( ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

ඇතිවූ තදබල සිත් අමනාපයකින් නිවසින් පිට වු බවට අනාවරණය වූ ගුරුවරියකගේ මළ සිරුර කළුතර දකුණ  වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දිනකට පසු හමු වූ බව   කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි .

මෙලෙස මියගොස් ඇත්තේ මොරගහහේන  මහා විද්‍යාලයේ  ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කරන බණ්ඩාරගම වීදියගොඩ කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නදීෂානි තරංගිකා අමරනායක (42)නම් ගුරුවරියයි.

 ඇය එක්දරු මවක් වන අතර ඇයගේ සැමියාද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන  නර්තන ගුරුවරයෙකි.