කාර්මික දෝෂයක් හේතුවෙන් ගැඹුරු මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා භට ඛණ්ඩයකින් මුදාගත් බව සිටි නිව්ස් සර්විස් පුවත් සේවය කියයි.
ඉන්දීය ඈත මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබුණු ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් හය දෙනකු බේරාගෙන ඇත්තේ ගොඩබිම සහ මුහුදේ ධාවනය කළ හැකි නෞකාවක සිටි භට පිරිසක් විසිනි.
ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුදේ ඔවුන් ආහාර හෝ පානීය ජලය නැතිව අසරණව සිටි බව නෞකාවේ අණදෙන නිලධාරී ජේ.ජේ කුමීන් පවසයි. එම ධීවරයින් ජීවිතය හා මරණය අතර සටනක යෙදී සිටි බවත්, ඔවුන් ජීවතුන් අතර සිටින බැව් සැකහැර දැනගන්නා තුරු එතැනට සමීප නොවුණු බවත්, පසුව ආහාර, ජලය මෙන්ම බැටරියක් ලබාදී තාවකාලිකව යාත්‍රාව පණගන්වා ගැනීමට සහය වුණු බවත් ඔහු කියා ඇත.
ඉන් අනතුරුව දෝෂ සහිත යාත්‍රාව අලුත්වැඩියාව පිණිස යොමුකර Mඑම්වී බෙයනාරා නමැති වෙනත් යාත්‍රාවක් මෙම පිරිසට දිවයිනට ළඟාවීමට දුන් බවත්, ඔවුන් මේවන විට දිවයිනට පැමිණ ඇති බවත් එම පුවත් සේවය සඳහන් කර සිටී.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යැංකි නැවියෝ ලංකාවේ හයක් බේරති
දිපා Friday, 06 November 2015 10:09 AM
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාවිද? (ම)
තිලිනි Friday, 06 November 2015 10:20 AM
ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුදේ හිටියනම් අසරණ වෙන්නේ කොහොමද? දැන් ගොඩ බිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුද ඓති (ම)
ටිරෝන් Friday, 06 November 2015 11:10 AM
ලොකු පිනක් මේක! (නි)
නාමල් Friday, 06 November 2015 11:40 AM
මෙතන අපේ අර බටහිරවිරෝධී දේශපාලක මහත්තයා එහෙම හිටියා නම් ‘ආධාර එපෝ‘ කියලා මුහුදට පනිනවා හොඳටම විශ්වාසයි (නි)
ජෝශප් Friday, 06 November 2015 01:20 PM
ඔබ සැමට ස්තූතියි! (නි)
අමල් Saturday, 07 November 2015 06:18 AM
ඔවුන් කරගත් ලොකු පිනක්. (ර)
ගමගේ Friday, 06 November 2015 04:46 PM
මම වෙනත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක දැක්කේ ධීවරියින් ගොඩබිම සිට සැතපුම් 300 ක් ඈතින් සිටි බවයි. (බ)
පද්මිණී Friday, 06 November 2015 06:53 PM
අනේ පව් අපේ අසරණ මිනිස්සු! (නි)