පෑලියගොඩ වත්තක පොළොව යට තිබු ලෝහමය රන් කෙණ්ඩියක් හා චෛත්‍යයක අනුරුවක් නීතිවිරෝධී ලෙස ගොඩගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
දිෂ්ටියෙන් පැමිණ ඒවා අදාළ ස්ථානයේ ඇති බව කිවූ බවත් ඒ අනුව යකදුරකු සමඟ ඒවා ගොඩ ගත් බවත් නිවසේ ගෙහිමියා පොලිසියට පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මෙහෙම හරියටම මේවා තිබෙන තැන දැනගත්තේ කොහොමද? (නි)
මගේ ඉඩමේත් ලොකු ගල් පර්වතයක් තියෙනවා. එ්කේ ඔලිඳ පොරුවකුත් කොටලා තියෙනවා. තට්ටු කළාම නැගෙන්නේ බෝල් හඬක්. දවසක් කුලුගෙඩියක් අරන් ගැහුවා බලන්න. කුලුගෙඩියේ මිට කඩලා ගියා. අපේ අප්පච්චි කියන්නේ කවදාවත් ඕවා ගන්න මහන්සි වෙන්න එපා, හරි කෙනාට ඉබේම ලැබෙයි කියලයි. ඉන්පස්සෙ නම් කවදාවත් ගන්න උත්සාහ කළේ නැහැ (නි)
අනේ මටත් කවුරුහරි එහෙම දිෂ්ටියෙන් කියනවා නම් අපේ වත්තෙත් නිධන් තියන තැනක්? (නි)
ඔය වගේ දේ පිළිබඳ අපේ රටේ නීතිය කොහොමද? පිටරටවල නම් තමන්ගේ ඉඩමක තියන දෙයක් ගොඩගන්න කිසි තහංචියක් නැහැ. අනුන්ගේ ඉඩමක දෙයක් ගත්තොත් තමයි හොරකම. (නි)
ඉස්සර නම් පොලිසිය (දේශපාලන) යකුන්ට බයයි. දැන් යක්කු පොලිසියට බයයි. (නි)
බලනකොට මෙයා පුදුම දක්ෂ මිනිහෙක්නේ (නි)
අයියෝ! මෙයාව කලින් හොයාගත්තා නම් අරතරම් අමාරුවෙන් ඉඩම් හාරන්න වෙන්නෙ නැහැනේ රත්තරන් හොයන්න (නි)
මේ යකාට බැරිද දන්නෙ නැහැ දිෂ්ටියෙන් කියන දිනන ලොතරැයි අංක (නි)
අනේ පිටබැද්දර ජයා, ඒක පොළව යටම තියෙන්න අරින්න. එතකොට තමයි වාසනාව වැඩියෙන් ලැබෙන්නේ ජීවිතවලට. අනික නිකමටවත් හිතුවද ඒ පුරාණේ ඇත්තෝ ඕවා කොහොමද මහා ගල්ගෙඩි මැද්දේ හැංගුවේ? කොහොමද ඔය ගල්ගෙඩි ඇතුළට දමලා පිටතට නොපෙනෙන්න ගල්පර්වත පෑස්සුවේ (නි)
අපේ වත්තෙත් තියනවා මටනම් ඕන නැහැ ඔය නිධාන, පොලිසියට ඕනෑමනම් ඇවිත් ගන්න එය ශ්‍රීලංකා රජයට බාරදෙන්න.(හේ)
ඕවා කෞතුක වස්තු විදිහට රැකගන්න මතුවට ගල් නොකර! (ම)
වත්ත තමන්ගේ නම් එකේ වලක් හරන්ටත් පොලිසියෙන් අවසර ගන්ට ඕනෙද? (අ)