IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මාසයක් එකහමාරක් ඉවසගෙන ඉන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය රටට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය දූෂණ,වංචා,අල්ලස්,මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන කිසිවක් නතර කර නැතැයි ද විජේපාල මහතා සඳහන් කළේය.

ඒ පරීක්ෂණ  කිසිවක් දේශපාලනීකරණය වී නැතැයි කී ආනන්ද විජේපාල මහතා තම රජය පොලිසිය නිර්දේශපාලනීකරණය කර තිබෙන අතර රහස් පොලිසියට අවශ්‍ය කරන පුළුල් බලතල පවරා  තිබෙන බව සඳහන් කළේය.

ඔවුන් ස්වාධීනව ඒ සියලු විමර්ශන කරමින් සිටින බව කී අමාත්‍යවරයා කවුරු කලත් දූෂණය ,වංචාව ,අල්ලස මූල්‍ය අවභාවිතාවට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද  රජයේ ගිවිසුම තිබෙන්නේ රටේ ජනතාව සමග යැයිද කීය.



අදහස් (4)

මාසයක් එකහමාරක් ඉවසගෙන ඉන්න

රුවන් Wednesday, 08 January 2025 07:26 PM

ලී ක්වාන් යූ, කීප් සිංගප්පුර් ක්ලීන් ව්‍යාපෘතිය 1968 ආරම්භ කරාම විපක්ෂයේ වගේම රටේ මිනිස්සු කැමැති වුනේ නෑ. හැබැයි දිගටම වැඩ පිළිවෙල ගියා. 1990 වෙද්දී අවුරුදු 22න් දුප්පත් තැනේ සිට දියුණු, සංවර්ධිත රටක් බවට පරිවර්තනය කළා.. මමත් හිතනවා මේ ආණ්ඩුව ඒ වගේ නම් තව අවුරුදු 20ක් රට දියුණු සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන්. මොකද එතකොට ඉතිහාසයේ ලියැවෙන්නේ ජෙවීපී ආණ්ඩුව රට දියුණු කරා කියලා. නැත්තන් පරණ තැටියම නම් ආයෙත් දේශපාලන කරන්න හම්බවෙන්නේ නෑ ජෙවීපි එකට...

:       10       23

Priyantha Dissanayake Wednesday, 08 January 2025 11:52 PM

ඒක තමා මිනිස්සු ඉවසාගෙන ඉන්නේ නැතිව යනවානෙ මැති ඇමැති වරුන්ගේ සහ නිලධාරීගේ අතේ පයේ එල්ලෙන්න. එවිට එතුමන්ලා වැඩකරන්නේ කොහොමද , ...

:       4       1

යෝගා Thursday, 09 January 2025 06:24 AM

ඒ මාස එකහමාරෙන් පස්සේවත් රන්වල ජපානයෙන් ආචාර්ය උපාධි සහතිකය අරන් එයිද?

:       2       12

Gamini Friday, 10 January 2025 10:14 PM

ටිකක් ඉවසලා ඉඳහල්ලකෝ... !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 691 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site