේ පිළිිබඳව ලිපි ගොනුවක් පවත්වාගෙන යනවලු. බැකෝ යන්ත්‍රය එතැනම දිරා යනවිට ලිපි ගොනුවත් ලේකම්වරිය ළඟ දිරා යන බව තව අවුරුදු කීපයකින් අපට දැනගන්න ලැබෙයි (නි)
මේවා අසාධාරණ වැඩ. මේ පවුලට සාධාරණය ඉටු කරන්න.(හේ)