
(කේ බුද්ධික කුමාරසිරි)
පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත " මනි ඕඩර්" යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් සියයයේ සිට රුපියල් පන්සියය දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදුවිය.
එම පිරිස පැවසූවේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බැවින් එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බවත් එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් කම අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමන් විසින් ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කල බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩ...!
තමිල්නාඩුවේ හිඟන්නන්ගෙනුයි, දුප්පතුන්ගෙන් ලැබෙන සොච්චමෙනුයි ගෙනියන පරිපාලනයක්...!
අනේ මෙහෙමත් විකාර...
මෝඩ මිනිසුන් නැත්තෙමත් නෑ,හොදට බැලුවොත් කවුද කියල කියන්න පුලුවන්. ගමත් කනවා
රනිලා වගේම ඕකුන් සේරම එක වල්ලේ පොල්..මේක බරපතල වැරද්දක්... කොමිසමට සියළුම බලය තියෙනවා මැතිවරණ වෙලාවේ ජනාධිපතිට කිසිම බලයක් නැහැ කිසිම දෙයක් අත් හිටවන්න
අම්මපා මේ වගේ මෝඩයෝනේ ඡන්දෙ දෙන්නේ කියල හිතනකොට....2019 මතක් උනේ.
ආණ්ඩුවේ එවුන් ඔය සල්ලි ටිකත් හොරකම් කරනවා ශුවර් ......
මේක සංකේතයක් පමණයි මෝඩ මිනිසුනේ... කොමෙන්ට් දාලා තියෙන කාටවත් ඕක තේරුනේ නැහැනේ. ඔබලානේ ඉතින් ඡන්දේ දෙන්නෙත්... රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්.
ගොන් ජවිපයේ වැඩ...!
මේකෙන් පේන්නේ මිනිස්සුන්ට ඡන්දයට තියෙන උනන්දුව... ඡන්දෙ තිබ්බොත් අලි, පොහොට්ටු හෙලිකොප්ටර් කැලේ හින්දා බයට ඡන්දෙ තියන්නේ නෑ...