
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අගෝස්තු -සැප්තැම්බර් මාස දෙකට පමණක් රස පරීක්ෂක වාර්තා 17506 ක් නිකුත් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විෂ වර්ග අබ්ං සහ අන්තරාය දායක ඖෂධ වර්ග පනතට අද සංශෝධන දෙකක් ගෙන එනවා.මත්ද්රව්ය අත්අඩංගුවට ගත් පසු නඩු අසා ඉවර කරන්නට ගතවන කාලය තුල මත්ද්රව්ය නැවත සමාජගත වීමේ අවදානමක් පවතින බවට සමාජයේ මතයත් පැවතුණා.ජනපති මේ පිළිබදව සොයා බලා අධිකරණ අමාත්යංශයේ ලේකම් ඇතුළු කමිටුවක් හරහා මේ ගැන සොයා බැලුවා ඒ අනුව අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය සාම්පල නඩුව අවසන් වන තෙක් තබාගන්නේ නැතිව අධිකරණ අවසරය ඇතිව වෙනස් කිරීම ගැන මුල් සංශෝධනයේ තිබෙනවා.
බන්ධනාගාර වල සෙනඟ වැඩිවීමට ඒක හේතුවක් වුනේ රස පරීක්ෂක වාර්තාවල ප්රමාදයයි.මේ වන විට බොහෝ දුරට ඒ ප්රමාදය වළක්වා ගනිමින් යනවා.අගෝස්තු සැප්තැම්බර් මාස වලට පමණක් රස පරීක්ෂක වාර්තා 17506 ක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම මත්ද්රව්ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මාස දෙකක් ඇතුළත ලබා දිය යුතු යන නියමය මේ සංශෝධනයේ ඇතුළත් කර තිබෙනවා යනුවෙන්ද අමාත්යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd