(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් "ගෝඩ් ෆාදර්" කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතු යැයි ද සභා නායකවරයා කීය.
වේත්‍රධාරීවරයා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(05)පෙරවරු 9.30ට රැස්විය.
කථානායකවරයාගේ නිවේදන සහ ලිපි ලේඛනාදිය පිළිගැන්වීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය ඇරැඹිණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා:-
දේශබන්දු තෙන්නකෝන් වැරදිකරුවෙක් බව අදාළ පාර්ලිමේන්තු කමිටුව විසින් තීරණය කර තිබෙනවා.ඒ තීරණය ගත්තේ අත්දැකීම් බහුල විනිසුරුවරුන් තිදෙනකු විසින්.පොලිස්පති ධුරය දැරීමට නුසුදුස්සකු වූ දේශබන්දු අදාල තනතුරට පත්කිරීම නිසා පාර්ලිමේන්තුවට මේ තීරණය ගැනීමට සිදුවී තිබෙනවා.දේශබන්දුට එල්ල වී ඇති චෝදනා රාශියක් තිබෙනවා.පෝද්දල ජයන්ත මහතා පැහැර ගෙන ගොස් විමර්ශන හරියාකාරව සිදු නොකිරීම,ජනාධිපති උපදේශකයකුව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදුවන අවස්ථාවේදී දුමින්ද සිල්වාගේ වාහන පෙළ අසල දේශබන්දුගේත් වාහනයක් තිබූ බවට සාක්ෂි ලැබී තිබුණා. එමෙන්ම මොහුට පුද්ගලයන්ට වද හිංසා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන්ද මූලික අයිතිවාසිකම් නඩු වලදී වරදකරු කර තිබෙනවා. කටුවාපිටිය ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන්ද දේශබන්දුට විනයානුකූලව කටයුතු කරන ලෙස අදාළ විමර්ශන කොමිසම නිර්දේශ කර තිබෙනවා. අරගල ස්ථානයට පහරදීමට කලහකාරීන් පැමිණි විට ඒ ස්ථානයේ දේශබඳු තෙන්නකෝන් සිටි නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට ඔහු කටයුතු නොකළ බවටද තහවුරු වී තිබෙනවා. ඇරැඹුමේ සිටම විෂමාචාර්ය ක්‍රියා රැසකට වගකිව යුතු අප රටේ අප අපකීර්තිමත්ම පොලිස් නිලධාරියකු වූ පොලිස්පතිවරයා මෙලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ)
දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ගැන අපට කිසිම ගැටලුවක් නැහැ.ඔහු පොලිස්පති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළ විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම කබීර් හෂීම් ද විරුද්ධව ඡන්දය දුන්නා.
එදා ව්‍යවස්ථා සභාවේ නීති විරෝධීව මෙය සම්මත කරගත්තා. දේශබන්දු පොලිස්පති කළ පසුවත් අප අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගත්තා. එදා තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරු තුන්දෙනෙක් විපක්ෂ හිටියා. ඒ අය උසාවි ගියාද?එදා ඔවුන්ගේ ඩීල් තිබුණා. උසාවි නොගියේ ඒක නිසා තමයි.හැම දේකටම උසාවි ගිය තමුන්නාන්සේලා දේශබන්දුගේ පත්වීම නවත්තන්න උසාවි ගියේ නෑ.දේශබන්දු බිලිබෝයි වුනේ එදා දේශපාලකයන්ගේ වුවමනා ඉටුකරන්න ගිහින්. නමුත් අද ඒ දේශපාලන අධිකාරිය බේරිලා තියෙනවා.දැන් ඒ දේශපාලන අධිකාරිය ගැන කතාවක් නෑ.දේශපාලකයන්ගේ වැරදි තීන්දු ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට දේශබන්දුට වූ සිද්ධිය හොඳ පාඩමක්.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා:-
දේශබන්දුගේ සමස්ත කළු ඉතිහාසය අප විවරණය කරගෙන තිබෙනවා. නීතියේ විධානයේ ආධිපත්‍ය නැත්නම් මිනිස්සුන්ට සදාකල් වේදනා විඳින්න සිදුවෙනවා. අරගලයෙන් දුන්න පණිවිඩය ඒකයි.අප ඒ කාරණය තේරුම් ගෙන තිබෙනවා.අද වනතුරු ජනතාව කිසි කෙනෙක් අපේ ඇමතිවරු නීතියට උඩින් සිටිනවා යැයි චෝදනා කරන්නේ නැහැ. සියලු දෙනා නීතියට යටත් විය යුතුයි.අප අලුත් දේශපාලන සංස්කෘතිය ගේන්න උත්සාහ කළත් කඩා වැටුණු සුන්බුන් විපක්ෂය අප දෙන යහපත් පණිවිඩය, යහපත් සංස්කෘතිය බාරගන්න බවක් පේන්න නෑ. නීතියේ විධානයේ ආධිපත්‍යය කියන්නේ සුදු වෑන් එකකින් ගිහින් මිනිසුන් උස්සන එකද? තුනෙන් දෙකක් තියෙනවනේ, ඇයි අත ගගා ඉන්නේ කියලා ඇතැමුන් අපට කියනවා. ඒ ක්‍රමය වැරදියි. බලය තියෙන අය ඒ වැනි දේවල් අතීතයේ කළා තමයි. නමුත් අප එලෙස කටයුතු කරන්නේ නැහැ.අප නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි විපක්ෂයේ ඇතැම් සුන්බුන් අපට චෝදනා කරනවා.දේශබන්දුගේ යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණයි. එයින් අහිංසක මිනිසුන්ට බොහෝ අතවර සිදුවුණා. ඒ ගැන පැමිණිලි අපට බොහෝ ලැබෙනවා.බය නැතුව වැඩ කරන්නැයි අප රාජ්‍ය නිලධාරීන්ට කියනවා. සද්භාවයෙන් වැඩ කරන තෙක් අප රජය ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.අතකොලු කිහිපයක් නිසා සමස්ත රාජ්‍ය නිලධාරීන්ට කැළලක් ඇතිවෙනවා.
පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ)
මේක අධිකරණයේ පවතින නඩුවක්.අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා.ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා.දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා.මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා.හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ.
දිසා අධිකරණයට ඉදිරිපත් කරපු චෝදනා පත්‍රය ගෙනවිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.මේ විවාදය නිසා අධිකරණ ක්‍රියාවලියට හානියක් වන්නේ නැතැයි කතානායකවරයා ප්‍රකාශයක් කළ යුතුව තිබුණා. එහෙම ක්‍රියාවලියක් තිබියදී ඒ ක්‍රමවේදයෙන් පිට යන්නේ ඇයි? කලින් අය වරදක් කරලා තියෙනවා නම් ඒ වරද ඊටත් වඩා හොඳට ඔබතුමාලා කරනවා.සිද්ධාලේප ගාපු කතාවක් දැන් කිව්වා. එහෙම ගෑවේ කාගෙද? කොහෙද? කවුද දැක්කේ කියලා කියන්න. පරීක්ෂණ කරන්න එපා ,තීන්දු ගන්න එපා කියලා අප කියන්නේ නැහැ. හැබැයි පරීක්ෂණ සාධාරණව කරන්න. මේ පොලිස්පතිවරයා කියන්නේ එක් පුද්ගලයෙක් පමණයි.හැබැයි ක්‍රමවේදයට හානි කරන්න එපා.අනෙක් පැත්තෙන් මරණාධාර සමිතියේ සිට යෞවන සමාජය දක්වා හැම දෙයක්ම දේශපාලනීකරණය කරමින් ඉන්නවා.පාර්ලිමේන්තුව ඒකාධිපති පාලනයකට ගෙන යන එක නවත්තන්න.ඒ වගේම රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම මර්දනයකට ලක් කරලා.නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔබේ දේශපාලන අරමුණක් අනුව නම් එය සාධාරණ නැහැ.අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අප මේ විවාදයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටිනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා:-
අපි රටේ පිළිගත් නීතිය අනුව මේ නිලධාරියා ඉවත් කරන්නේ හිටපු අගවිනිසුරුවරිය අනීතිකව ඉවත් කළ උදවිය අද අපට ඇඟිල්ල දිගු කරනවා.එදා අගවිනිසුරු ඉවත් කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. මෙම දූෂිත වංචනික කෲර නිලධාරියා ආරක්‍ෂා කිරීම සඳහා මොවුන් දරන උනන්දුව ගැන පිළිතුර ඉදිරි කාලයේදී ලබා දෙනවා.යුක්තිය මෙහෙයුමේදී තරුණයන් තිස්දාහකට අධික පිරිසක් අත් අඩංගුවටට පත්වුණා.යම් ලිස්ට් එකකට අනුව ඒ අත්අඩංගුවට ගැනීම් සිදුවූ බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. අප ඒ ගැන කටයුතු කරමින් සිටිනවා.ඒවාට වගකිව යුත්තේ මෙවැනි දූෂිත පොලිස් නිලධාරීන්. මම නියෝජ්‍ය ඇමති වූ පසුව දෙවතාවක් දඩ කොළ ගෙවා තිබෙනවා.අප අපේක්ෂා කරන්නේ එවැනි සංස්කෘතියක්. දැන් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙමින් තිබෙනවා.අප සමස්ත නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ.සුළු දෙනෙකුගේ වැරදි නිසා සමස්ත පොලිස් නිලධාරීන් ඇතුළුව සමස්ථ විධායක නිලධාරී ක්ෂේත්‍රයට බලපානවා නම් ඒ දූෂිත පුද්ගලයන් ඉවත් කිරීම සඳහා අප කටයුතු කළ යුතුමයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
පැහැදිලිවම අප මේ යෝජනාවට පක්ෂයි.වර්තමානය මෙන්ම අතීත ක්‍රියාදාමයන් ගැනත් සොයා බැලිය යුතුව තිබෙනවා.සමගි ජන බලවේගයේ අප අපේ ක්‍රියාවන් තුළින් වර්තමානයේ පමණක් නොව අතීතයේ සිටම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට නුසුදුසුය යන ස්ථාවරයේ සිටියා. කාලෙකදී ඒවා ගැන කතා නොකර ඉන්නත් එය මගහරින්නටත් අප කටයුතු කළේ නැහැ.පොලිස්පති ධුරය සඳහා මොහුගේ නම ව්‍යවස්ථා දායක සභාවට පැමිණි විට 2024 පෙබරවාරියේ අප ඊට එක හෙලාම විරුද්ධ වූනා.එදා ජේ.වී.පී එකේ ස්ථාවරය වුණේ මොකක්ද?ඔවුන්ට ස්ථාවරයක් තිබුණේ නැහැ. නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නීතිය උල්ලංඝනය කරමින් එදා පොලිස්පති පත්කරන විට ජේවීපී සහ එන්පීපී එදා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයිදැයි අප දැනගන්න කැමතියි. මේ ක්‍රියාවට එරෙහිව අප එදා අධිකරණයටත් ගියා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා:-
ඉතිහාසයේ පළමු වතාවට නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ පොලිස්පතිවරයා ඉවත් කරනු ලබනවා.පොලිස් රාජ්‍ය සේවයේ තියෙන්නේ වෙනත් රාජ්‍ය සේවයට වඩා වෙනස් තත්ත්වයක්.පොලිසිය යනු එක්තරා ආකාරයට ආර්ධ විනිශ්චිත ආයතනයක්.ඒ නිසා පොලිසියේ රාජකාරි දෙස අනෙක් රාජ්‍ය සේවය බලා සිටිනවා. පොලිසිය ක්‍රියාත්මක විය යුත්තේ අනෙක් රාජ්‍ය සේවකයන්ටත් ආදර්ශයක් සැපයෙන ආකාරයටයි.දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ චිත්‍රය දෙස බැලූ විට ඔහු ආදර්ශයක් සපයන අයෙක් නොවන බවට නිදර්ශන ඕනෑ තරම් තිබෙනවා.
අභිමතානුසාරී බලය පාවිච්චි කරන විට ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් ප්‍රවේශම් සහගත විය යුතුයි.අප ස්ථාවර නියෝග අනුගමනය කරන්න දන්නේ නැතැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කිව්වා.ඔහු මෙතන ඇවිත් ස්ථාවර නියෝග ගැන කතා කරනවා.එදා ශිරාණි බණ්ඩාරනායකට කළේ මොකක්ද? තාත්තටයි බාප්පටයි ඕන විදියට තීන්දු ලිව්වේ නෑ කියලා එතුමිය අගවිනිසුරු ධුරයෙන් අනීතිකව ඉවත් කරන්න කටයුතු කළා. අපි අද මෙතන දාපු මෝෂන් එක එදා ඔවුන් පාර්ලිමේන්තුවේ දැම්මේ නෑ.ඒ ක්‍රමවේදය වැරදි බව එදා නීතිඥ ප්‍රජාව ඒකමතිකව දැනුම් දුන්නා.අද මෙතන ඇවිල්ල වැදි බණ කියනවා.ස්ථාවර නියෝග ගැන කතා කරන්න කලින් නීතිය ඉගෙන ගෙන එන්න.
තරුණ හා ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා:- රජයේ දූෂිතම නිලධාරියෙක් අද පාර්ලිමේන්තු බලතල පාවිච්චි කර ඉවත් කිරීම ඓතිහාසික කටයුත්තක්.ගමේ යෞවන සමිති වල බලය අල්ලන බවට මතයක් ගෙන යනවා. එහෙම පාරෙ යන ගමන් අපි සමිති හදල නැහැ. මේක 1979 ඉතිහාසයේ පටන් තිබුණ එකක්.අප යූත් ක්ලබ් 12700ක් පමණ දැන් නිර්මාණය කර තිබෙනවා.ඒ ගෝරනාඩුව තියෙන්නේ දිස්ත්‍රික්ක කීපයක පමණයි.මැතිවරණයකින් නිලධාරීන් තෝරන එකේ තියෙන වරද මොකක්ද?
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ)
කාගේ හෝ අතින් යම් වරදක් සිදුවී තිබෙනවා නම් තරාතිරම නොබලා තීන්දු ගන්නා බව රජය තීරණයක් ගෙන තිබෙනවා.අතීතයේ සිදුවීම් මාලාවක් අනුව ලංකාවේ පාර්ලිමේන්තුවේ පළමු වතාවට මෙවැනි තීන්දුවක් ගන්නවා.මේ කාර්යය අනාගතයටත් බලපානවා.අපට සමස්ත පොලිසියටම වැරදි කියන්න බෑ.ඉතා හොඳ වැදගත් උගත් අය පොලිසියේ ඉන්නවා. නිලධාරීන්ගෙන් වැඩ ගැනීමට දේශපාලන බලධාරීන්ට වගකීමක් තිබෙනවා. හැබැයි නිලධාරීන්ට යම් බය වීමක් තැති ගැනීමක් සිදුවුවහොත් එය හොඳ දෙයක් නොවේ. ආණ්ඩු හැමදාම පවතින්නේ නැහැ. නව රජයක් පත්වුණාම ඒ රජය සතුටු කරන්න වැඩ කරන නිලධාරීන් ද සිටිනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ)
මේ විවාදයේදී විපක්ෂය පැත්තෙන් එන කරුණු වලින් ඔවුන්ගේ අර්බුදය හොඳින්ම පැහැදිලි වෙනවා.මේක අධිකරණයේ අසමින් තිබෙන කාරණයක් නිසා මේ ගැන කතා කරන්නේ එපායැයි නාමල් රාජපක්ෂ කිව්වා. මේක දේශබන්දුගේ නීතිඥයන් ගොනු කරපු මූලික විරෝධතාවයක්.අද නාමල් ක්‍රියා කරන්නේ දේශබන්දු ගේ තෝල්කයෙක් විදියට.මේ කතා කියන්නේ තමන් ආරක්ෂා කරන්නේ කවුද කියන එක ලකුණු කරන්න.මේ පෙන්වන්නේ අප පරාජය කළ මජර දේශපාලනයේ ලක්ෂණ.දේශබන්දුට ඉදිරිපත් වී ඇත්තේ ලේසි පහසු චෝදනා නොවේ. බරපතළ චෝදනා.එමෙන්ම පොලිස්පති ධුරයේ සිටියදී මේ පුද්ගලයා සැඟවී සිටියා. මොවුන් ආරක්ෂා කරන්නේ එවැනි පුද්ගලයන්.
බලය තියෙන මිනිස්සු බලය පාවිච්චි කොට ජනතාවට දෙන වද වේදනා ගැනයි අප මේ කතා කරන්නේ.මේ ආණ්ඩුව පත් කරල තියෙන්නේ තෝරු මෝරුන්ට දඬුවම් කරන්න.අප ඒ කාර්යය කරනවා.මජර විපක්ෂයට වගේම කුහක විපක්ෂයටත් අපට කියන්න තියෙන්නේ ඒකයි.
ප්‍රවාහන, මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා:-
අද මේ විවාදයේදී සජබෙ දේශබන්දු ගැන කතා කළත් ඔවුන්ට රාජපක්ෂලා ගැන කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒක තහනම් වචනය වෙලා. දේශපන්දු ගෙනාවේ රාජපක්ෂලා. දේශබන්දු කියන්නේ කවුද? රාජපක්ෂලා හදපු අපරාධ රාජ්‍යයේ අංශු මාර්ථයක්.රාජපක්ෂලා උත්සාහ කළේ මේ රට සදහටම කැරකෝප්පුවක් කරන්න. මේක දේශබන්දු සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. දේශබන්දුට විරුද්ධව පුළුවන් නම් ඡන්දය දෙන්නැයි මා සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම ඉදිරි පෙළ ඉන්න ගයන්තලාට අභියෝග කරනවා.දේශබන්දු තනියම පොලිස්පති වුනාද? මේ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතුයි. ලෝකයේ මෑත භාගයක රටක පොලිස් ප්‍රධානියෙක් අපරාධ කරලා මෙහෙම අසුවෙලා තිබෙනවාද කියා මා සොයා බැලුවා 1989 වසරේ මෙක්සිකෝ වල එවැනි සිදුවීමක් තිබෙනවා.දැන් සජබ සහ පොහොට්ටුව කියන දෙකම එකයි. දේශබන්දු සමගම ඔබලාත් අතුගෑවෙනවා.මෙච්චර තුච්ච දේශපාලනයක් අප දැක්කේ නෑ. ඔබලාට ජනතාව සොරිම කරනවා.අද උතුරේ වගේම දකුණේ ජාතිවාදීන් කලබල වෙලා. අපි මේ කාර්ය ඉතා පැහැදිලිව සිදුකර තිබෙන්නේ ස්ථාවර නියෝග අනුවයි.දේශබන්දු කියන්නේ රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් ගෝඩ් ෆාදර් කෙනෙක්.දේශබන්දු වැනි පොලිස්පතිවරයෙක් අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් කෙනෙක් පාර්ලිමේන්තු ඡන්දයෙන් පරදා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අරඹනවා. කිසිම හොඳ නිලධරයෙක් බයවිය යුතු නෑ. ගෝඩ් ෆාදර්ලා හදපු රාජපක්ෂලාත් අප අධිකරණ ක්‍රියාවලියට ගෙන එනවා එනවා. ඔවුන් සමග එකතු වී රට වැනසූ සෙසු නිලධාරීන්ටද දඬුවම් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස ජ.බ) දේශබන්දු ඉවත් කරන්න ඕන තියෙන කාරණයේ මා සීයට සීයක්ම ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉවත් කරන මිනිහෙක් ඉවත් කරන්න ක්‍රමයක් තියෙනවා.ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරන කොටත් අප ඒකට විරුද්ධව කතා කළා.අප මේවා කියන්නේ රාජපක්ෂලට කඩේ යන්න නෙමෙයි.ගහන්න ඕන උනාම වටේම ගහලා ඒගොල්ලෝ විතරක් සුදනො කියලා කියන්න එපා.දැන් දේශබන්දුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු නවයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට බැරි වීමත් දේශබන්දුගේ චෝදනා වල තිබෙනවා.පොලිසිය හරියට කරනවා කියලා අද කයිය ගහනවා.ග්‍රාමීය පොලිස් කමිටු හදන කොට දේශපාලනය ගාව ගත්තේ නෑ .දැන් මොකක්ද තියෙන්නේ. වැඩ බලන පොලිස්පති දැන් කියන්නෙ මොකක්ද? ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිගේ මග පෙන්වීම අනුව මහජන ආරක්ෂක කමිටු පිහිටුවන්නලු.ඒ කියන සභාපති කවුද? ප්‍රදේශයේ ජා.ජ.බ මන්ත්‍රීවරයා. අද ආණ්ඩුවේ උදවිය කුලඟන සමිතියටත් මරණාධාර සමිතියටත් අත ගහලා.අප වත්මන් වැඩබලන පොලිස්පතිටත් කියනවා.කරුණාකරලා තවත් දේශබන්දු කෙනෙක් වෙන්න එපා. අප දේශබන්දුලා මෙතනින් ඉවර කරන්න ඕන.ආපහු මේ ආණ්ඩුවෙත් තවත් දේශබන්දු කෙනෙක් වෙන්න ලෑස්ති වෙන්න එපායැයි මා වැඩ බලන පොලිස්පතිට කියනවා. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා:-(ජා.ජ.බ) දේශබන්දුලාගෙන් මෙය අවසන් කළ යුතු බව කලින් මන්ත්‍රී කිව්වා. එතනින් අවසන් කරන්න බෑ. දේශබන්දුලා නිර්මාණය කළ කාලකන්නි තුච්ච දේශපාලනයත් අප අවසන් කළ යුතුව තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ නීතිය හා සාමය රැකීම මෙන්ම අපරාධ මැඩලීමයි. හැබැයි අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මොකක්ද? නීතිය හා සාමය රකින දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දේශපාලන වහලෙක් බවට පත්වී නීතිය හා සාමය බිඳ වට්ටවා අපරාධ සැලසුම් කොට රාජ්‍ය සේවය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධවයි. මෙවැනි තුච්ච තිරිසන් නිලධාරින්ට එරෙහිව නීතිය පමණක් නොව ජනතාවත් පෙළ ගැසිය යුතුයි.මේ රටේ පුරවැසියන් රාජ්‍ය සේවය ගැන දේශබන්දුලාගේ කෝණයෙන් බලන්න උත්සාහ කරනවා. මේ දේශබන්දුලා නිර්මාණය කළේ අපරාධ රාජ්‍යයට වුවමනා විදියට විදියට.ඒ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අපට ජනවරම ලබා දී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) දැන් දේශබන්දු ගෙදර යනවා. ඇතුලේ ඉලුක් පිටිය ඉන්නවා. ඉලූක් පිටියට අච්චු කරනවා.මරු ආණ්ඩුව තමයි.ඇත්ත ගෝඩ් ෆාදර් කව්ද කියලා අපි දන්නවා.වැඩක් කරනවා නම් කාටත් එක හැන්දෙන් බෙදන්න.චාමර සම්පත්ට එක්ක විදියක් තව කෙනෙක්ට එක විදියක් කරන්න එපා. අපට නඩු දානවා නම් අනිත් අයටත් නඩු දාන්න.හිතවත්කම් වලට වැඩ කරන්න්න එපා.සැප ගන්න. අපි එපා කියන්නේ නෑ.මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හිටපු එල්ටීටීඊ කාරයොන්ට උනේ මොකක්ද? ඒ උදවිය කැඩුනෙත් සැප ගන්න ගිහින් තමයි.හැබැයි උඩ බලාගෙන කෙළ ගහන්න ලෑස්ති වෙන්න එපා.අපිට විතරයි දූෂණය.අපි එල්ලලා මැරුවත් කියන්න තියෙන දේ කියනවා. හිර ගෙවල් හතක ගියත් අප මේ දේවල් කියනවා. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මුනීර් මුලාෆර් මහතා:-(ජා.ජ.බ) රටක නීති සදාචාරය හැම දේකටම වඩා ධර්මය අනුව පොලිස්පතිවරයා හැසිරී තිබුණේ නම් මෙවැනි ඉරමණමකට ලක්වෙන්න වන්නේ නැහැ.රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතනයක නිලධාරියෙක් මොනම පදනමකින් හෝ මෙවැනි විෂමාචාර සිද්ධියකට සම්බන්ධ වීම පුරවැසියන් අසරණ කිරීමක් බව කිව යුතුයි. මේ දේශපාලන බල අධිකාරිය යටතේ විෂමාචාර කරන නිලධාරීන් නැවත මේ රටේ බිහි නොවිය යුතු බව රටේ සියළු ජනතාවගේ ප්‍රාර්ථනයයි.ඒ දේශපාලනය නැවත පාර්ලිමේන්තුවේ උජාරුවෙන් කතා කිරීම කණගාටුවට කරුණක්.රටේ නීතිය සාමය රකින පොලිස්පතිවරයා අරගල සමයේදී ජනතාවගෙන් ගුටිකන තත්ත්වයට පත්වුණා. ඔහු ඒ තත්ත්වයට පත් කළේ ඒ දේශපාලනය විසින්.
පත් කළ මන්ත්‍රී නිශාන් කාරියප්පර් මහතා:-(ස.ජ.බ)
අද ඓතිහාසික දිනයක් කියමින් ඉන්නවා. මහමොළ කරුවෙක් වත් ගෝඩ් ෆාදර් කෙනෙක්වත් අල්ලලද කියලා මං බැලුවා.මේ මුළු පාර්ලිමේන්තුවේ සීයට අනූවකට වඩා එකඟ වන මුළු රටම එකඟවන දේශබන්දු තෙන්නකෝන් ගැන චෝදනා ඔප්පු වෙලා තිබෙනවා.ඒකේ විශේෂ ඓතිහාසිකත්වයක් නෑ. මේ සියල්ලතම ප්‍රධාන දෙයක් තිබෙනවා. අනාගතයේදී අපරාධ වගකීමට ලක් නොවන සේ තමාට ලබා දී තිබෙන බලතල කෙසේ ක්‍රියා කළ යුතුද කියා යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා ඉතා ලස්සන කතාවක් කිව්වා.අනාගතයේදී අපරාධ වගකීම් වලට එකතු නොවන සේ ක්‍රියා කරන්න කාරණා තුනක් තිබෙනවා. අවංකව, ස්වාධීනව, ජනතාවගේ සුබ සිද්ධිය තකා ඒවා භාවිතා කළොත් සියලුම රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී කාර්යක්ෂමව ඉටුකරන්න ඉටු ඉටුකරන්න හැකියාවව තිබෙනවා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා:-
මේ කාරණය ඓතිහාසික වන්නේ රටේ දේශපාලන ගමන් මඟ අලුත් මඟකට යොමු කළ තීරණයක් ගෙන තිබෙන නිසයි.පොලිසියේ ඉතිහාසය පුරා දේශපාලනීකරණය වීම් වාර්තා වෙනවා. එය දේශබන්දු කමිටු වාර්තාවෙන් මනාව පෙන්වා දී තිබෙනවා. මේ විවාදයේ පටන් ගන්න කලින් නීති තර්ක ගෙනැවිත් විවාදය ලොප් කරන්න උත්සාහ කළා.මේ විවාදයේදී තමන්ගේ පැටිකිරිය එලියට එන නිසා මේ දේවල් කරන්න උත්සාහ කළේ.ආණ්ඩුවට වැඩ වරද්දා ගන්නේ නැතුව ඉස්සරහට ගියොත් හොඳ යැයි ඔවුන් උපදෙසක් දෙනවා අප දුටුවා. වැඩ වරදින්නේ කාටදැයි ඉදිරියේ දී හොඳින් බලාගන්න පුළුවන්.
(යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැතිසබෙත් උණුසුම් වූ දේශබන්දු ගෙදර යැවූ විවාදය