තිස් වසරක කුරිරු යුද සමයේ ලක් දෙරන සුරකිමින් දේශය වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් ඒකල ගුවන් හමුදා කඳවුරේ ඉදිකළ රණවිරු ස්මාරකය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් විවෘත කළ අතර රණවිරු ස්මාරකය වෙත ගුවන්හමුදාපතිවරයා විසින් පුෂ්පෝපහාරයක්ද දැක්වීය.
මෙම ස්මාරකය වෙත පියනගන විට ප‍්‍රථමයෙන් හමුවන පිවිසුමි ද්වාරය රුදුරු යුද්ධයේ බියකරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.
එතැන සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අපහට රුදුරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.
ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි. ඒ අප ජීවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි.
එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු දිනය සැමරිමද ගුවන් හමුදාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එහිදී සිදු කළේය.
මිය ගිය රණවිරු පවුල් වල සමාජිකයෝද දෙනෙත් කඳුලින් පුරවාගෙන මිය ගිය තම සහෘදයන් වෙත පුෂ්පෝපහාර දැක්වුහ.
මිය ගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව් වරුන්ද, අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද, මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර වූහ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ සංකල්පයකට අනුව මෙම රණවිරු ස්මාරකය ඉදි කර ඇත.
මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් පි රණසිංහ ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජික, සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවනී අප ඔබට සදා ණයගැතියි ..මේ පින්තුර දැක්කාම ඇස් වලට කදුළු එනවා. (දී)
මුළු රටම ණය ගැතියි ඔබට .නිවන් සුව,මොක් සුව ඔබට පතනවා.(දිල්)
රණවිරුවනි ඔබ සැමදා අපේ හදවතේ ජිවත් වෙනවා. ඔබ සැමට නිවන් සුව ලැබේවා! (නදී)
අපේ හෙට දිනය වෙනුවෙන් ඔබේ අද දිනය පූජා කල අභීත රණවිරුවනි අපි ඔබව සැමදා සිහිකරමු. මහේෂ් පීරිස්. පැරීසිය (දී)
ඇස් දෙකට කඳුලක් එනවා නේද සින්හලුනේ (දී)
මේ පුවත කියවා මගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා . ඇස් දෙකට කඳුලුත් ආවා. සටනේදී මියගිය මගේ සොයුරන් රජවරුන් ව් යලි මෙලොව ඉපදේවා. ප්‍රබාකරන් සහ ත්‍රස්තවාදීන් හතරමහා අපායටත් අන්ත ස්ථානයක ඉපදීවා.(නදී)
අප අද බුක්ති විඳිනුයේ ඔබේ ලෙයින් මසින් දිවි හිමියෙන් පුදා දිනා දුන් දේශයයි. සොයුරනි ඔබ සදානුස්මරණීයයි. ඔබ සැම මතු මතුවත් අප අතරම උපදීවා! (නදී)
ඔබ දිවි පුදා පවුල් දහසක් රැකගත් පිනින් ඔබේ පවුල කිසිම කරදරයකින් තොරව දෙවියන් රැකදේවි. (නදී)
රණවිරුවනි අපි ඔබට හිස නමා ආචාර කරන්නෙමු.(නදී)
තමන්ගේම පවුලේ කෙනෙක් යුද්දෙන් මැරුණු අයට මේ පුවත ඉතා සංවේදීව දැනේවි.(දිල්)
දුවේ, අම්මේ ඔයාලගේ පුත්තු මේ වෙනකොටත් තවුතිසාවේ දෙවිවරු එක්ක ඇති ඔයාල දිහා බලාගෙන ඔයාල හැමෝටම පින් මේවගේ දරුවන් රටට බිහිකරපු එකට(දිල්)
හරිම දුකයි. අවුරුදු දෙකේ දරුවට පිය සෙනහස අහිමි වෙලා.(නදී)
මේකේ ලියල තියන ඒවා කියවන්නේ බොහොම අමාරුවෙන්, බාගෙට කියවනකොට කඳුළු එනවා, අපේ සිංහල හමුදාව ගැන අපිට ආඩම්බර හිතෙනවා. ඒගොල්ලන්ගේ ආනගතේම පුජා කරේ අපේ හෙට දවස වෙනුවෙන් කියල හිතෙනකොට පොඩි දුකක් දැනෙනවා ඒගොල්ලන්ගේ පවුල් වල උදවිය ගැන (දිල්)
අපේ හෙට දිනය වෙනුවෙන් ඔබේ අද දිනය පූජා කල අභීත රණවිරුවනි ...ඔබලාට නිවන් සුව ...ඔබ සැම සමාදානයේ සැතපේවා.(නදී0
නැති වී ගිය රණවිරුවනි! අප ඔබට සදා නය ගැතියි.(නදී)
මෙය ඉදිකරනු දුටුවෙමි. එහි සෙබලුන් වැඩ කළ අයුරු ප්‍රශංසනීයයි.(නදී)
ක්‍රියාව උතුම් නමුත්(අ)
විමුක්තිගේ කතාව හරියට හරි.(නදී)
දිවි තිබෙන තුරාවට රණවිරු දෙවිවරුන් අමතක නොකරමු . දිවි පිදු රණවිරුවනි ඔබ සියලු දෙනාට අමා මහා නිවන් සුව අත්වේවා. ආබාදිත රණ විරුවනි ඔබ සියලු දෙනා සුවපත් වේවා! (නදී)
රණවිරුවනී අප ඔබට සදා ණය ගැතියි මේ පින්තුර දැක්කාම ඇස් වලට කදුළු එනවා. (අ)
අපේ දුදරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් ඔබේ අද දවස කැප කල රණවිරු සොයුරනි ඔබට නිවන් සුව!!! (අ)
මගේ මුළු හද වතින්ම උත්තමාචාරය රණවිරුවනි (අ)
හෙළ විරුවාණනි ...........අපි ඔබට සදානයගැති.....(අ)
මගේ සහෝදර සෙබළුනි ඔබ සැමට නිවන් සුව, (අ)
අපට අපේ යැයි හඬ නඟා කියන්නට මට මගේ යැයි උදම් අනන්නට මේ අපේ යැයි හඩ නඟන්නට රටක් අප හට උරැම කර දුන් සඳා නොමියෙන මතක රන්දා වෙන් වුවත් නුඹ අපෙන් මතුදා නොමැකෙනා ලෙස ලියවුනා මතක සිත් තුල රැදේ සැමඳා (දිල්)
මගේම කෙනෙක් මෙතන නැති උනත්, මගේ දෙනුවන් තෙත් කල විරෝදාර සෙබළුනි ඔබට මගෙත් උත්තමාචාරය! සසර වසන තුරු නිවන් දකින තුරු මේ පුංචි හෙළ බිමේ යලි ඉපදේවා! (නදී)
මෙවන් නිර්මාණශිලී ස්මාරකයක් මුළු ලෝකෙමවත් නැතුව ඇති.මහා දුකක් සමගම සතුටක් දැනෙනවා.හරිම සංවේදී සමරුසටහන්.මියගිය දරුවන්ගේ දෙමව්පියන්ට පවා අපි සදා ණයගැති.ඔබලා මිය ගියත් අපේ හදවත්වල අමරණීය සිහිවටන සදහටම පවතීවි! ඔබ සැමට නිවන්සුව පතමු! (දිල්)
අපට රට ජාතිය බේරා දී දැන් සමුගත් අපේ රණවිරුවන්ට අජරාමර නිවන් සුව පතමි! (නදී)
මේ පුවත දකිනවිට මේ දසුන් දකිනවිට කොහෙන් පටන් අරගෙන මොනවා ලියන්නදැයි මට නොතේරේ. මන්ද, මෙය එතරම්ම හද කකියවන අවස්තාවක් නිසා. මේ අභීත රණවිරුවන් ඔවුන්ගේ ජීවිත පූජාකලේ සමස්ත රටේම ජීවත්වන අයව ජීවත් කරවන්න. ඉතාම කණගාටුදායක තත්වය නම් අප වෙනුවෙන් ජීවිතය දුන්න මේ මහා අනර්ඝ වස්තූන් අපේ රටේ බොහෝ අයට අමතක වී තිබීමයි. ඒ විරුවන් හැදු වැඩු දෙමවුපියන්,තම ආදරණීය බිරින්දෑවරුන්, තම ලෙයින් බිහිකළ දූ දරුවන් අමතක කර ජීවිත පූජාවෙන් මවුබිම වෙනුවෙන් සේවය කලා මිස රටෙන් තමන්ට ලැබිය යුතු දේවල් ගැන සිත සිතා සිටියේ නැහැ. ඒ නිසා අප සියලුම දෙනා මේ අභීත විරුවන්ට සාදා ණයගැති බව නැවත නැවතත් සියල්ලන්ටම මතක් කරදීමට ගෞරවනීය ගුවන් හමුදාධිපති තුමා ප්‍රමුඛ ගුවන් හමුදාවේ සියලුම දෙනා කල මේ කටයුත්ත ඉතාමත්ම අනර්ඝයි. අප වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව අත්වේවා! සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නදී)
අප රට බේරාදුන් ඔබ සියලු දෙනාට සම්මා සම්බු සරණින් නිවන් සුව ලැබේවා. අපි ඔබලාට ඔබව උස මහත් කල දෙමාපියන්ට අපගේ පින් බලයෙන් නිදුක් නීරෝගේ වෙත්වා. මෙවන් අකල් මරණයකට මතු ආත්මේ ගොදුරු නොවේවා! (නදී)
සෙබළාණනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ හඬවන්න මා මේ රෑ යාමයේ මතකයි එදා ඈත රණ බිම පුරා සටනේ වැදීලා දෙන්නා එදා නොසිතූ නිමේෂයෙන්ම මරු හා ගීයේ මව් භූමියේ ලේ ගංගා ගලා සොයුරාණනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ විරුවෙක් විලාසෙන්ම වෙන් වූ දැයේ රතුමල් පිපේවී නාමෙන් ඔබේ විඳිනා මෙවන් නේක දුක් වේදනා උපහාර වේ මේ ගී ගායනා මමත් නාවික හමුදාවේ සේවය කල රණවිරුවෙකි....(නදී)
යුද්ධයේ ජයග්‍රහණයට හිමිකම් කියන්න පොරකන නොමිනිසුන් ඔවුන්ගේ ජීවිත රණවිරුවන් ලවාම රැක ගන්න යුගයක දැයේ සැබෑ දු පුතුනේ. දහසින් බැඳී පියල්ලෙන් වත් මිළ කළ නොහැකි ඔබලාගේ ජීවිත මේ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පුද කර ඔබ විසින් කරන ලද උදාර පරිත්‍යාගය ට ඔබගේ රක්ත වර්ණ රුධිරය වැගුරු තැන්වල රත් පියුම් පිපේවා කියා පතමි.(නදී)
රණවිරුවනී අප ඔබට සදා ණයගැතියි. මේ පින්තුර දැක්කාම ඇස් වලට කදුළු එනවා.(නදී)
යෝධ බල ඇවිත් අපගේ සෙබළුන්ට මවගෙන් බීපු කිරිවල ණය ගෙවන්නට සතුරා පරාජය කරලා දිනන්නට බේරා දුන්න මවු රට මතු පරපුරට ඔබ සැමදා අපේ හදවතේ ජිවත් වෙනවා සොයුරනි(දිල්)
රණවිරුවනි ඔබ සම සදා අමරනීයයි.(නදී)
අපි ඔබට සදා ණය ගැති වන්නෙමු සොයුරනේ(දිල්)
රණ විරුවනි අපි ඔබලාට සදා නය ගැතී වෙමු. ඔබ සැමට නිවන් සුව පතමු! (නදී)
උතුම් ක්‍රියාවක්, විරුවනි ඔබ සැමට නිවන් සුව!........(දී)
රට වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සොහොයුරනි ඔබ සැම සදා අමරණීයයි. ඔබලාට නිවන් සුව. ඔබ සැම සමාදානයේ සැතපේවා. මතු ලබන ආත්මයක දීර්ඝායු පතමි.(නදී)
අපේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතය කැපකලා. වචන නැහැ මම ඔබට නය ගැති බව දනිමි. (නදී)
අප සැම ඔබට සදා ණය ගැති වෙමු. (ත)
ඔබ සදා අමරණීයි. අපේ හදවත්වල ඔබලා සැමදා සිටිනවා.(නදී)
සිංහල ජාතිය සහ බුදධාගම බේරගත්ත අපේ වීරෝධාර විරුවන්ට අපි සදා නය ගැතියි. නිවන් සුව හැමෝටම.(නදී)
සිංහල ජාතිය ,ආගම බේර ගත්ත අපේ වීරෝධාර විරුවන්ට අපි සදා ණය ගැතියි . නිවන් සුව හැමෝටම.(දිල්)
අපේ රට බේරාදුන් රණ විරුවනි ඔබලා අපේ මතකයේ සදා රැදෙනු ඇත .ඔබලා දිවි දී රැකදුන් මේ මව් බිම නැවත අරාජික කිරීමට දේශපාලකයන් තවමත් දගලමින් ඇත.ලෝකයට ගතු කියමින් මේ රටට එරෙහිවන්නන් තවමත් සිටිති මේ රණවිරුවන් ගේ නාමයෙන්වත් නිහඩ වෙන්න (දී).
රට වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සොහොයුරනි ඔබ සැම සදා අමරණීයයි ..මමත් ඔබලා වගේම ජීවිතේ යව්වන සමය රට වෙනුවෙන් කැප කල ගුවන් හමුදා සොහොයුරෙක් ....ඔබලාට නිවන් සුව ...ඔබ සැම සමාදානයේ සැතපේවා... (දී)