හිටපු ඇමැතිවරයකු හා පරිපාලන නිලධරයකු වූ යූ.බී.විජේකෝන් මහතා (79) මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
ගුරුවරයකු ප්‍රාදේශීය ආදායම් නිලධරයකු හා පෞද්ගලික අංශ විධායක නිලධරයකු වූ ඔහු දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙසද කටයුතු කර ඇත.
ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ යාපනයේ දිසා ඇමැතිවරයා ද වූ ඔහු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ඇමැති ලෙසත් පේෂ කර්මාන්ත ඇමැති ලෙසත් ක්‍රියා කළේය.
2003 දී ඔහු සෝවියට් දේශයේ තානාපතිවරයා ද විය.
වැලිමඩ නැදෝවිට උපන් විජේකෝන් මහතා වැලිමඩ මහ විදුහලෙන් පේරාදෙණිය සරසවියට ඇතුළත්ව උපාධිය දිනා ගත්තේය.
විජේකෝන් මහතාගේ ඉල්ලීම පරිදි සිරුර පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපගේ වීරයෙකි (නි)
ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි! ඔබ මෙළොවට බිහිකළ මෑණියන් පින්වන්තියකි. ඔබට නිවන්සුව ලැබේවා යි හදවතින්ම ප්‍රර්ථනා කරමි ..!!! (ර)
ආදර්ශමත් දේශපාලඥයෙක්. ඔබතුමන්ට නිවන් සුව ! (ම)
ඔබට නිවන් සුව! (නි)
එතුමා මේ රටට හොද සේවයක් කළා එතුමාට නිවන් සුව පතමු (බ)
ඔබට නිවන් සුව අත් වේවා.(බ)
එතුමා දැන් ඉන්නා අන්ත දුෂිත දේශපාලනඥයන් හා ඔවුන්ට නොදෙවෙනි අන්ත දුෂිත රජයේ සේවකයන් මෙන් නොව රජයේ සේවකයකු හා දේශපාලනඥයකු ලෙස ආදර්ශවත් හා නොකැළැල් පුද්ගලයකු විය. සිංගප්පුරුවේ මවුන්ට් මේරි රෝහලේ හෝ අඩුගනනේ මහනුවර පුද්ගලික රෝහලක නොව මහනුවර මහ රෝහලේදී එතුමාගේ අභාවය සිදුවීමෙන් ඒ බව පැහැදිලි වේ. එතුමාට නිවන් සුව පතමි.එතුමා වැනි සරල දේශපාලනඥයන් මේ රටට යලි කවදා ලැබේද?(හේ)
නොකැළැල් චරිතයක් ඇති ඔබතුමාට නිවන් සුව පතමු! (නි)
මෙවෙනි පිරිසිදු චරිත රටට අහිමිවීම කණගාටු දායකි (ම)
ගෙවූ ජීවිතය ඉතාමත් නිරහංකාර වුවකි. ජේ.ආර් ජයවර්ධන මහතාට හමු වූ සම්පතක් විය. භවයේ කෙටි නවාතැනින් නිදහස් වූවාසේම භව ගමන කෙටිවී ජාති, ජරා,මරණයක් නැති අජරාමර නිවන්සුවය අත්වේවා!!! (බ)