ශාන්ති කර්මයක් කරද්දී එක්දරු මවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ප‍්‍රධාන යකැදුරු සහ ගෝල කට්ටඬියන් තිදෙනා මේ මස 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කැරිණි.
රිමාන්ඩ් බාරයට පත් වූයේ එම්.එච්. විමලතිස්ස නොහාත් උපුල් තිස්ස(ප‍්‍රධාන යකැදුරු), ඒ.ජී. සුරේස් ප‍්‍රියන්ත අමරසුරිය සහ ඒ.ජී. නිල්ෂාන් උපේෂණය. ඔවුන් අනුරාධපුර නීරාවිය සහ නෙල්ලිකුලම ප‍්‍රදේශ වල පදිංචිකවරුන්ය.
අනුරාධපුර නෙල්ලිකුලමේ දේවාලයකදී ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර රෝගි කාන්තාවගේ කටට දෙහි ගෙඩි කිහිපයක් ඔබා ඇති බවත් පසුව කාන්තාව සිහිසුන්ව ඇදවැටී මිය ගොස් ඇති බවත් අධිකරණයේ දී කියැවිණි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අනුරාධපුර ඇලයාපත්තුවේ පී.දනූෂිකා තුෂාරි චන්ද්‍රරත්න (36) එක්දරු මවයි.
ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 (මිනී මැරීම) 298 (සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම) යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකැදුරාව නොවෙයි ඔය අවාසනාවන්ත කාන්තාවගේ පුරුශයාවයි අත්අඩංගුවට ගන්න වටින්නේ. ඇයි මෙහෙම දේවල් වලට කාන්තාවන් යවන්නේ? (නි)
මැටිපහන, මේක සුළු සිද්ධියක් වෙන්නේ කොහොමද. අපේ ජනතාව තාමත් ගල් යුගයේ අදහස් දැරීම කනගාටුවට කරුණක්. මෙවැනි යකදුරන්ගේ මායාකාරී විජ්ජාවල් නිසා දැනට ජිවත කියක් විනාස උනාද. (ර)
බෞද්ධ යයි කියාගත් රටේ ලොක්කත් කට්ටන්ඩියන්ගේ, සාත්තර කාරයන්ගේ පිහිට පැතූ එකේ සාමාන්‍ය ජනයා ගැන කවර කතාද? (ම)
මේවා රජය මගින් නීති විරෝධී කළ යුතුයි (බ)
අපේ අය නොදන්නවට ඇමෙරිකාව වගේ රටවලටත් අපිට වඩා මිත්‍යා දෘෂ්ටි (WICH CRAFT ) අදහන අය ඉන්නවා. රෝග සුව කරන්න කියල යාඥ කිරීමම මිත්‍යා දෘෂ්ටියක් නොවේද? (ර)
මට නම් මේ යාගහෝම ගැන කතා කණට ඇහෙනකොටත් යකා නගිනවා. ඕනෑම යකැදුරෙකුට මම කියනවා නුඹලා මෝඩ මිනිසුන්ව රවටලා කරන්නේ බොරුවෙන් බඩවඩා ගන්න එකයි කියලා. (නි)
මැටිපහන, ඔයාට මේක සුළු දෙයක්ද? (නි)
බුද්ධාගමත් මිත්‍යා දෘෂ්ටියත් එකට පටළවන එක හරිම වැරදියි. බුදු දහමේ උගන්වන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න කියලයි. මේවා මේ අඳබාල මිනිසුන්ගේ වැරදි මිසක් ආගමේ වැරදි නෙමෙයි. මේ ලෝකේ හරියට ආගම අදහන කී දෙනාද ඉන්නේ. (නි)
ලකාවේ බලි තොවිල් අංජනම් ආදී නාඩගම් නීතියෙන් තහනම් කළයුතුය. විද්‍යානුකූලව මේවායින් කිසිම සහනයක් නැති බවට සාධක ඇත. (නි)
අබේසිරි, බුදු දහම හැර අනෙකුත් කිසිම ආගමක් විද්‍යානුකූලව තහවුරු කළනොහැකි නම් එතකොට ෆෙන්ෂුයි වගේ දේවල්? ඇදහිලි විශ්වාස වලට අප ගරු කළයුතුයි. නමුත් ඒවා භාවිතා කරන්නන් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. (නි)
ඇමරිකාව කළත් වෙන මොන රටක කළත් යකැදුරන්ට, කට්ටඩියන්ට යැදීම් පැතීම් වලින් ලෙඩ සුවකළ හැකිනම් වෛද්‍ය විශේෂඥවරුන් වී අවශ්‍ය ප්‍රතිකාර සොයන්න යාම වැඩක් ඇති දෙයක්ද? කටට දෙහි ඔබා සිහිසුන්ව මියයාම සුළු දෙයක් ලෙසත් එය සිදුකළ කෙනා වීරයකු ලෙසත් සිතන අය ගැන බලවත් අප්‍රසාදයක් ඇතිවනවා (නි)
මේ වගේ සුළු සිද්ධියක් මුල් කරගෙන වීර යකදුරන්ට සහ ඔවුන්ගේ අධාරකරුවන්ට එරෙහිව පොලිස් හෝ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීම අපේ වටිනා සංස්කෘතියට හා රටට කරන කුමන්ත්‍රණයක් නොවෙයිද? (ම)
මොකද මේ වෙන්නේ අපිනම් ඕවට යන්නේ නැ. (ර)
ලංකාවේ මිනිස්සු නිරපරාදේ බලි තොවිල් පස්සේ යනවා. (බ)
අපේ මිනිසුන් කවදා නම් මේ මිත්‍යා විශ්වාසයන්ගෙන් මිදේවිද...?තාක්ෂණික අතින් මෙතරම් දියුණු යුගයක යකැදුරන් නම් නුගතුන් පසුපස ගොස් කරගත් විනාශයක මහත..?මෙවන් අවාසනාවන්ත සිදුවීම් මතුවටත් සිදු නොවීමට නම් වගකිව යුත්තන්ට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද...? (බ)
හරිම කණගාටුයි අදහස් ගැන.ශාන්ති කර්මයක් කියන්නේ වෛද්‍ය ක්‍රමයක් . එය නිවැරදිව සහ සුදුසු කෙනෙක් කළවිට නියම ප්‍රතිඵල ගන්න පුලුවනි. නවීන වෛද්‍ය ක්‍රම මගින් රෝගීන් අනන්තවත් මියයනවා. ඔව්න් ඒවා ලස්සනට සාදාරනීකරණය කරනවා... අපිටත් පොඩිකාලේ අපේ ගමේදී ශාන්ති කර්ම කොතෙක් කළ ද..ඒවා හරිම සුන්දර අත්දැකීම්...අත්තකහ මැතිරීම්, යාතිකා කිරීම් , බලි ඇරීම් හරිම සුන්දර අත්දැකීම . (අ)