කාර්මික දෝෂයක් හේතුවෙන් ගැඹුරු මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා භට ඛණ්ඩයකින් මුදාගත් බව සිටි නිව්ස් සර්විස් පුවත් සේවය කියයි.
ඉන්දීය ඈත මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබුණු ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් හය දෙනකු බේරාගෙන ඇත්තේ ගොඩබිම සහ මුහුදේ ධාවනය කළ හැකි නෞකාවක සිටි භට පිරිසක් විසිනි.
ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුදේ ඔවුන් ආහාර හෝ පානීය ජලය නැතිව අසරණව සිටි බව නෞකාවේ අණදෙන නිලධාරී ජේ.ජේ කුමීන් පවසයි. එම ධීවරයින් ජීවිතය හා මරණය අතර සටනක යෙදී සිටි බවත්, ඔවුන් ජීවතුන් අතර සිටින බැව් සැකහැර දැනගන්නා තුරු එතැනට සමීප නොවුණු බවත්, පසුව ආහාර, ජලය මෙන්ම බැටරියක් ලබාදී තාවකාලිකව යාත්‍රාව පණගන්වා ගැනීමට සහය වුණු බවත් ඔහු කියා ඇත.
ඉන් අනතුරුව දෝෂ සහිත යාත්‍රාව අලුත්වැඩියාව පිණිස යොමුකර Mඑම්වී බෙයනාරා නමැති වෙනත් යාත්‍රාවක් මෙම පිරිසට දිවයිනට ළඟාවීමට දුන් බවත්, ඔවුන් මේවන විට දිවයිනට පැමිණ ඇති බවත් එම පුවත් සේවය සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාවිද? (ම)
ගොඩබිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුදේ හිටියනම් අසරණ වෙන්නේ කොහොමද? දැන් ගොඩ බිමෙන් මීටර් 300 ක් පමණ දුරින් මුහුද ඓති (ම)
ලොකු පිනක් මේක! (නි)
මෙතන අපේ අර බටහිරවිරෝධී දේශපාලක මහත්තයා එහෙම හිටියා නම් ‘ආධාර එපෝ‘ කියලා මුහුදට පනිනවා හොඳටම විශ්වාසයි (නි)
ඔබ සැමට ස්තූතියි! (නි)
ඔවුන් කරගත් ලොකු පිනක්. (ර)
මම වෙනත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක දැක්කේ ධීවරියින් ගොඩබිම සිට සැතපුම් 300 ක් ඈතින් සිටි බවයි. (බ)
අනේ පව් අපේ අසරණ මිනිස්සු! (නි)