(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි තමාට විශ්වාස බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එවූ ලිපියේ දැක්වේ.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා විසින් රැගෙන එන ලද එම විශේෂ ලිපියෙහි මෙසේද සඳහන්ය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් ඔබේ ජාතිය යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සහ පුනරුත්ථාපන කටයුතුවලදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි
අපගේ 'අසල්වැසියා පළමුව' ප්‍රතිපත්තිය සහ 'පළමු ප්‍රතිචාරකයා' යන කැපවීමට අනුකූලව, ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා අපි සාගර් බන්ධු මෙහෙයුම ක්‍රියාත්මක කළෙමු. ඉන්දියානු නැව්, ගුවන් යානා සහ හෙලිකොප්ටර් මගින් සහන සැපයුම් සහ හදිසි ද්‍රව්‍ය ගෙන එන ලදී. වෛද්‍ය හදිසි අවස්ථා හැසිරවීමට සහ තීරණාත්මක සම්බන්ධතා සහ සන්නිවේදනයන් යථා තත්ත්වයට පත් කිරීමට විශේෂිත ඉන්දියානු කණ්ඩායම් සේවයට යොදවන අතරතුර ඔවුන් ඔබගේ සෙවීම් සහ ගලවා ගැනීමේ උත්සාහයන්ට සහාය විය.
'සාගර් බන්ධු මෙහෙයුම' ශ්‍රී ලංකාවේ බොහෝ ජීවිත ස්පර්ශ කළ අතර එය අපගේ ගැඹුරු බැඳීමේ ප්රකාශනයක් ලෙස පුළුල් ලෙස වටහා ගැනීම ගැන අපි සතුටු වෙමු.
ශ්‍රී ලංකාව දැන් ඊළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසදායක සහකරුවෙකු සහ ගෞරවනීය මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට මම ඔබට සහතික වෙමි. අතීතයේ දී මෙන්, ශ්‍රී ලංකාවේ ජීවිත නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීමේදී අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටිමු. මෙම සන්දර්භය තුළ, ඉන්දියාව පුළුල් ආධාර පැකේජයක් ලබා දෙන බව මම ඔබට දන්වා සිටිමි. මෙම පැකේජය ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ඔබේ රජය සමඟ සාකච්ඡා කරන ලෙස මම අමාත්‍ය ජය ශංකර්ගෙන් ඉල්ලා සිටිමි.
ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි මට විශ්වාසයි. එම ගමනේදී සහ ජාතික සංවර්ධනය හා ප්‍රගතියේදී ඉන්දියාව සැම විටම ශ්‍රී ලංකාව සමග සිටිනු ඇත.
අතිගරු ජනාධිපතිතුමනි, මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ සහතිකය පිළිගන්න.
(නරේන්ද්‍ර මෝදි)

2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝදි අනුරට එවපු ලියුම මෙන්න