IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණ දූෂණ දඩුවම මැකෝ කියයි

(සුජිත් හේවාජුලිගේ)

ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඬුවම  අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්‍රජා අයිතිය නතර කිරීම  දක්වා බරපතළ බව මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති  ආනන්ද රත්නායක මහතා පැවසීය.

නීති විරෝධී කටයුතුවලට නොයෙදෙන ලෙසට ආධාරකරුවන්ට  උපදෙස් දෙන්නැයි අපේක්ෂකයන්ගෙන් මෙහිදී  ඉල්ලා සිටි රත්නායක මහතා නීති විරෝධී ක්‍රියා සහ කොමිසමේ විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම්  ජනාධිපතිවරණය තෝරාපත් කර ගැනීමේ පනතේ  සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  පැහැදිලිව  දක්වා ඇතැයිද සඳහන් කළේය.

පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොරව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලෙස සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන්  ඉල්ලීමක් කරන බවද   රත්නායක මහතා පැවසීය.

ඔහු මෙම ඉල්ලීම කළේ කොළඹ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී  නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන්ට උපදෙස් නිකුත් කරමිනි.

අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට හෝ තවත් අපේක්ෂකයකු අගතියට පත් කිරීමට  ප්‍රචාරක පත්‍රිකා අනිකුත් දෑ ප්‍රදර්ශනය කිරීම  හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන කෙරෙහි  සියලු අපේක්ෂකයන් සහ  ආධාරකරුවන්  අවධානය යොමු කළ යුතු බවද  සභාපතිවරයා කීවේය.



අදහස් (2)

මැතිවරණ දූෂණ දඩුවම මැකෝ කියයි

dasun Thursday, 15 August 2024 03:19 PM

ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා හැර ඉතිරි 36 දෙනා නිසා මිලියන 200*36 බැගින් මහජන මුදල් නාස්ති කිරීමද බරපතල වරදක් නේද ?

:       0       33

Nandasena Thursday, 15 August 2024 06:22 PM

ඔව් ඒ වෙනුවෙන් ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරිද? එහෙම කරන්න පුළුවන් නම් නාමයෝජනව යෝජනා කළ කෙනාත් ස්ථිර කළ කෙනාගේත් ඇතුළු තිදෙනාගේම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෑ... රුපියල් මිලියන 200 ක් කියන්නේ කොස් ඇට නොවෙයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site