මෙවර ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය වැඩ කරන පංතිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් අරඹා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් එම කාර්යයට බිය වූ ආණ්ඩුව තම මැයි දිනය වෙනුවෙන් වෙන් කර තිබූ නාරාහේන්පිට රාජගිරිය ක්‍රීඩාංගනය තහනම් කර ඇති බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි.
1987 මැයි දිනය තහනම් කළද අභයාරාම විහාරස්ථානයේ මැයි දින සැමරුම සිදු කළ බවත් මෙවරත් මර්ධනයට ලක් වුවහොත් පෙර පරිදි අභයාරාමයේ සිට මැයි දිනය සමරන බවත් යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් ප්‍රකාශ කරමින් ආණ්ඩුවට කළ හැකි දෙයක් කරන්නැයි ආනන්ද හිමයෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයින් ඉන්දියාවේ සිට අාවා කියන මානසිකත්වයෙන් මිදෙන්න (හේ)
මෙවැනි කතා වැඩිහිටි භික්ෂුවකට ගැලපෙනවද කියල හිතෙන්නේ නැද්ද නායක හාමුදුරුවනේ..(බ)
ඔය ඒකාබද්ද වෘත්තිය කියන්නේ කවුද ? මෙච්චර කල් කම්කරුවට හොඳට සැලකුවද? (හේ)
අප රටේ සංඝ පරපුර ගැන අප ආඩම්බර විය යුතුයි. මුදලට තනතුරට රට පාවදෛන සමයක ඔබ වහන්සේලාට දිඝායු ලැබේවා. නිදා සිටි මිනිසුන්ව ඇහැරවලා හරි දේ කියල දිමට පෙරමුණ ගත යුත්තෙ එදත් අදත් පෙරමුණ ගන්නෙ මහා සංඝ පරපුර. මොකද මේ රට පැවතිය යුතුයි ආගම පැවතෙන්න. (ර)
හාමුදුරුවනේ වැඩකරන කට්ටිය. පෙළපාලි ගිපුදෙන් මේවට පන්සල ඔබින්නේ නැහැ පන්සල කියන්නේ සාමකාමී හිතනිවන නිවන් දකින තැනක්. පුලුවන්නම් සැමට කරුණාවෙන් පහදලා දීල පන්සලයි සාසනේයි, පොඩි හාමුදුරුවොයි ආරක්ෂා කරගන්න. (ර)
ඒත් ඔය එකතුකරගන්න කම්කරුවන්ට එදාට පස්සේ ලැබෙන්නේ මොනවාද? (නි)
රෝහිත මහත්තයෝ, චතුරිට නිම්මිට උපදෙස් දුන්නාට ඔහෙට නම් මොළයක් තියා ඇස් දෙකකුත් නැතුවා වගෙයි මට නම් පෙනෙන්නේ! අලියා සහ අන්ධයෝ. එ්ක හින්දා අතගාලා බලලාවත් නිගමනයකට බහින්න! (නි)
රෝහාන් දයාදර තුර්කි, උතුරට නැගෙනහිරට ගිහිල්ලා හොඳින් අැස් අැර බලන්න. නැත්නම් අපක්ෂපාති සතිඅන්ත පුවත්පත් බලන්න. (නි)
අපේ හාමුදුරුවනේ, 1987 දී රැස්වීම තියලා සෝභිත හාමුදුරුවෝ ජීවිතේ පරදුවට තිබ්බේ පවුලක්, පක්ෂයක් බේරාගන්න නෙමෙයි, රට බේරාගන්න. (නි)
නිම්මි, ධම්ම වගේ මොළ හෝදපු කට්ටිය එක්ක යමක් තේරුම් කරන්න බැහැ. (නි)
මේ චතුරි කියන එක අහන්න . තමුන්ගේ රටේවත් නැති අය උපදෙස් දෙන්න එනවා . ඉන්න දිහාකට වෙලා ඉන්න මේ රටේ හාමුදුරුවෝ හැමදාම රට වෙනුවෙන් කතා කරපු අය. (ර)
ඔබවහන්සේලා දෙසා වදාළ අර අහවලාගේ ආරක්ෂාව සඳහා සංඝ හමුදාව හදලා දැන් ඉවරද? (නි)
අද ඉන්න පාලකයන් සම්පුර්ණ ආරක්ෂාව සහිතව එදා සිටිද්දී පුජ්‍ය බෙංගමුවේ නාලක, පුජ්‍ය ඕමාරේ කස්සප වැනි හිමිවරු එදා කොටි තර්ජන තිබුණු ගම්වල සිංහලයන්ගේ, රණවිරුවන්ගේ දුක සැප බලමින් සැරිසැරුවා. විදේශ වල ඉන්න අය මේවා දන්නේ නැහැ. (නි)
සිංහලේ ප්‍රස්ථාපිරුලක් භාවිතා කරන්නවත් දන්නේ නැහැනේ මේ රටගිය දේශප්‍රේමියෝ. අපි මෙවැනි දේත් එක්ක මේ රටේ ජීවත්වෙන්න ආසයි. (ර)
යකා හිටියේ ඉස්සර. එතකොට කට්ටිය කට මූට්ටු කරගෙන හිටිය. දැන් ඉතින් කාට බැන්නත් ඉස්සර වගේ සුදු වෑන් එන්නේ නැහැ. (නි)
නන්ද , චතුරි, ඇස් දෙකෙන් බලන්න වෙන දේ .... බලලා මොලයෙන් හිතන්න.... (ර)
භික්ෂුන්ට වෘත්තිය සමිති කටයුතු ගැන දේශනා කරලා තියෙන්නේ මොන සුත්‍රයේද දන්නෙ නැහැ (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේ පෙරමුණ ගන්න. අපි එනවා (නි)
මම හිතන්නේ නැහැ හැමෝම දේශපාලනය කරනවා කියලා. ඒත් කම්කරුවන්ගේ අයිතීන් රැකදෙන්නේ නැහැ කවුරුත් (නි)
අද කාලයේ බෞද්ධ භික්ෂුන් බෞද්ධ දර්මය කියනවා තේරුම් කරදෙනවා , මිනිසුන් යහමගට ගන්නවා වෙනුවට ,වෘත්තීය සමිති අරගල දේශපාලනයට නෙබුරු වීම වෙනවා. (ර)
ක්‍රීඩාංගනය දෙන එක නැවැත්තුවා නම් ඒක ලොකු වැරැද්දක් (නි)
රට ජාතියට, බුද්ධාගමට අනතුරක්, විපතක් වෙනවා නම් හාම්දුරුවරු එඩිතරව ඉදිරිපත්වෙලා ඒවා බේරාගන්න ඕනෑ තමයි. අතීතයේ හාමුදුරුවරු කළෙත් ඕකම තමයි. නමුත් බුද්ධ චීවරය දරාගෙන වැඩ කරනකොට, යම්කිසි සීමාවක් ඇතුව තමයි එය කළයුත්තේ. මුලිකව කළයුත්තේ ජනතාව යහමඟට ගැනීමයි. නැතුව පක්ෂ බෙදාගෙන කඩේ යනඑක නෙමෙයි (නි)
කරන්න දන්න ලොකුම වැඩේ වෙන්න ඇති මැයි දිනේ සමරන එක. (ර)
අපි නම් වචනෙට කියන්නේ ගඳ ගහන දේශපාලනය කියලයි. ඒ නරා අසුචි වලේ කිමිදෙමින් හා පිහිනමින් ඉන්න අයට නම් අපට ඒ ගඳ දැනෙන වලේ අමුතු සුවඳක් හා සැපක් දැනෙනවා ඇති නේද? (ර)
බුදු හාමුදුරුවෝ භික්ෂුන්ට පැනවූ විනය නීති ටික හොයලා කවුරුහරි දැන් ඉන්න භික්ෂූන් වහන්සේලාට උගන්වන්න කාලය හරි (නි)
අපිත් එදා නම් පන්සලේ සිටියා. එදා සිටි කි දෙනෙක් අද ඉන්නවද? (ර)
සොහොන් වල කවුද ගෙවල් හදන්නේ? (නි)
මේ හාම්දුරුවන්ට බන කියන උපාසක ,උපාසිකා වන්ට ,උතුරේ සහ නැගෙනහිර වෙන දේවල් පෙනෙන්නේ නැද්ද? (ර)
නිම්මි, රට ගැන. දුක හිතෙන්නේ පිටරට ඉන්න කෙනාටයි අපි වැඩකරලා ගන්න කෝටි ගණනනින් ලංකාවට එන්නේ. අපි කාටවත් මේ රටවල්වල ඉදන් කඩේ යන්නේ නැහැ. (ර)
යක්කුන්ට ඉතින් ගැළපෙන්නේ සොහොන් තමයි (නි)
බුදුහාමුදුරුවන් දෙසුවා වෛරය දුරලන්න කියා සැමවිට... අද චීවරය දාගත්තත් නොයෙක් අය, බුදු බණ වනසන්න කිසිවිට නොදෙනු ඉඩ! (නි)
ගෙවල් හදන්න මේසන් බාස් කෙනෙක්වත් වෙන්න එපායැ. අනේ මෙහෙමත් කතා? (නි)
යක්කුන්ට බය නැත්නම් ඔය වැඩ කරගන්න කනත්තක්වත් තෝරාගන්න, පන්සල් නැතුව. (නි)
අනේ හාමුදුරුවනේ, මේ වගේ ආවේගශීලී කතා හොඳද මන්දා? (නි)
අපි යක්කුන්ට බය නැහැ. බය ජනතා මුදල් කාබාසිනියා කරන හොරුන්ට (නි)
මේ අදහස් දාන සමහරුන්ට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, කඩහපොල හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල වගේ හාමුදුරුවරු වගේම දුටුගැමුණු කුමාරයට දෙමළුන්ගෙන් මේ රට බේරාගැනීමට උදවු කළ මහා සඟරුවනත් පෙනෙනවා ඇත්තේ මේ විදියටම වෙන්න ඇති. දුකයි අනේ ඔයගොල්ලෝ ගැන. (නි)
නන්ද , චතුරි, ඔබ හරියට හරි. නිම්මී,ධම්ම, ඔබ ගැන ලැජ්ජයි. දේශපාලනය මහින්දද, සිරිසේනද, රනිල්ද යන්න වෙනම කතාවක්. එහෙත් චීවරය අඳින්නේ ගිහි ජීවිතයෙන් මිදී බුද්ධ වචනය අනුව දිවිය ගතකරන්නටය. (නි)
පිටරට වලට වෙලා ඉන්න අය අපේ රටේ ප්‍රශ්න ගැන කතානොකළට කමක් නැහැ (නි)
චතුරි ලාබෙට කඩේ යන්නේ කාටද කියලා අපිට නම් පේනවා (නි)
මට නම් මේ දේවල් ගැන හිතට එන සිතුවිලි මෙතන ලියන්න අමාරුයි (නි)
නිම්මි, රෝහිත, සියල්ලන්ටම මොලයක් තිබුණාට ඒ සියල්ලන්ටම බුද්ධිමත්ව සිතීමේ හැකියාව පිහිටන්නේ නැති බව ඔයාල දන්නේ නැද්ද? (නි)
දේශපාලනය කරනවා නම් සිවුර දැරීම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
අනේ බමුණු ආරච්චි මහත්තයෝ, අද ඇමරිකාවේ කතාකරන්නේ රතු ඉන්දියන් භාෂාවද? මැදපෙරදිග කතා කරන්නේ සුමේරියන්ද? ඊජිප්තුවේ මිසර භාෂාවද? මෝඩ තර්ක දාන්න කලින් පරණ ඉස්කෝලේ මහත්තයකුගෙන්වත් අහලා බලන්න. (නි)
දැන් සමහර හාමුදුරුවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පන්ති දාලා උගන්වන්න වෙලා තියෙන්නේ (නි)
තුර්කි රොහාන් දයාදර, හොඳ සිහියෙන් උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇවිද බලන්න. එසේ කළ නොහැකි නම් සතිඅන්ත පුවත්පත් බලන්න. හමුවීමට නොහැකිවීම ගැන කණගාටු වෙනවා (නි)
අනේ චතුරි, අපිට නම් ඔය පිටරට ඉඳලා එවන සල්ලි එපා. අපි කන්න නැත්නම් බතල තම්බාගෙන කනවා. මේ රටට නිදහස ලබාදුන් ගෝටාභය මහත්තයාට කර තිබුන අපහාසේ මම දවසක් දැක්කා. මට නම් චතුරි අප්‍රසන්න කෙනෙක්. මොන පක්ෂයේ වුණත් රටට සේවය කරපු මිනිසුන්ට අගෞරව කරන්න එපා. (නි)
චතුරි නිව්යෝර්ක්, ඔබ පවසන පරිදි හාමුදුරුවො නිදා සිටියොත් අපිට ශ්‍රී ලංකාවක් ඉතුරු නොවනු ඇත (නි)
පන්සල් දේශපාලන වේදිකාවල් ලෙස යොදාගැනීම තහනම් කළා නේද? (නි)
දැන් එතකොට කවුද යකා? කවුද සොහොනේ ගෙවල් හැදුවේ? (නි)
අතීතයේ අපේ රට බේරාගත් කහ සිවුර හෙටත් හඬ අවදිකොට ඉඳීවි. අපිත් පිටරටවල ඉන්නේ වෙන්නේ මොනවද බලාගෙන. මෙතන නිව්යෝර්ක් අය කියන ලෙසට පන්සලට වෙලා හිටියොත් ශාසනේ විතරක් නෙවේ රටත් ඉවරවෙලා යනවා. නන්දා මාලිනිය විටෙක මෙසේ ගයන්නීය. “මගේ ආගම මගේ දේශය මට ලබාදුන් ත්‍යාගයයි චන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්........“ (නි)
ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල් ගණනාවක මැයි 1දා නිවාඩු දිනයක් නොවේ. එම රටවල් වල වැඩකරන ජනතාව දේශපාලකයින්ට ඕනෑ විදිහට නටවන්න බැහැ. අපේ රටේ මිනිස්සු තවම යක්කුන්ට බයයි. ඒකනේ අපේ සමහරු දේවාල හදාගෙන යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරමින් අහිංසක මිනිසුන් ගසාකන්නේ (නි)
දැන් අපේ හාමුදුරුවරු දේශනා කරන්නෙත් දේශපාලන බණ (නි)
බුදු දහම ලංකාවට එන්න කලිනුත් මේ රට තිබුණා. මිහිඳු හාමුදුරුවන් ලංකාවට ආ වෙලේ අපේ එකල සිටි රජු එම දහම පිළිගත් නිසාත් එය අනින් සියලු දෙනාටම දුන් නිසාත් අපේ රටට බුදු දහම ලැබුනා. එයට කලින් අපි තිරිසන් ජාතියක් නොවේ. වෙනත් ඇදහිල්ලක් තිබෙන්න ඇති. එකල තිබු බෞද්ධ දර්ශනය නෙමෙයි අද තියෙන්නේ. අද අපි බෞද්ධ දර්ශනයට වෙනත් දේවල සම්බන්ද කරලා අපේ නිර්මල බුදු දහම විනාශ කරලා. අද එයට දේශපාලනයත් මුසුකරලා එම නිර්මල බෞද්ධ දර්ශනය නැත්තටම නැතිකරන්නයි යන්නේ (නි)
යක්කු එනවා නම් අභයාරාම පන්සලේ අඩුවශයෙන් දිනපතා රතන සුත්‍රයවත් සජ්ඣායනය කරන්න වෙයි (නි)
මේ වගේ විපරීත කාලයක මෙහෙම දේවල් වෙන එක වළක්වන්න බැහැ (නි)
නියමයිනේ! කම්කරු දිනය නෙමෙයි, ඕකට පක්ෂ දිනය කියලා දාන්න තියෙන්නේ (නි)
සමහර කට්ටියගේ සටන්පාඨ වෙන්නේ “හොරු ඇල්ලීම නතර කරනු!, මිනීමැරුම් වසන්කරනු!, රට සල්ලි සෙවුම නතර කරනු!, ණයට කෑම වැඩිකරනු!, මහජන දේපල අපේ කරනු!“ වගේ දේවල් (නි)
තමන්ට නොගැළපෙන දේවල් වලින් ඉවත්වෙලා හිටියොත් නේද හොඳ හාමුදුරුවනේ? (නි)
තේරෙන භාෂාවෙන් කිඅන්න ඕනෑ. එ්ක හරි හාමුදුරුවනේ. පෙර හිටි නායකයොත් ඔහොම කියලා නිදා සිටි සිංහලයෝ අවදි කළේ (නි)
රට ජාතිය අඳුරේ. කවදත් අපේ හිමිවරු පෙරමුණ ගත්තා විපතක් දුටු විට (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට මේ කරන පින මහත් ආනිසංස ගෙන දෙනවා. නිදාගෙන ඉන්න රටවැසියන් අවදි කිරීමට උත්සාහ ගැනීම ගැන (නි)
අපේ රටේ ඉන්න නිදාගෙන ඉන්න යක්කු ටික නැගිටුවන්නකෝ. ඔබවහන්සේලාට පින්! (නි)
මේ වැඩකරන ජනතාව වෙනුවෙන්ද? ගෙදර යවපු කෙනා වෙනුවෙන්ද? (නි)
හාමුදුරු කෙනෙකුට මෙවන් කතා නොගැළපෙන බවයි මට හිතෙන්නේ (නි)
නිමල්ලාලිත, අයි මොනවාද උතුරේ නැගෙනහිර සිදුවෙන්නේ? කියන්නකෝ බලන්න. මේ රට සිංහලයාට විතරක් අයිති එකක් නොවෙයි. සිංහලයත් මේ රටට ආවේ ඉන්දියාවේ ඉඳලා. ඊට කලිනුත් එක එක ජාතින් මෙරටේ සිටියා. බොරුවට නොදන්නා දේවල් කියන්න එපා. (නි)
මෙතන ඉන්න සමහර කට්ටියගෙන් මම අහන්නේ, දරුණු යුද්ධය කාලේ හාමුදුරුවරු බස් එකේදී කපලා කොටලා මැරුවා. නුවර මාළිගාවට බෝම්බ ගැහුවා. මේ අද ඉන්න හාමුදුරුවරු එදා එළියට ආවද? (නි)
චතුරි නිව්යෝර්ක්, ඔබතුමියගේ කතාව හරියට හරි. ඔබතුමිය නර්ස් නෝනා කෙනෙක් නොවෙයි නේද? (නි)
අනේ මන්දා අද කාලේ සිද්ධවෙන්නේ මොනවද කියලා (නි)
අපොයි අපේ බෞද්ධකමට ගිය කලක හැටි! (නි)
රොහාන්, සිංහලයත් මේ රටට ආවේ ඉන්දියාවේ ඉඳලා නම් ඒ එනකොට ලංකාවේ සිටියේ කව්ද? ඉන්දියාවේ මොන ප්‍රාන්තයේද සිංහල කතා කරන්නේ? (නි)
නිම්මිට, ඔයා ලෝකය දැක නැති බව පෙන්වන්න එපා. මේ රටින් එලියට අඩිය තියපු අය එම රටවල ඇති හැමදේම බදාගන්න යන්නේ නැහැ. ඒ අයට අපේ රටත් එක්ක සසඳා බලනකොට මේවායේ ඉන්න විහිලු චරිත පැහැදිලිව පේනවා. (නි)