IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මාලිමාව - කුකුලා කරකාර බඳියි

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා  ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙක් පැවසීය.

දෙපාර්ෂවය අතර සාකච්ඡා වට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡාව අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දෙන බව ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බ්න්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරිමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධූරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකගතාවය පළ කර ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 04කට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරිම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (1)

මාලිමාව - කුකුලා කරකාර බඳියි

මාලිමාගැත්තා Tuesday, 17 June 2025 11:25 AM

කොටි ඩයස්පෝරාව එක්ක දීග ගිහින් බල්ලන විදිහට නැමිලා ඉන්න වෙනව වගේ තමයි වෙන වෙන අය එක්ක කන දීගත්. තමන්ගේ බලයට හොඳයි. කාලා නාලා යයි. අන්තිමට ප්‍රශ්න ඉතිරි වෙන්නෙ රටට. ලොන්ඩරි කම්කරුවන් කලබලවිය යුතු නැ. නිමට කිව්වෙ.

:       23       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1632 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site