IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාතර බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනයක)

මාතර බන්ධනාගාරයට තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අහංගම ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයෙකි. 

මාතර බන්ධනාගාරයෙ තාප්පයට  ඉහළින් පසුගිය (09) දින දුරකථන උපාංග ඇතුළු  තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් කිසිවකු විසින් විසිකර ඇති අතර, මෙම පාර්සලය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පැවැත්වූ බව පොලිසිය පවසයි. 

එම විමර්ශනයේදී ඉහත පාර්සලය විසිකර ඇත්තේ ඉහත බන්ධනාගාර නිලධාරියා බවට හෙළිවීමෙන් අනතුරුව ඊයේ (21) සවස ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

 

 

 



අදහස් (0)

මාතර බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site