(අංජුල මහික වීරරත්න)
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය වන සායනික පුහුණුව ලබා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ දී අද (15) ආරම්භ විය.
මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය, කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය නාගොඩ රෝහලේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විට වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය වන මහාචාර්ය ඒකක පහම කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපනය කර ඇති අතර ඒ සදහා අවශ්‍යවන අනෙකුත් මානව හා භෞතික සම්පත් ද රෝහලට ලබා දී ඇත. මහාචාර්ය ඒකක සදහා මේවන විට වෛද්‍යවරුන් විසිදෙදෙනෙක් සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය 2020 වර්ෂයේ ස්ථාපිත කර ඇති අතර මේවන විට ශිෂ්‍ය කණ්ඩායම් 5 කට අඳාළව වෛද්‍ය සිසුන් 500 ක ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරත වේ. එහි අවසන් වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් සිය දෙනෙකුට අවශ්‍ය වන මහාචාර්ය පුහුණුව ලබා දීම මෙසේ ආරම්භ විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මොරටු සරසවි වෙද පුහුණුව නාගොඩ රෝහලේ දී අරඹයි