
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 08 ක අද (19) අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් ජනතාව රජයේ පාසල්හි තාවකාලිකව රැඳී සිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පාසල් 08 ක අධ්‍යාපන කටයුතු අද දින නොපැවත්වෙන අතර අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි පාසල්ව 08 පවුල් 341 කට අයත් පුද්ගලයින් 1039 දෙනෙකු තාවකාලිකව අද දින රැඳී සිටින බවටද ආපදාකලමනාකරන නිලධාරීන් පෙන්වා දෙයි.
ඒ් අනු අදාල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයන් දෙකේ පිහිටි මණ්නංකණ්ඩාල් පාසල, ඉරුත්තුමඩු පාසල, නෙතලියා ප්‍රාතමික විදුහල, කරුවෙලන්කණ්ඩාල් පාසල, කූලා මුරිප්පු පාසල, මුත්තියන්කට්ටු දකුණ පාසල, පේරාරු දෙමළ පාසල, බණ්ඩාරවන්නියන් පාසල්වල අධ්‍යාපන කටයුතු මෙලෙස අද දිනයේදී නොපැවත්වෙයි.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට