IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මැද පෙරදිග සැඟව සිටින මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක

(සුජිත් හේවාජුලිගේ)

මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහතා පැවසීය.

ආණ්ඩුවෙන් සමාව ලබාගෙන ඉන් ඉවත්වීමට සූදානම් බවද එම හත්දෙනා ප්‍රකාශ කළේ යැයි කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ස්ථාන පවා ප්‍රකාශයට පත් කළ බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීම සඳහා වන රටම ඒකට ජාතික මෙහෙයුම් වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට සහභාගි වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවත් සියලු දෙනා පක්ෂ පාට අමතක කර රට වෙනුවෙන් මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීමට උදව් විය යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ඒ සඳහා බවත් විෂ මත්ද්‍රව්‍ය මුණුනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික වැඩසටහනේ මෙහෙයුම්කමිටු නොකඩවාම රැස්වී අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු බවත් ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (7)

මැද පෙරදිග සැඟව සිටින මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක

ලොක්ක Sunday, 09 November 2025 05:11 PM

කෝටියක් දුන්නත් මාරු වෙන්න බැරි බව කුඩු මුදලාලි දන්නවා, හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බදාගන්න පොරවල් නැති බව දන්නවා...

:       15       33

cham Sunday, 09 November 2025 05:34 PM

මොකද්ද බං ඔය හෙලිකොප්ටරේ කථාව? ඔබලා හැමතැනම කොට කොට යන...

:       7       19

පිටරැටියා Sunday, 09 November 2025 06:55 PM

මීගමුවේ කුඩු ලන්සාව මහින්දයා ගිහින් උම්මා දීලා බදාගෙන ලෝකෙටම ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි කව්ද නොදන්නේ...?

:       7       8

සඳමාලි Sunday, 09 November 2025 06:15 PM

පදනමක් නැති කතා කියමින් රට පුරා යෑම ලොක්කන්ගේ සිරිත වන අතර සොක්කන් කරනුයේ ඒවා රැගෙන තම තම හැකි පමණින් සමාජ මාධ්‍යයේ කොට කොටා යෑමයි.

:       5       11

පාල Sunday, 09 November 2025 08:09 PM

කුඩු ගහන අය සෙට් එකක් කුදලං එයි. කුඩු ජාවාරම් කරන අය කවද්ද බාර වුනේ...!

:       3       11

ARUNA Sunday, 09 November 2025 08:19 PM

ඩෝබිලාට මේවා මැජික් වුනාට හරි හමන් විදියට පොළොවේ පය ගහපු මිනිස්සුන්ට නම් මේකෙන් පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ අතදරු භාවයයි... කුඩ්ඩන් ගැන හරි හමන් දැනීමක් නොමැති බවයි. ඔවුන් කරන්න හදන්නේ කාලයක් ෂේප් ඒකේ ඉදලා හොදට හැම තැනම යන්න එන්න පරිසරය හදන් කාලෙ වේලාව බලලා ආයේ බිස්නස් පටන් ගන්නා එකයි. අනික කොහොම බාර වුණත් සමාවක් දීලා හරියන්නේ නෑ. දැන් ඒ ටික එයා පෝට් ගිහින් මල් මාලා දාලා පිළිගනියි. අනික අතේ පැලවෙන හෙල්කොප්ටර් කතාව තවත් ඇත්ත කරන්න රාජ්‍ය මට්ටමින් දගලන දැගලිල්ලෙන්ම මිනිස්සු වටේ යවන එක තවත් නවත්වලා නෑ කියලා තේරෙනවා...

:       2       9

රනේ Sunday, 09 November 2025 08:56 PM

දැන් තියෙන්නේ නියම ආණ්ඩුවක්. පාල, අරුණ කල්ලිය දැකල නැති සහ හිතන්නවත් බැරි එකක් ඒක හොඳේ..

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site