IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෙහෙම ගියොත චීනයත් නැති වෙයි

(ඩයනා උදයංගනී)

ආණ්ඩුව මේ අවස්ථාවේ ඔලුව පාවිච්චි කර වැඩනොකළොත් ශ්‍රී ලංකාවට චීනයත් නැතිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අවසරය මත චීනයේ සිට හම්බන්තොට වරාය දක්වා පැමිණීමට නියමිතව තිබූ යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලුකාරී තත්වය රටට අහිතකර හා පාඩු නොවන ලෙස ආණ්ඩුව විසඳාගනු ඇතැයි විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

තම රජයෙන් පසු බලයට පැමිණි රජය ද ජපානය ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බව කී හිටපු ජනාධිපතිවරයා මෙය රටේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් බවත් ශ්‍රී ලංකාවට ලොව සෑම රටක්ම වැදගත් බවත් කීවේය.

වත්මන් විදේශ කටයුතු ඇමති අලි සබි්‍ර මහතා ඉතා හොඳ මානවවාදී උගත් අයෙක් වුවත් අමාත්‍යාංශ නිලධාරීන් මෙම නෞකාවට අවසර දී ඇත්තේ අමාත්‍යවරයාගේ අවසරය හෝ නොමැතිව බව දැනගන්නට ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වර්තමානයේ දී නව තාක්‍ෂණය සමඟ මාධ්‍ය ඉතා බලවත් වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා අතේ සතයක් නොමැතිව රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආ ගමන්ව ජනාධිපතිධූරයට ගෙනආවොත්, අන්තිම කාලයේදී තමන් නැත්තට නැති කළේත් සමාජ මාධ්‍ය බව ද පැවසීය.

තරුණයින් නායකත්වය ගත් අරගලයට ලක්‍ෂ ගණනාවක් එකතුකළේත්, රටේ පාලකයා රටෙන් පිටකිරීමට තරම් ශක්තියක් ගොඩනැගුවේත් ජංගම දුරකතනයෙන් බව ද හෙතෙම කීවේය.

ආණ්ඩුව කොයිතරම් හොඳ වුණත් ජනතාවට එය නරක් කර පෙන්වන්නත්, ආණ්ඩුව කොයිතරම් නරක් වුණත් හොඳම ආණ්ඩුව කරලා පෙන්වන්නත් මාධ්‍යයට හැකි බව ද සිරිසේන මහතා පැවසීය.



අදහස් (12)

මෙහෙම ගියොත චීනයත් නැති වෙයි

shalitha herath Thursday, 11 August 2022 01:38 PM

පාස්කුව මතකද එකෙන් අත පිහිදාගන්න ඔයාට බැහැ.මතකද ලෝකේ රටවල කුඩා දරුවන්ගේ සිට හෝටල් වල තිබී මළකුණු හොයා ගත්තා ඔයාට බැහැ ලොකේ රටවල් වල මිත්‍රකම් ගැන කතා කරන්න.අපිට අමතක නැහැ ඔබගේ කල්ක්‍රියාව.දැනට ඔහොම යමු...

:       5       17

Mo77 Thursday, 11 August 2022 01:49 PM

ශ්‍රී ලංකාවේ රජයේ ආයතන වල ඉහලම නිලධාරීන් පුරවැසියන් හෝ විදේශ රටක ස්ථිර පදිංචිකරුවන් හෝ ඔවුන්ගේ පවුල්වල උදවිය පුරවැසියන් හෝ ද්විත්ව පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන්, එසේත් නොමැති නම් ඔවුන්ගේ දරුවන් විදේශ අධ්‍යාපනය හදාරන අතර එම රටවල පදිංචිය බලාපොරොත්තු වෙනවා. මෙම ඉහළ රජයේ නිලධාරීන් ඔවුන්ගේ විශ්‍රාම සුවය සලස්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඒ රටවලයි. මොවුන් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය තකා වැඩ නොකරන අතර මොවුන්ගේ අභිප්‍රාය තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයි. මෙම නිලධාරීන්ගෙන් රටට සිදුවෙන අකටයුතුකම් දේශපාලනඥයන්ට වඩා වැඩියි. රාජ්‍ය වංචා ගත්තොත්, වංචා කළ මුළු මුදල ඒකත් දේශපාලනඥයන්ට වඩා වැඩියි. මෙම ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ අකටයුතුකම් පරික්ෂා කිරීමට තවත් නිලධාරීන් පත් කිරීමටවත් නිලධාරීන් නෑ. ඔබට රටේ තත්වය මේකෙන් දැනගන්න පුළුවන්. ගොඩ ඒමක් නෑ.

:       1       15

anura Thursday, 11 August 2022 01:54 PM

ඔබතුමා කියන්න මොකක්ද දැන් කරන්න ඕනේ කියලා?

:       1       16

sam Thursday, 11 August 2022 04:06 PM

බුදු අම්මෝ ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් කෝටි ගණන් හොරාකාපු අයත් බකතපස් වෙලා... අත් දෙක බැඳගෙන භාවනා කරනවද?

:       0       4

Vijitha Thursday, 11 August 2022 05:55 PM

ලංකාවේ ජනමාධ්‍ය නෑ. ජඩ මාධ්‍ය තියෙන්නේ.

:       0       6

ganegoda Friday, 12 August 2022 11:28 AM

එකනෙ අපි " ලංකාදීප පත්ත්‍රෙ " විතරක් කියවන්නෙ !

:       1       1

de silva Thursday, 11 August 2022 07:51 PM

ඔබතුමාට ලැබුණු ජනපතිකම ජනතාවට ඡන්දෙට කළින් පොරොන්දු වූ ආකාරයට ඉෂ්ථ කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඔබත් දැන් එනවා උපදෙස් දෙන්න. චීන යුද නැව් අපිට එපා... අසල්වැසියා තරහ කරගෙන යුක්‍රේනයට වෙලා තියෙන දේ පේනවා නේද?

:       1       4

chandima Thursday, 11 August 2022 10:41 PM

maga sitiyoth tho nasi. gedara giyoth ambu nasi. mehema giyoth apata chine nathiwenawa. cineth ekkala api ekathu wunoth chine nathiwenawa.

:       1       1

Ajith Friday, 12 August 2022 07:14 AM

මේ තමයි 2018 ඔක්තෝබර් මහින්ද අගමැති කරලා අද රට මේ තත්වයට පත්කිරීමට මුල්ගල තිබ්බ මනුස්සයා.. එහෙම කරපු මේ රටේ ව්‍යවස්ථාව ගැන නොදන්නා මෙයා මොනවා දැනගෙනද ලෝක දේශපාලනය ගැන කතා කරන්නේ?

:       0       2

Colin Friday, 12 August 2022 09:28 AM

Do not worry it, it' s fortune for the country. Now it's enough. What they have done with the foolish and stupid politicians.

:       0       1

මරිසිපාල Friday, 12 August 2022 10:34 AM

ඔහේල කොරපු දේවල් නිසා ලංකාවට චීනය නැතිවුණාට චීනෙට ලංකාව තියෙනවා ලොක්කන් ඒකනේ එපා කියද්දී උන්ගේ නැව් අපේ රට වටේ කරක් ගහන්නේ

:       0       0

ganegoda Friday, 12 August 2022 11:44 AM

අවුරුදු 100කට ලන්කාවෙ වරායක් චීනයට බදු දුන්නහම, චීන නැව් අපෙ රට වටෙ ගමන් කිරීම පුදුමයට හෙතුවක් වෙන්න බැහැනෙ... අත්තටම අද අපේ රට වැටිල තියන අගාදයෙන් ගොඩ ගන්නනම් , අපි තව හුන්ගාක් චීනයට සමීප විය යුතුයි. " චීනය අපිට හුන්ගාක් උදව් උපකාර කරපු රටක් " බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව " ! එ කාලෙ චීනය එ තරම් දියුනු සශ්‍රීක රටක් නොඋවත් අපිට උදව් කරල තියනව නේද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 158 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 485 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 338 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 425 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 974 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1736 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site