
(සුජිත් හේවාජුලිගේ )
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය මොඩියුල ලියන ලේඛකයන් ඒවා සමාලෝචනය කරන සංස්කරණය සහ සෝදුපත් කියවන නිලධාරීහු ඇතුළත් වෙති.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වන රංජිත් ආරියරත්න කමිටුවේ වාර්තාව බොහෝ දුරට එන සතියේදී භාරදීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජාතික අධ්‍යාපනායතනයේ මොඩියුල ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් සමග ඊයේ ( 16) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා විමර්ශන වාර්තාවලින් අනාවරණය වන තොරතුරු මත සුදුසු විනයක් ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd