IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැල්සිරිපුර අනතුරට මැතිසබයත් දුක්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැල්සිරිපුර පන්සියගම නා උයන ථේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදුවූ  හදිසි අනතුරින්  ස්වාමීන් වහන්සේලා  හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කරන බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී අද  (25) පැවසීය

ඔහු මෙසේ පැවසුවේ අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත්  කළ අවස්ථාවේදීය.

සුනිල් සෙනවි මහතා මෙසේද ප්‍රකාශ කළේය.

මේ සිද්ධියෙන් තවත් හය නමක් තුවාල ලබලා තියෙනවා. එයින් දෙනමක් දැඩි සත්කාරයෙ  ප්‍රතිකාර ලබනවා. අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රජය  සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කර සිටිනවා. එම භික්ෂූන් වහන්සේලාගෙන් සිවු  දෙනකු ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා.

තුන්නමක් විදේශීය ස්වාමීන් වහන්සේලා. මල්වානේ ගම සමිද්ධි හිමි, නාවලපිටියේ උත්තරානන්ද හිමි, නුගේගොඩ විපස්සී හිමි, උඩවලවේ ශාන්ත සුමන හිමි   ලංකාවේ භික්ෂූන් වහන්සේලා සිව් දෙනා. ඒ වගේම රුමේනියානු ජාතික ධම්මරන්සි හිමි, රුසියාවේ ධම්මරක්ඛිත හිමි, ඉන්දියාවේ ධම්ම ගවේෂී හිමි විදේශීය භික්ෂූන් තිදෙනා.

මේ තොරතුර ලැබුණු වෙලාවෙ ඉඳලාම අපි මැදිහත්වීම් කළා. නියෝජ්‍ය ඇමති  ගමගෙදර දිසානායක ඒ ස්ථානයට පිටව ගියා. වයඹ ආණ්ඩුකාරතුමා වයඹ සෞඛ්‍ය ලේකම්තුමිය අදාල වෛද්‍යවරුන්  කඩිනම් මැදිහත්වීම් කරලා තියෙනවා.

විදේශීය භික්ෂූන් වහන්සේලාගේ අවසන් කටයුතු මේ රටේදීම කිරීමට ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් ඉල්ලීමක් කරලා තියෙනවා.  දැන් ඒ අවශ්‍ය කටයුතු කෙරෙමින්  තිබෙනවා. ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේලාට නිරෝගී  සුවය ප්‍රාර්ථනා කරනවා. අද රාත්‍රී ආදාහන කමිටුව රැස්වෙනවා. රජය මේ සම්බන්ධයෙන් ඉහළම මැදිහත්වීම කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

අපවත් වූ වදාළ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ශෝකය සංවේගය පළ කර සිටිනවා. අපිත්  ඒ ආරණ්‍ය සේනාසනයට ගොස් දාන මාන කටයුතු වලට සහභාගි වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අගය කොට සලකනවා. අපේත් අවශ්‍ය සහයෝගය  දෙනවා.



 

 

 



අදහස් (0)

මැල්සිරිපුර අනතුරට මැතිසබයත් දුක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32252 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14731 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 76 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 352 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1273 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site