(අංජුල මහික වීරරත්න)

තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය

රජයක් මගින් පනවනු ලබන දැඩි නීති රීති වලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation)  වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව අමාත්‍යවරයා කීය . අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  මේ බව ප්‍රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (21st Asia Media Summit - AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට (High-Level Ministerial Session) එක්වෙමිනි.

"Maldives 2.0: From Tradition to Tech" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් මානව පරිණාමයේ ස්වාභාවික ප්‍රතිඵලයක් බැවින් ඒවා දෙස බියෙන් බැලිය යුතු නොවන බවයි. 

ඒ වෙනුවට එම තාක්ෂණයන් මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, වගකීම් සහගතව වැළඳගැනීම අත්‍යවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.