(කේ බුද්ධික කුමාරසිරි)
පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත " මනි ඕඩර්" යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් සියයයේ සිට රුපියල් පන්සියය දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදුවිය.
එම පිරිස පැවසූවේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බැවින් එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බවත් එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් කම අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමන් විසින් ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කල බවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මැතිවරණ කොමසාරිස්ට මනි ඕඩර්
Lal Wednesday, 22 February 2023 10:14 AM
මෝඩ වැඩ...!
MadiyaWednesday, 22 February 2023 10:48 AM
ඒකහරි... ඔච්චරටම ඕනෑනම් එයාලාට තිබ්බා ගිණුමක් හදලා ඒකට දාන්න කියන්න. ඔය සල්ලි ටික කිසි අවුලක් නැතුව හොයාගන්න තිබ්බා. මේ වැඩෙන් වෙන්න මැ.කෝ සල්ලි ටික මාරුකර ගනීවි.
ravin Wednesday, 22 February 2023 10:31 AM
තමිල්නාඩුවේ හිඟන්නන්ගෙනුයි, දුප්පතුන්ගෙන් ලැබෙන සොච්චමෙනුයි ගෙනියන පරිපාලනයක්...!
Dilshan Wednesday, 22 February 2023 10:44 AM
අනේ මෙහෙමත් විකාර...
අමා. Wednesday, 22 February 2023 11:29 AM
මෝඩ මිනිසුන් නැත්තෙමත් නෑ,හොදට බැලුවොත් කවුද කියල කියන්න පුලුවන්. ගමත් කනවා
Athula Wednesday, 22 February 2023 11:40 AM
රනිලා වගේම ඕකුන් සේරම එක වල්ලේ පොල්..මේක බරපතල වැරද්දක්... කොමිසමට සියළුම බලය තියෙනවා මැතිවරණ වෙලාවේ ජනාධිපතිට කිසිම බලයක් නැහැ කිසිම දෙයක් අත් හිටවන්න
Bandara Wednesday, 22 February 2023 11:40 AM
අම්මපා මේ වගේ මෝඩයෝනේ ඡන්දෙ දෙන්නේ කියල හිතනකොට....2019 මතක් උනේ.
Rwn Wednesday, 22 February 2023 12:23 PM
ආණ්ඩුවේ එවුන් ඔය සල්ලි ටිකත් හොරකම් කරනවා ශුවර් ......
බක්මීගොල්ල Wednesday, 22 February 2023 01:05 PM
මේක සංකේතයක් පමණයි මෝඩ මිනිසුනේ... කොමෙන්ට් දාලා තියෙන කාටවත් ඕක තේරුනේ නැහැනේ. ඔබලානේ ඉතින් ඡන්දේ දෙන්නෙත්... රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්.
uk ran Wednesday, 22 February 2023 02:26 PM
ගොන් ජවිපයේ වැඩ...!
Wasantha karunarathne Wednesday, 22 February 2023 07:33 PM
මේකෙන් පේන්නේ මිනිස්සුන්ට ඡන්දයට තියෙන උනන්දුව... ඡන්දෙ තිබ්බොත් අලි, පොහොට්ටු හෙලිකොප්ටර් කැලේ හින්දා බයට ඡන්දෙ තියන්නේ නෑ...