(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (03) පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.

ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වීමට මුලින් තීන්දුවී තිබුණද එම යෝජනාව සංශෝධනය කිරීමට විපක්ෂය එකඟ නොවීම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් තබා මෙම කල්තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී මෙම තීරණය ගෙන ඇත.