IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස

(විමුක්ති එස් රුද්‍රිගු)

මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකල සමාව දානය කිරීමේදී නිදහස් කර ගැනීමට හැකි වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මෙම ශ්‍රී ලාංකියයන් නිදහස් කරගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කීපවතාවක්ම මියන්මාර හමුදා රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බව තානාපති ජානක බණ්ඩාර මහතා පැවැසුවේය.මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මියන්මාරයේ රාජ්‍ය නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් ආවුන්ග් ලායින්ග් පසුගිය මාර්තු 4 වැනිදා මුණ ගැසුණු අවස්ථාවේ එම ශ්‍රී ලාංකිකයන් 15 දෙනා නිදහස් කර ගැනීම සඳහා පුද්ගලිකව ඉල්ලීමක් කළ බවත් තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඉහත උත්සාහයන් සියල්ලගේම ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් 15 දෙනා මුදා ගැනීමට හැකියාව ලැබුණු බවත් ඉදිරියේදී එම ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට කටයුතු කරන බවත් තානාපතිවරයා පැවැසුවේය.

මියන්මාර මුහුදු සීමාවට නීති විරෝධිව ඇතුළු වීම හේතුවෙන් රයන් පුතා සහ ලෝරන්ස් ධීවර නෞකා දෙක සහ එහි සිටි ධීවරයන් 15 දෙනා මියන්මාර බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.පසුව එම ධීවරයන් වරද පිළිගැනීම හේතුවෙන් වසර 7 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් එම ධීවරයන්ට නියම විය.



අදහස් (0)

මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා
2024 අප්‍රේල් මස 30 328 4

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නා


අකුණු සැරින් අයියා නගෝ මරුට
2024 අප්‍රේල් මස 30 723 0

මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස්


සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති
2024 අප්‍රේල් මස 30 449 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්


අකුණු සැරෙන් අයෙක් මරුට
2024 අප්‍රේල් මස 30 139 0

මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.


පොලිස් ගාඩ් පි‍ට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන
2024 අප්‍රේල් මස 30 393 0

දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිව


අනියම් පෙම මන්නා පහරින් කෙළවර වෙයි
2024 අප්‍රේල් මස 30 843 1

ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 397 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1794 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site