IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මියගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරු උපවාසයක

(බී. ජී. චතුරංග )

යුද්ධයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සෙබළුන්  පිරිසකගේ බිරින්දෑවරුන් පිරිසක්  අද (13) මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක රණවිරු ස්මාරකය ඉදිරිපිටට පැමිණ  උපවාසයක නිරත වූහ.

යුද්ධයේදී මිය ගිය තම ස්වාමි පුරුෂයන් වෙනුවෙන් ලබාදුන් මාසික පාරිතෝෂිකය අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු ගෙවීම නවතා දමා විශ්‍රාම වැටුපක් නොගෙවෙන බව පවසමින් මෙම පිරිස උපවාසයේ නිරත වූහ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් මියගිය සිවිල් ආරක්ෂකයන් 545 සදහා  ඔවුන්ගේ අවුරුදු 55හේ වයස් සීමාව සම්පූර්ණ වන තෙක් මාසිකව වැටුපක් ලැබුණත්,  එය 55 පසුව නොලැබීම නිසා 2016 වර්ෂයේ පමණ සිට ජීවිතක්ෂයට පත් වූ සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ  යැපෙන්නන් මෙතෙක් දැඩි පීඩාවන් විඳිමින් දිවි ගෙවන බව ඔවුහු පවසති. 

යුද්ධයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන් අතුරෙන් විශ්‍රාම වැටුපක් ලැබීමට දැනට හිමිකම් කියන්නේ 291 දෙනෙකු බවත් වත්මන් රජය බලයට පත් වූ පසුවද මේ පිළිබඳව දැනුවත් කිරීම් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන් උපවාසයේ නිරත වන බව එම පිරිස් පැවසූහ.

 



අදහස් (0)

මියගිය සිවිල් ආරක්ෂක සෙබළුන් පිරිසකගේ බිරින්දෑවරු උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site