යක්කල අලුත්ගමදී බස් රථයක් හා වෑන් රියක් ගැටීමෙන් දස දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බව ගම්පහ පොලිසිය කියයි.
කුඩා දරුවන් සිව් දෙනකු තුවාලකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.
තුවාල කරුවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි කියයි.
කොළඹ සිට ගම්පොළ දක්වා ගමන් ගත් වෑන් රියක් සහ නිට්ටඹුව සිට ගම්පහ බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක්වී ඇත.
ජායාරූප - තිලකරත්න දිසානායක
![20160420_074924_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_074924_resized1.jpg)
![20160420_075155_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_075155_resized1.jpg)
![20160420_075253_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_075253_resized1.jpg)
![20160420_080255_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_080255_resized1.jpg)
![20160420_080409_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_080409_resized1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් සෞඛයක් නැත්තම් වාහන එලවන්න එපා අහිංසක ජිවිත නැති කරන්න එපා .අනවශ්‍ය සද්ද ,ගීත .ඒවා පාලනයක් ඇතිව තියා ගන්න .රියදුරුට සැමවිටම අනිකුත් මගින්ද සහය වෙන්න (අ)
වැරදිකරුවන්ට නිසි දඬුවම් දියයුතුයි (නි)
අපේ සදාචාරසම්පන්න රියදුරු මහත්වරුන් ඉන්න සිරි ලකේ මෙවන් රිය අනතුරු වලක්වා ගැනීම ඉතා අමාරු බැවින් තුවාලකරුවන් සියලුදෙනාටම ඉක්මන් සුවය පතමි. කුඩා දරුවන්ගේ කෙඳිරිලි මේ හදිය කරපු විනීත රියදුරන් ගෙන්වා ඇසෙන්න සැලැස්විය යුතුයි. (ම)
සුළු වැරදි කරන රියදුරන්ගේ බලපත් රඳවාගෙන, මාස 3-6 කට පමණ එල් බෝඩ් එකෙන්, ලර්නර් පර්මිට් ඇතුව දුවන්න සළස්වන්න. දඩයක්ද නියම කරන්න. ඒ කාලය තුළ නැවත වැරදි කළොත් එම රියදුරන්ගේ බලපත් අවලංගු කරන්න. තමන් නිවැරදිව මාර්ග නීති අනුගමනය කර නැති බව එල් බෝඩ් එකෙන් අන් අයටත් පෙනෙන නිසා වැරදි හදාගනීවි. (නි)
ලංකාවේ තනි අතට පමණක් වාහන යැවිය යුතුයි. කොපමණ දුරින් වුණත් අනිත් මඟත් එසේම තනි අතටම යැවිය යුතුයි (නි)
විනාඩි දෙකේ තුනේ හදිස්සියට වේගෙන් යන, රුපියල් ශත වලට තරඟයට දුවන, මිනිස් වෙස් ගත් සතුන් රියදුරන් වුණාම මෙවැනි දේවල් සිදුවෙනවා. අනතුරට ලක්වූවන්ට ඉක්මන් සුවය පතමු! (නි)
පොලිසියේ රථවාහන අංශය බාර නිලධාරීන්ට මේ අවිනීත බස් රථ රියදුරන්ව නොපෙනීම හා ඔවුන්ගේ වැරදි දුටුවත් අහක බලා ගැනීම තමයි මේ අනතුරු වලට මුලික හේතුව.(අ)
අවිනීත රියදුරන්ගේ නොමනා ක්‍රියා නිසා මේ අනතතුරු වළක්වා ගන්න අමාරුයි. (නි)
අනතුරට පත්වූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා. (ම)
මෙවැනි දේවල් නතර කරගත හැකිවන්නේ මේ රියදුරන්ගේ බලපත් වසර 10 ට අවලංගු කිරීමෙන් හෝ හිරබාරයට ගැනීමෙන් පමණි. (ම)