(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම අල්ලා ගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති.
වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙස අක්කර භාගයක පමණ පෞද්ගලික ඉඩමක් අල්ලාගෙන කොන්ක්‍රීට් කණු සවිකර තිබෙන බව ද ඔවුහු පවසති.
එමෙන්ම නිවාඩු දිනවලදී බැකෝ යන්ත්‍ර යොදාගෙන එසේ අල්ලාගත් ඉඩමේ හෝටලයක් ඉදිකරනවාට අමතරව පස් හාරා නියරවල් දමා ගොවිතැන් කිරීම සඳහා බිම් සකසන බව ද ජනතාව චෝදනා කරති.
මේ වනවිට වසම භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිවරිය හරහා ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කර ඉදි කිරීම් තාවකාලිකව නවතන ලෙස ලිඛිතව එම ඉඩමේ හිමිකාරිනියට ලිඛිතව දන්වා තිබෙන බවත් ඊට අමතරව ඉඩමට ඇතුළුවන ස්ථානයේ දැන්වීමක් අලවා ඇති බවත් ගොවීහු පෙන්වා දෙති.
මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලය ද බැකෝ යන්ත්‍ර යොදවා ගෙන මීට පෙර සූක්ෂම ලෙස අල්ලා ගත් වැව් තාවල්ල හාරා පස් ගොඩවල් ගසන බවට ද ඔවුහු චෝදනා කරති.
විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිරන්තරයෙන් මෙම ඉඩමේ රැඳී සිටිමින් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පදිංචිකරුවන්ට ද බලපෑම් එල්ල කරන බවත් ඇතැම් අවස්ථාවල මෙම කම්බි කණු පොලිසියට අයත් ජීප් රථවලින් රැගෙන ඒම සිදුකළ බව ඔවුහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහ.
ඔහු මෙම ඉඩමට පැමිණෙන අවස්ථාවල රථ වාහන පොලිසියේ නිලධාරීන් යතුරු පැදිවලින් ඉඩමට පැමිණෙන බවට ද චෝදනා කරති.
ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විජේ ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ගේ ඥාතී කාන්තාවක මෙම ඉඩම මිලදී ගෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි.
තමන් කිසිදු ආකාරයකින් රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන් යොදවා හෝ නීති විරෝධී කිසිදු ක්‍රියාවක් නොකළ බවත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද මීට පෙර නිලධාරීන් සහ පොලීසිය මැදිහත් වූයේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුරට දික් ගැස්සෙන්නේ නැති බවත් සඳහන් කළේය.
මෙම ඉඩමේ හිමිකාරිය බව කියන භද්‍රා කුමාරි මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ ඇය සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් මිලදීගෙන සංවර්ධන කටයුතු සිදු කරන බවය.
ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති පරිදි ඇය ඉඩම් ඇල්ලීමක් හෝ වැට ගැසීමක් හෝ සිදු කර නැති බව ද තමන්ට හිමි ඉඩමේ වගා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දැමීම සිදු කළේ යැයි ද ඇය සඳහන් කළාය.
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ දී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති බැවින් එම මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය ඉතා අනතුරුදා
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.
දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු
ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.
15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිස් ගාඩ් පිට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන
Perera Tuesday, 30 April 2024 02:11 PM
ලංකාවේ නීතිය අවනීතිය වෙලා .... අවනීතිය දැන් නීතිය වෙලා
රාලහාමි Tuesday, 30 April 2024 04:33 PM
ඔය පොලිස් පාට් මේ අවුරුද්ද අවසන් වෙනකොට ඉවරයි නෝනේ..., ඊට පස්සේ ඔයගොල්ලෝ බලුවෙනවා.