
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න සහ එච්.එම්.ධර්මපාල රත්මලාන)
සොයිසාපුර ආපන ශාලා හිමිකරුවකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කොට එහි ආහාර ගනිමින් සිටි කාන්තාවකට තුවාල සිදුකොට පළා යද්දී කොල්ල කෑ යතුරු පැදිය සිද්ධමුල්ල ප්රදේශයේ දමාගොස් තිබිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙඩික්කරුවන් පලා ගිය නිෂාන් වර්ගයේ මෝටර් රථය හා අතරමගදී පැහැර ගත් යතුරු පැදිය මෙසේ සොයා ගත් බව පොලිසිය පවසයි.
ආපන ශාලා හිමිකරු වෙඩි වැදුණු ස්ථානයේදී මියගිය අතර තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොරටුව සොයිසාපුර පින්නවල අප්පුහාමිලාගේ ලසන්ත කුමාර නමැති 49 හැවිරිදි ආපනශාලා හිමිකරුවකු බව පොලිසිය කියයි.
වෙඩි ප්රහාරයෙන් පසුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් පිළියන්දල දෙසට පලා යමින් සිටියදී මොරටුව විශ්ව විද්යාලය ඉදිරිපිටදී මාර්ගයේ ධාවනය යතුරු පැදියක් අනතුරට ලක්කොට පලා යද්දී පිළියන්දල සුවාරපොල බෝධිය අසලදී මෝටර් රථයේ ඉදිරිපස රෝදයේ හුලං ගොස් තිබේ.
පසුව වෙඩික්කරුවන් මෝටර් රථය අතහැර දමා මාර්ගයේ ධාවනය වූ කුඩා ලොරි රථයක් නවත්වන ලෙසට අණ කර ඇතත් එම ලොරි රථය නොනවත්වා ධාවනය කිරීම නිසා එහි රියදුරට වෙඩි තබා තිබේ.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ ලොරි රථ රියදුරු නොනවත්වා බොරලැස්ගමුව දෙසට යමින්ධාවනය කර පිල්ලෑව විහාරස්ථානය අසල ලොරි රථය දමා ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියි.
මේ අතර තුරදී මොරටුව විශ්ව විද්යාලය අසල අනතුරට ලක් කළ යතුරු පැදිය මෝටර් රථය පසුපස හඹා එද්දී සුවාරපොළ බෝධිය අසල වෙඩික්කරුවන් රැදී සිටිමින් අහසට වෙඩි තබා කුලි යතුරුපැදියක් නවත්වා එය පැහැරගෙන පලා ගොස් ඇති බවට විමර්ශන සිදුකරන පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් කුලි යතුරු පැදිකරු පිළියන්දල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරද්දී පැහැරගත් යතුරු පැදිය කොට්ටාව - ගල්කිස්ස මාර්ගයේ සිද්ධමුල්ල ප්රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට අතහැර දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd