මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් දිවයිනේ විශ්ව විද්‍යාල රැසක වෛද්‍ය පීඨ සිසුහු අද (7) උද්ඝෝෂණ ඇරඹූහ.
රජරට වෛද්‍ය පීඨයේ සිසුහු අනුරාධපුර නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වෙති.
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුහු මාළඹේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දින 7 ක සිට සත්‍යග්‍රහයක නිරතව සිටිති. ඔවුහු අද නගරයේ අත් පත්‍රිකා බෙදමින් මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කළහ.
රාගම වෛද්‍ය පීඨයේ සිසුහු ද අද රාගම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.
ඡායාරූප හා වීඩියෝ - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - ලහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික විශ්ව විද්‍යාල ඉල්ලන ඔබ, ඔබේ හදවත විවෘත කර සැත්කමක් කිරීමට උසස් පෙළට වාණිජ විද්‍යා හදාරා යන්තමින් පාස්වුණ පුද්ගලික වෛද්‍යවරයෙකු වෙත යාමට කැමතිද? ආසාව සහ හැකියාව වෙන්කර ගැනීමටත් මොළයක් අවශ්‍ය වේ. දොස්තර වීමට ආශාව ඇතිමුත් එම හැකියාව මිලට ගත නොහැක. මන්දයත්, උපාදිය විකිණීමට හැකිමුත් රෝගී ජීවිත ඇත්තේ විකිණීමට නොවේ. (නි)
මෙතන සිටින බොහෝදෙනෙක් ඉන්දියාවේ පුද්ගලික වෛද්‍ය පීඨ ගැන කතා කරනවා. නමුත් ඉන්දියාවේ සහ ලංකාවෙ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන කතා කළොත් ලංකාව සැහෙන ඉස්සරහින්. එයට ප්‍රධාන හේතුව ලංකාවෙ විධිමත් ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනය. දරුවනි, ඔබට ජය..! (නි)
දැන්වත් ජනතාවගේ ඇස් ඇරේවා! (නි)
අැයි මාලඹේට විතරක් කොතලාවල එක පුද්ගලික නෙමෙයිද(හේ)
මොකක්ද මේ ළමයින්ට කියන්න තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
මාලඹේ විශ්ව විද්‍යාලයෙන් මේ රටට ලොකු සේවාවක් ඉටු වෙනවා.ඒක නතර කරන්න එපා.(හේ)
සටන් වදින දරුවනි, ඔබේ දරුවොත් ලොකු වුණාම මෙහෙම විශ්ව විද්‍යාලයක් උවමනා වේවි. එදාට ඔබ ආත්මාර්ථකාමීව ඉපැයූ අපේ මුදලින් ඔබේ දරුවන්ව පිටරට යවා දොස්තර කරාවි. ඇයි මෙතරම් බය? ඔවුන් පිටරට හරි ගිහිල්ලා රැකියාවක් කරාවි. ලංකාවට විදේස විනිමය ලැබෙයි. නැත්නම් ඉතින් ඔබ කියන විදියට ගියොත් ගෘහ සේවක සේවිකාවෝ තමා ලංකාවේ ඔක්කොම. ඔබට පමණක් රජ සැප. ආත්මාර්ථකාමී වෙන්න එපා. කරුණාවෙන් පොදුජන හිතවාදීව බලන්න. (නි)
ලෝකයේ බොහෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් හරිහැටි පාසලකටවත් ගිය අය නොවේ. එහෙනම් ඇයි මේ බුද්ධි මට්ටම ලකුණු වලින් මනින්නේ? ලංකාවෙ නම් මට පෙනෙන්නේ කුහකකම සහ උද්දච්චකමයි. මුදලාලිගේ පුතාට මෙඩිකල් කොලේජ් යන්න බැරිවුණත්, ඔහු ටිකක් හරි ළඟට ඇවිල්ලා නම්, සල්ලි තියනවා නම් ඔහුටත් අයිතිවාසිකමක් තිබෙනවා දොස්තර කෙනෙක් වෙන්න. නැත්නම් ඔහු කරන්නේ බංග්ලාදේශ යවලා, රුසියාවේ හරි යවලා දේපල විකුණලා වෙන රටවලට සල්ලි යවලා උගන්නලා මේ රටින් ඈත්කර දාන එක. මේ උද්ඝෝෂණ වලට උල්පන්දම් දෙන්නේ බටහිර රටවල්. ඒ ගොල්ලෝ බයයි , ඒ අයගේ අධ්‍යාපන වෙළඳාම කඩාවැටෙයි කියලා. (නි)
පුතේ, නිදහස් අධ්‍යාපනයෙන් පලලබන ඔබ අනාගත පරපුරටද එය ඉතිරිකර තබන්න රජයට බල කරන්න. (නි)
රටක් දියුණු වෙන්න දෙන්නෙම නැද්ද? අපේ රටින් ඩොලර් මිලියන කීයක් පිටරටට යනවද අධ්‍යාපනය සඳහා? ඒ වගේම මාලදිවයින , ඉන්දියාව වගේ රටවල් කීයක ශිෂ්‍යයින් අපේ රටට ගෙන්වා ගන්න පුලුවන්ද මේ හරහා? එමඟින් ලංකාවට උපයා ගතහැකි විදේශ විනිමය කොතරම්ද? කළයුත්තේ මෙය නොවේ. මෙහි තිබෙන්නේ පැහැදිලි කුහකකමයි. (නි)
ඔබේ නිවැරදි සටනට අපේ සුබ පැතුම්. ජය වේවා! (නි)
ඔබ මෙරට පොදු ජනතාවගේ අයිතියක් වන නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වනසාලන වංචාසහගත ව්‍යාපාරයන්ට එරෙහි ජනහිතකාමී පුද්ගලයෙක්ද? එන්න..... අප හා එකතු වන්න.. ''එකෙකු නොව පරපුරක් වෙනුවෙන්...'' (නි)
මම දන්නා ළමයෙක් ඉන්නවා ඔය විශ්ව විද්‍යාලයේ වාණිජ විෂය උසස් පෙළට කරපු. අනාගත ලෙඩුන්ට දෙවි පිහිටයි. (නි)
මේ සටන් කරන්නේ ජනතාවට ආදරය නිසා නොවේ. (ර)
එහෙත් කළු කොඩිද? (නි)
මෙවෙනි පුද්ගලික විශ්ව විද්‍යාල තව තවත් ඇති කරන්න වෙනවා රට ඉදිරියට යන්න නම්. ආණ්ඩුවට තිබෙන්නේ මේවායේ ගුණාත්මකබාවය රකින්න ක්‍රමයක් හදන එක. මේගොල්ලෝ බයවෙන්නේ ඒගොලන්න්ගේ ඒකාධිකාරය නැතිවෙයි කියලා. රෝහල් වල බෙහෙත් නැහැ කියලා කවදාවත් මේගොල්ලෝ ස්ට්‍රියික් කළාද? (නි)
මෝඩකමට බෙහෙත් ගන්න මුලින්ම. ඔය වෛද්‍ය ශිෂ්‍යයෝ වෙන කිසිම උද්ඝෝෂණයකට එනවද? පොඩ්ඩක් හිතලා බලන්න මෙතන තිබෙන ප්‍රශ්නය මොකක්ද කියලා. (නි)
පලමුව මෙම ගැටලුව දෙස විවෘත මනසකින් බලන්න. අනෙකුත් ක්ශෙත්‍ර සහ වෛද්‍ය ක්ශෙත්‍ර අතර ඇති වෙනස පලමුව වටහගන්න. හතු පිපෙන්නාසේ වෛද්‍යවරු බිහිකිරිමෙන් සිදුවන හානිය සිතන්න. වෛද්‍ය ශිෂ්‍යන් වන අපට මහ මග මෙසේ රස්තියාදු වීමට අවශ්‍යතාවක් නොමැත. නමුත් වෛද්‍ය ක්ශෙත්‍රයට හා රටට වන්නාවූ හානිය ඉවසිය නොහැක. අපට අපගේ රැකියාව පිලිබන්දව ආඩම්බර විය හැකිය මන්ද අප ඔබ මෙන් නොව සමජයට සේවයක් කර ඇත. කීමට ඇත්තෙ ඉරිසියාව ඇත්තේ අපට නොව, අප මෙන් නිදහස් අධ්‍යාපනය ලබා මෙම තත්ත්වයට පැමිණීමට නොහකි වූ ඔබටයි. (ර)
පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරන තරමට හොඳයි, ඉන්දියාවේ තියෙන්නේ වැඩිපුරම පුද්ගලික විශ්ව විද්‍යාල, ඒවාගේ අධ්‍යාපන මට්ටම ඉතා ඉහළයි, ලෝකයේ බොහෝ රටවල එයාලා සේවය කරනවා. (ම)
ඔබයි රටේ අනාගතය හොර පාරෙන් උසස් අධ්‍යාපනය ලබන එක නතර කිරීම රජයේ වගකීමයි . රටේ රැකියා සුලබ කිරීමට පියවර ගැනීමට රජය වහාම පියවර ගත යුතුයි.(ම)
නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන්නේ රටින් එතෙර ඉන්න අපි වගේ අයට. ඒවගේම නිදහස් අධ්‍යාපනයට අත නොතබා කඩ ඉම පසු කිරීමට නොහැකි විභාගය පස් වුණ අයට මොනවද වෙන්නේ? (ම)
ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග මොකටද පවත්වන්නේ ලංකාවේ? අපරාදේ මහජනතාවගේ මුදල්! ළමයින් ටියුෂන් යවන්න වියදම් කළ සල්ලි ටික එකතු කරගත්තා නම් ළමයින්ට විභාග ගැන කරදරනොවී ඉගෙනගන්න මහන්සිනොවී ඕනෑ පිස්සුවක් නටාගන්න දීලා අන්තිමේ වෛද්‍ය උපාධියක් අරන් දෙන්න තිබුණා! (නි)
මහජන මුදලින් ඉගෙන ගන්නවා මදිවාට රට හදන්න තියෙන ඩොලර් ටිකත් ඕස්ට්‍රේලියාවට, චීනයට, බටහිර රටවල් වලට යවන්න කියලා මේ පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නේ.(ම)
මගේ මල්ලිත් වෛද්‍යවරයෙක්. එය වෛද්‍යවරයෙක් උන ගමන් එයාගේ ආකල්ප පුදුම විදියට වෙනස් උනා. එයාගේ යාළුවොත් එහෙමමයි. එයාල හිතන්නේ එයාල මේ සමාජයේ ඉහලින් ඉන්න විශේෂ ජන කොට්ටාශයක් කියලා . එහෙත් පිට රට වල වෛද්‍ය වරුනට එය ඔහුන්ගේ රැකියාව පමණි .මොහුන් මේ සටන් කරන්නේ ජනතාවද ආදරය නිසා නොවේ. (ර)
සටන් වදින දරුවනි, ඔබ දැනටමත් වෛද්‍ය විද්‍යාලයට තේරී අවසන් ය. ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවන් ගැන සිතා (ඔවුන් වෛද්‍ය විද්‍යාලයට නොතේරුනොත් යයි සිතා මෙම විදුහලට යැවීමේ බලාපොරොත්තුවෙන් ) මෙම විදුහල නොදැක්කා සේ සිටිය හැකිය. නමුත් ඔබ සටන් කරන්නේ පොදු ජනතාවගේ දරුවන් වෙනුවෙන් මිස ඔබගේ දරුවන් ගැන නොසිතා බව සකල ජනතාවම දනී. රජයක් ලෙස රටට විදේශ විනිමය ලබාගතයුත්තේ රටේ නිෂ්පාදිතයන් ඉහල දැමීමෙන් මිස මුදල් හදල් යහමින් ඇති පුද්ගලයන්ගේ, කඩ ඉම් ලකුණු ලබාගත නොහැකි දුර්වල ළමයින්ට අධ්‍යාපනය ලබා දීමෙන් නොවන බව අපට මනාව වැටහේ. වෛද්‍ය වෘතිය යනු සල්ලි තිබුනාටම ගත නොහැකි නුවනක් සහ පිළිවෙලින් ලද අධ්‍යාපනයක් හරහා ලබාගත යුතු කුසලතාවයක් බවත් වෛද්‍යවරුන් සේවය කරන්නේ ලංකාවේ හෝ විදේශයක හෝ අසනීපව අසරණවන පුද්ගලයන්ට බවත් බුද්ධිමත් ජනතාව දනී. ඔබට ජය..! (ර)
මෙහෙම ගියොත් නිදහස් අධ්‍යාපනේ අහෝසි කරලා රජයේ ඉස්කෝල ටිකත් වහලා ඉන්ටර්නැෂනල් ඉස්කෝල විතරක් තියෙයි.සල්ලි ගෙවල මර්වින් සිල්වාත් උපාධි ගන්න එකේ සල්ලි ගෙවලා ඕනෑම කෙනෙක්ට දැන් ඩොක්ටර් වෙන්නත් පුලුවන්ද?ලංකාවේ මිනිස්සුන්ට දේවල් තේරෙන්න ගොඩක් කල් යනවා.අවුලක් නැහැ යුද්දෙ දිනුවනේ. (බ)
ලමයිනේ ඔයගොල්ලෝ දොස්තර කෙනෙක් වෙන්න විදින දුක අපි දන්නවා. ඔතනට එන්න යම් දැනුම් මට්ටමක් අවශයි .නැත්නම් අපි හැමෝටම දොස්තරලා වෙන්න පුළුවන් සල්ලි ගෙවලා. මම දන්න ළමයෙක් ඉන්නවා කලා විෂය කරලා එස් 3ක් අරන් මාලබේ ගියා. මගේ මතය නම් සල්ලි තිබ්බ පලියට ඕනෑම දෙයක් ලබාගන්න බැහැ. ඔබලාට ජය! (ර)
රන්ජිත්, උසස් පෙළට වාණිජ කළ කෙනෙකුට හොඳ දොස්තර කෙනෙක් වෙන්න බැරිද? අපි කීයෙන් කී දෙනාද උසස් පෙළට කළ විෂයට අදාළව රැකියා කරන්නේ? මේ මාෆියාව නවත්වන්න ඕනෑ. (නි)
මට ලකුණු දෙකයි මදිවුණේ සරසවියට යන්න. මාත් එක්ක නුවර පන්ති ගිය හොඳම යාළුවා මට වඩා ලකුණු 22 අඩුව ගමෙන් වෛද්‍ය විද්‍යාලයට ගියා. ඔය වෛද්‍ය විද්‍යාලයේ අති දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ අය ඉගෙනගන්නේ රජයේ මුදල් වලින්ම නොවේ. මේ ගැනත් හිතන්න. (නි)
දරුවනේ, ඔබ පණ මදි ඕක වහන්න. (නි)
උසස් පෙළට වාණිජ කළ කෙනෙකුට හොඳ දොස්තර කෙනෙක් වෙන්න බැරිද? යැයි අසන තරමටම මිනිසුන් මෝඩද? (ර)
ඇයි මාළඹේට මෙච්චර විරුද්ධ? (නි)
අද මේ වෙනකොට ඉන්දියාව, චීනය වගේ රටවල් වල හැම අවුරුද්දකටම අලුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරිනවා. ඔවුන් ඒ තුලින් ලෝකයේ බොහෝ රටවල් වලට වෛද්‍යවරු සපයනවා. බලන්න ඇමෙරිකාවේ, මැද පෙරදිග රටවල කී දාහක් ඉන්දියන් වෛද්‍යවරු සේවය කරනවද? (නි)
කථාවක් නැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යයයි. මේක ගල් යුගය නෙමෙයි (නි)
රන්ජන්, කරුණාකර අපට පැහැදිලි කරන්න මෙය හොඳ වැඩක් වන්නේ කෙසේද කියා. අපි අන්ත දුක් විඳිනවා උපාධියක් නැතුව. මේකට කුමක් හෝ විසඳුමක් රජය ගතයුතුයි. අනාගතයේ විදේශ විනිමය සෙවීමට එය අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි (නි)
ඇත්තටම මේක අහෝසි කරන්න බැරිද? (නි)
අපේ රට එක තැන. හැමදාම කළේ අනිකුත් අයට පාර අවහිර කිරීම පමණි. අපේ ළමයින්ට හොඳට ඉගෙනගන්න පුළුවන්, පුද්ගලික වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල කිහිපයක්ම ඇරිය යුතුයි. (නි)
මේක හරිම අසාධාරණයි (නි)
මම නම් මාලඹේට විරුද්ධ නැහැ (නි)
රණවීර මහතා, මෝඩකම මනින නිර්නායකයන් කුමක්දැයි කියන්න පුළුවන්ද? ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යලයකට නොතේරෙන අය, වෘත්තීය පුහුණු ආයතන හරහා සරසවියට ගොස් වෛද්‍ය වෘත්තිය කරනවා. ඒ ඔක්කොම මුදලට,සහන ණය ක්‍රමයට. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයම කණපිට ගැසිය යුතුයි. වෛද්‍ය සභාව වැන්නකින් මෙම ආයතන වාර්ෂිකව ඇගයීමට ලක්කරනවා නම් හරි.. (නි)
මේ ළමයින්ගේ ඉල්ලීම හරිම අසාධාරණයි. නිදහස් අධ්‍යාපනය කියලා අනෙකාගේ ඉගෙනීමට බාධා කරන්න හොඳ නැහැ. (නි)
ඔබලා දොස්තරලා වුණ පසු පෞද්ගලික රෝහල් වලට නොගොස් රජයේ රෝහල් වල පමණක් සේවය කරාවි යැයි අපි විශ්වාස කරමු. (නි)
අවසානයේ කුමක් වේද? (නි)
මහත්වරුනේ, ඔබලා මේ දරුවන්ට කතා කලා නම් ඔවුන්ගේ අදහස් විමසුවා නම් මේ විදියට බනින එකක් නෑ. මෙතන කිහිප දෙනෙක් ඉන්දියාව ගැන කියලා තිබුනා. ඔව් ඉන්දියාවේ තමයි වැඩිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්නේ. පහුගිය අවුරුද්දේ ඒවායින් 50කට වැඩිය වහල දැම්මා , ප්‍රමිතිය පිළිබද ප්‍රශ්න නිසා. (ර)
අනේ මන්ද මිනිස්සුන්ට තේරෙන හැටියක්. මම වෛද්‍ය පීටයේ අවසාන වසර්ව් ඉන්නේ. තව මාස කීපෙකින් මම වෛද්‍යවරයෙක්. අපේ ප්‍රතිපල ගොඩක් හොඳි. ලෝකේ එක තැනක වැඩකරන්න පුළුවන්. අපේ දරැවන් සල්ලි දීල පෞද්ගලික වෛද්‍ය පීටෙකට යවන්න බැරි වෙන එකකුත් නැහැ. සද්ද නැතුව හොඳට හම්බ කරගෙන ඉන්න එක තම තියෙන්නේ. එත් නැගපු ඉනිමගට පයින්ගහන්න තරම් අපි කුහක නැහැ. අපි කතා කරන්නේ අපි වගේම හැබෑ දක්ෂතාවයෙන් උඩට එන්න ඉන්න ළමයි වෙනුවෙන්.(අ)
ලලිත් ඔව් මේ ගල් යුගය නෙමේ එහෙනම් අපි ගින්දර පාවිච්චි කරන එක නතර කරමු මොකද එක ගල් යුගයේ දිනේ හොයා ගත්තේ. අනේ මගේ කට . නිදහස් අධ්‍යාපනය කියන්නේ අපේ රටේ සල්ලි ඇති නැති හැමෝටම ඉහලට යන්න තියෙන වටිනා අමිල අවස්ථාවක් ඒ වගේ අවස්ථා ලේසියෙන් උදා වෙන්නේ නෑ අපි එය රැකගන්න ඕනා එක එක යුග වල රැල්ලට අපේ තියෙන වටිනා දේවල් නැති වෙන්න දෙන්න බෑ ඇමෙරිකාවේ ඉන්දියාවේ වගේ ළමය පොඩි කාලේ ඉදන්ම කොල්ලේජ් ෆී එකතු කරන සංස්කෘතියක්ද අපිට ඕනි. පොඩ්ඩක් හිතන්න .ඒක හැමෝටම කොරන්න පුලුවන්ද අනික රටකට ආයෝජන ඕනේ නම් කරන්න තියෙන එකම දේ ඔකද සංචාරක කර්මාන්ත අපනයනය දියුණු කරන්න. ඒ සල්ලි වලින් අපේ ම අය ගොඩ යන්න නිදහස් අධ්‍යපනය සවිමත් කරන්න (අ)
වෛද්‍ය ශිෂ්‍යයෝ නෙමෙයි ඇත්තටම මේ ගැන කෑගහන්න ඕනෑ, පාසල් යන ළමයි ඉන්න දෙමාපියෝ. වෛද්‍ය පීඨයට මහන්සිවෙලා එන්න බැරිවුණ දුප්පත් ළමයි. (නි)
මුලින්ම ආව අයි ටි උපාධියත් ෆැෂන් එකක් උනා. හැම කෙනාම මොකක් හරි ප්‍රමිතියක් නැති කොස් එකක් කරලා මම දැන් සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් කියලා ඉන්ජිනියර් වෘත්තියේ තිබ්බ ගෞරවය 0 ට බැස්සුවා. දැන් හදන්නේ වෛද්‍ය උපාධියත් ෆැෂන් එකක් කරලා ඒකේ ගෞරවයත් 0 ට බස්සන්ට. එතකොට හැම කෙනාටම මොකක් හරි කරලා මම දැන් ඩොක්ටර් කෙනෙක් කියලා වෛද්‍ය වෘත්තියේ ගෞරවයත් නැති කරන්ට පුලුවන්නේ. (ර)
මෙම පුද්ගලික විශ්ව විද්‍යාල අරඹා දැනට අවරුදු කියක් ගත උනාද? මිලියන කියක සංවධනයක් කලාද? නොදැක්කා සේ සිට දැන් මෙතැන බොරුවට මාධ්‍යය දර්ශන තියනවා. මෙතැන තියෙන්න දේශපාලන අරමුණක් පමණි. රට ගැන නිදහස් අධ්‍යාපනය ගැන රෝගීන් ගැන මෙයාල බලන්නේ නැ. අවරුදු 4 එලියට ඇවිත් මඩිය තර කරගන්න විදිය තාම මෙයාල බලන්නේ (ඉතා සුළු පිරිසක් එසේ නොවනු ඇත) (ර)
මගේ මුල්ම ජොබ් එක වුනේ පෞද්ගලික රෝහලක. කියන්න ලැජ්ජා හිතෙන බොහෝ දේවල් තියෙනවා. මේ ගොල්ලෝ හවසට කොන්දොස්තරලවගේ අර සල්ලි බෑග් එකේ චැනෙල් සල්ලි දාගෙන, අදායම් බදුත් නොගෙවා යන්නේ නිදහස් අධ්‍යාපනය බල්ලට දාලා. ඔක්කොම නෙවෙයි, සියට අසුවක් විතර. අනුන්ගේ ළමයත් තමන්ගේ ළමයෙක් කියල හිතනවානම්, පෞද්ගලික අධ්‍යාපනය ලංකාවේ ඇරඹිය යුතුයි. පෞද්ගලික පාසල් තියනවානම් ඇයි විශ්වවිද්‍යාල බැරි කුහකකම සහ ඊර්ෂියාව. (බ)
අපිට විතරයි දොස්තරලා වෙන්න පුළුවන්. අනිත් අය නිකම්මු, මෝඩයෝ. රජයේ වෛද්‍ය ශිෂ්‍ය බලකාය (බ)
මා දන්නා තරමට ප්‍රංශයේ වෛද්‍යවරු බිහිවන්නේ රජයේ විදුහල් වලින් පමණයි. වෙනත් අංශ වලට පුද්ගලික කඩ තිබේ. (බ)
යසස්, ඔබේ අදහසට 100%ක් එකඟයි. රට ගැන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය ගැන ඔය තරම් කැක්කුමක් තියේනම් මුදලට වෙදකම් නොකළ යුතුයි. නොමිලයේ අසරණ රෝගීන්ට සේවය කළ යුතුයි (ම)
හැකියාව මත රැකියාව මිසක් උසස් පෙළ මත නෙවේ. මෙතන තියෙන්නේ තනිකරම කුහකකම මිසක් රට ගැන හිතන එක නෙවේ. (ම)
මම වෛද්‍ය පීඨකය 3 වෙනි වසරේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂයෙක්..මෙය කියවන දකින මිනිසුනේ ඇත්ත තෙරුම් ගන්න..මම තව අවුරුදු දෙකකින් දොස්තර කෙනෙක් මගේ මාර්ගයේ මම ඇවිල්ලා ඉවරයි..අපි ඊයෙ පාරට බස්සේ අපි වෙනුවෙන් නොවයි..දැන් 7,8 ඉගෙන ගන්න පොඩි එකාට ගොවියගේ පුතාට කම්කරුවගේ පුතාට ධිවරයගේ පුතාට අපි ආපු නිදහස් අධ්‍යපනයේ මර්ගයේ ඇවිල්ලා වෛද්‍ය වරයෙක් වෙන්න තිබ්බ මාර්ගය රැක ගන්නයි අපි පාරට බස්සේ..දැන් කවුරු හරි අහයි මලබේ සයිටම් එකෙන් නිදහස් අධ්‍යපනයට වෙන හනිය මොකද්ද කියලා මලබේ සයිටම් ආයතනයෙන් උසස් පෙල අසමත් වුණත් ලක්ෂ 120ක් තිබෙනම් වෛද්‍යවරයෙක් විමේ හැකියව සහ එය කල හැක්කෙ අපෙ රටෙ 2% වනි සුලුතරයකට වීම (අ) සයිටම් ආයතනය දැනට වෛද්‍ය පිඨයක් ලෙස වෛද්‍ය සභාවේ අනුමැතිය නොලැබි සිටියදි පවා අපගේ නිදහස් අධ්‍යපනයෙන් පැමිනි සිසුන්ට ඉගැන්විමට සිටින මහාචර්‍යවරු මිලදි ගැනිම අපගේ වෛද්‍ය පිඨ වල ශික්ෂණ රොහල් ලෙස පවතින අපගේ රොහල් ලබා ගනිමට කුමන්තනටය කිරිම මේ විදිහට අපේ ශික්ෂණ රොහල් ටිකයි මහාචර්‍යවරු ටිකයි හොරකම් කරට පස්සෙ දැන් 7,8 වසරේ ඉන්න පොඩි එකා AL කරල වෛද්‍ය පිඨයකට එද්දී ගොඩනැගිලි ටිකක් විතරක් ඉතුරු වෙලා තියයි..එ අහින්සක දරුවගේ කම්කරුවගේ ධිවරයගේ දරුවා වෙනුවෙන් කෑ ගහන අපි කුහකද? ඊරිසියවද ? හොදින් හිතලා බාලන්න මිනිසුනේ..ඇත්ත දකින්න..
මේ කොමෙන්ට්ස් දකින කොට සිනහ පහල වෙනවා සමහර ඒවාට නම්, කෙනෙක් කතා කරනවා නිදහස් අධ්‍යාපනය හා කසාදය ගැන, ඔහොම ගියාම ලංකාවෙ කිසිම විවාහයක් නිදහස් අධය්‍යාපනයට එකඟ නැහැ නොවැ... පෝස්ට් එකට අදාලව කතා කරන්න තරම් මිනිස්සුන් දන්නේ නැත්ද මන්දා. තව කෙනෙක් කියන්නෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක ගැන, ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක ගැන ප්‍රශ්නෙ දැනෙන්නෙ කාටද ,මහජනතාවට, ඒක ප්‍රශ්නයක් නම් ,ප්‍රශ්නය දැනෙන කෙනාට වගකීමක් තියෙනවා ඒ වෙනුවෙන් නැගී හිටින්න. මේ ළමයි ඒ ළමයි ඉන්න තැන ගැටලුවක් දැක්කා, ඒ වෙනුවෙන් කතා කරනවා. කෙනෙක්ට යම් යම් දේවල් වෙනුවෙන් පෙනීහිටිය හැකි සීමාවක් තියෙනවා. අඩුම තරමේ රටේ ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් කතා කරන්න ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා. (ර)
අපෙ රටේ සෞඛ්‍යය දර්ශක ඉන්දියාවට වඩා ඉහළින් දියුණු රටවල් වල සෞඛ්‍යය දර්ශක වලට සමානව තියෙන්නේ මොකද කියල හිතලා බලන්න. එතකොට තේරෙවි මේ ලමයි කියන කතාව. (ර)
මේ ළමයින්ට රට ගැන රටේ හෙට ගැන තිබෙන කැක්කුම අපිට දැනෙනවා. එදා රාගම රජයට ගත්තේ නැත්තම් අද අපිට හරියට බේත් ටිකක් ගන්න දොස්තර කෙනෙක් නැතිවෙනවා. ළමයිනේ, ඔබට ජයෙන් ජය! (නි)
රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් මහජනතාවගේ මුදලින් ඉගෙන ගන්න එක ඇත්ත. නමුත් ඒ මුදලට සාදරනයක් කරන්න තමියි හොදට ඉගෙන ගෙන ලංකාවට සේවයක් කරන්නේ. රෝහල්වල බෙහෙත් නැති එකට වගකියන්න ඕන වෛද්‍යවරු නෙමෙයි දේශපාලනඥයෝ. නිසි සායනික පුහුණුවක් නොලබා එලියට එන වෛද්‍ය සිසුන් කොහොමද රෝගීන්ට පොත පාඩම් කරලා පමණක් බෙහෙත් කරන්නේ. සින්දු කියන්න ආස උන පමණට සින්දු කියන්න බෑ. හැකියාව තියෙන්න ඕන. වෛද්‍ය වරයෙක් වෙන්න ආස උන පමණට මුදල් දීලා එහෙම වෙන්න බෑ තමන් එකට සුදුසුයි කියලා පෙන්නන්න ඕන. මේ ළමයි කතා කරන්නේ මහජනතාව වෙනුවෙන්. මේ ළමයි කොහොමත් වෛද්‍යවරු වෙයි. එත් රටට වෙන්න යන දේ ගැන කැක්කුමක් තියෙන නිසයි මෙහෙම කතා කරන්නේ. ඒක තේරුම් ගන්න. (ර)
තව දෙයක්. අපි පුද්ගලිකව බෙහෙත් දෙනවට අකමැති නම් ඔයාලා බෙහෙත් ගන්න එන්න එපා. අපි තරහා වෙන්නත් නැහැ ඔයාලට එන්න කියලා උද්ඝෝෂණය කරන්නෙත් නැහැ. අනික අපි විතරද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තේ. අඩුම තරමේ අපි ඒ දේ අපතේ නොයවා ප්‍රයෝජනයට ගත්තා. එහෙම නොකරපු අයනේ දැන් කෑගහන්නේ. (නි)
කට්ටිය නැති වුණාම කාර් පර්මිට් නැති වේවි කියල බය වෙලා වෙන්න ඇති. මේ පත්‍රිකා බෙදන අය කොහෙද හිටියේ කාර් පර්මිට් ඉල්ලලා කරපු වර්ජනයෙන් ලෙඩ්ඩු අපහසුතාවයට ලක්වෙන කොට ? (ම)
මේගොල්ලන් කසාද බඳින කොට සොයන්නේ අංක එකේ සල්ලිකාර පවුල් වලින් . එතකොට නිදහස් අධ්‍යාපනය මතක නැහැ. අපි දන්නා දොස්තර නෝනා කෙනෙක් ලොකු බිස්නස් කාරයෙක් බැන්දේ හරියට නොමිලේ අධ්‍යාපනයක් ගැන අහලාවත් නැති ගානට. (ම)
ඔබේම දරුවෙකු උසස්පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලයට තේරෙන දින තෙක් රජයේ වෛද්‍ය විද්‍යාල වල සියලු සම්පත් උපාධි කඩ මඟින් මිලට ගෙන ඔබේ දරුවාට කිසිවක් ඉතිරි නොකරන බව ඔබට නොවැටහෙනු ඇත. (නි)
මේ සමඟ තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල බොහෝ විවෘත වනු ඇත.ඒ අතර දුප්පත් සිසුන්ට මහන්සි වී පාඩම් කර උපාධිය ලබාගත හැකි රජයේ විශ්ව විද්‍යාල බොහෝ ගණනක් වැසී යනුද ඇත. (නි)
මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. මම කුහක නම් මා විසින් කළයුත්තේ මා ආ මාර්ගය වැසී යනතුරු බලාසිටීමත් ලක්ෂ 120ක් පමණ වියදම් කර වෛද්‍ය උපාධිය මුදලට ලබාගැනීමට සිදුවනතෙක් බලා සිටීමත්ය. මන්ද එය කළහැක්කේ රටේ ජනතාවගෙන් 2%ක් වැනි සුළු පිරිසකට පමණක් නිසා. මාලඹේට කඩේ යන ඔබ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය නඟාසිටුවීමට කතා නොකරන්නේ ඇයි? (නි)
මේ නිසා රජයේ වෛද්‍ය සිසුන්ගේ උපාධියට එහි ප්‍රමිතිය පිළිබඳ තර්ජනයක් ඇතිවන බව ඔබ දන්නවද? (නි)
අද ගල් යුගය නොවේ, ටිකක් පුළුල්ව සිතිය යුතුය. උ/පෙළ ඉහළ ලකුණු ලැබුවත් සීමිත පිරිසකට දොරටු ඇරෙන වෛද්‍ය විද්‍යාල හෝ දෙවනුව විශ්ව විද්‍යාල දොරටු ඇරෙන වාසනාවන්තයන් හැරුනම , අනිකුත් දක්ෂ ළමයින්ට තම අපේක්ෂාවන් මුදුන් පමුණූවා ගැනීමට මඟක් නැද්ද? (ම)
මෙහි ඇත්තේ අභියෝගයට ඇති බිය. වෛද්‍ය සිසුන්ට සහ වෛද්‍ය වරුනට ඔවුනගේ වෛද්‍ය ඒකාධිකාරිය මෙතෙක් කල් පවත්වා ගැනීමට තිබුණු. නමුත් මේ වෛද්‍ය විදුහල රටට අවශ්‍යම යි දැඩි වෛද්‍ය හිඟයකින් පෙලෙන ශ්‍රී ලංකාවට. මෙම වෛද්‍ය විදුහල ඉතාමත් දැඩි රාජ්‍ය අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි. මන්ද වෛද්‍ය විදුහලකින් බිහිවන්නේ යකඩ ගොඩවල් ,හා යන්ත්‍ර සුත්‍ර වල අඩුපාඩු වලට ප්‍රතිකර්ම නියම කරන වෘත්තීය වේදීන් පිරිසක් නොවන නිසා. ඔවුන් ප්‍රතිකාර නියම කරන්නේ වටිනා මිනිස් ජීවිත බේරාගැනීමට නිසා. මේම බරපතල ගැටළු වෛද්‍ය විදුහල ආරම්භයේ දී ම විසඳා නොගෙන පටන්ගත් ආයෝජකයනට සහ අනුමැතිය දුන් දේශපාලන බලධාරීනට " මඩු වලිගෙන් තැලුම් සංග්‍රහයකට " හිමිකමක් ඇත. (ර)
මාලඹේ විශ්ව විද්‍යාලය තවත් දියුණු කළයුතුයි (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යායුත්තේද පුද්ගලිකවයි. (නි)