මීළග පොදු රාජ්‍යය මණ්ඩලීය නායක සමුළුව මෝල්ටාවේ පැවැත්වෙන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේශ් ෂර්මා කොළඹ සමුළුව අවසානයේදී ප්‍රකාශ කළේය.
සියළුම දෙනා එය එක හඩින් අනුමත කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විරෝධය පළ කරමින් මුරිසිය ඉන් ඉවත් වීමෙන් පසු ඊළග සමුළුව මෝල්ටාවේ පැවැත්වීමට තීරණය වෙයි.
සමුළුව 2015 දී මෝල්ටාවේ පවත්වන ලෙස මෝල්ටා අගමැති ආරාධනය කළ බවත් සියලු සාමාජිකයන් එය ඒක මතිකව පිළිගත් බවත් සමුළු මහ ලේකම් කමලේශ් ෂර්මා පුවත්පත් වාර්තාකරුවන් හා පැවසීය.
මීළග සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ මුරිසියේය. එහෙත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියා කළාපය ගෙනහැර පාමින් එහි අගමැති නවීන් චන්ද්‍රා ලාම් ගුලාම් එය වර්ජනය කළේය.මුරිසියේ ජනගහණයෙන් සියයට දහයක් දෙමළ ජනයාය.එහි ජන ගහණය ලක්ෂ දහතුනකට ආසන්නය.
මධ්‍යධරණිය මුහුදේ දකුණු යුරෝපයේ පිහිටි මෝල්ටා කොදෙව් දුපත් සිසිලියට කිලෝ මීටර් අසුවක් දකුණින්ද ටියුනිසියාවට කිලෝමීටර් 284 ක් නැගෙනහිරින් ද ලිබියාවට කිලෝමීටර් 333 ක් උතුරින් ද පිහිටියේය.රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 316 කි.ලොව කුඩාම රාජ්‍යන්ගෙන් එකකකි.එහෙත් බෙහෙවින්ම ජනගහණය අධික රටකි .ජන ගහණය පන්ලක්ෂයකට ආසන්නය.
අග නගරය වැලෙට්ටාය.1964 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබු මෝල්ටාව 1974 දී ජන රජයක් විය.1964 දී එක්සත් ජාතින්ගේ සංවිධානයටද 2004 යුරෝපා සංගමයටද ඇතුළු විය.ප්‍රාග් ඓතිහාසිකත්වයට උරුමකම් කියන මොල්ටාවේ ලෝක උරුම ස්මාරක 7 ක් ඇත.
ආගම රෝමානු කතෝලික ආගමයි. 95% මෝල්ටා ජාතිකයෝය.2% ආසන්න ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයෝය.යුරෝව භාවිත මුදලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මෝඩ සිංහලයන් කොටසක්, පුවතක් කියවා වටහාගන්නට බැරි? මුරිසි දිවයින මීළඟ චෝගම් සමුළුව ඉල්ලා සිටියේ දැනට වසර දෙකකට කලින්. එය ඔවුන්ට නොලැබුණේ ඔවුන් වර්ජනය කළ නිසයි. සියයට 10 ක දමිළයන් සතුටු කිරීමට මුරිසිය වර්ජනය කළ නිසා. මෝල්ටා අගමැති ඉල්ලා සිටියා මීළඟ සමුළුව මෝල්ටා රටේ තබන්න. (නි)
මුරිසියේ අගමැති එයාලට චෝගම් පවත්වන්න නොහැකි නිසා ලංකාවේ චෝගම් එක මග හැරියා. ඉන්දියාවේ තීරණයට සපෝර්ට් කරනවා කියලා පෙන්නුවා. (නි)
චෝගම්ට බනින්න එපා. අපි වගේ කුඩා ව්‍යාපාරිකයන්ට ඇත්තටම හුඟක් ඇණවුම් ආවා. (දේශීය නිෂ්පාදන) සහ මැණික්. (නි)
යුද්දෙත් ඉවර කරලා සමුලුවකුත් තිබ්බා නේද කරදරයක් නැතුව? සතුටු වෙන්න ලාංකිකයෙක් හැටියට. නැත්නම් කියයි එහෙම එකක්වත් තියාගන්න බැහැ කියලා. එහෙමනේ අපේ අයගේ හැටි. අපි මේ ප්‍රදර්ශනේ අවසන් වෙලා ගෙදර ආ හැටියෙමයි මේ ලියන්නේ. (නි)
මගේ අදහසත් මුරුසිය අනුවණ ක්‍රියාවක් විදහා දැක්කේ.ඒකේ ප්‍රතිපල මාසෙකටත් අඩු කාලෙකින් ලැබුනා.ඊලාම් වාදීන්ගේ අදහස යාපනය, තමිල්නාඩුව සහ මුරුසිය, එක්කොට රිසිසේ තමන්ගේ සිහින පාරාදීසය හදාගන්න. යුධ හමුදාවක් නැති මුරිසියට වෙන දේ බලාගන්න පුළුවන් ළඟදීම!!! (ස)
අපරාදේ මුරුසියේ එල්.ටී.ටී එකට වෙනම රජයක් හද ගන්න තිබුන අවස්ථාවනැති කරගත්තා.(නදී)
කෙනෙකුට වලිගය පෑගිලා වගේ. ඇනගත්තෙ මෝල්ටාව නෙමෙයි මුර්සියනෙ. (නි)
ආවත් අපිට වැඩක් නැහැ කොටින්ට ගැති අය නොඑන එකමයි හොඳ.(නදී)
ආරියසේන, ඔබ ඉතාම නිවැරදිව පෙන්වාදුන්නේ අපේ විරුද්ධ පක්ෂවල එක පැත්තක්. ඕකෙ අනික් පැත්ත තමයි, රජයට විරුද්ධ වෙනවයි කියලා හිතාගෙන ජනතාවට පක්ෂය එපා වෙන මෝඩකම් කරන එක. මේ වෙලාවේ මැක්රේ ගෙන්නාගෙන මාධ්‍ය සාකච්ඡා තියන එක හරිද? සතුරාගේ සතුරා මිතුරාය' කියන න්‍යාය සමහරවිට හරි ඇති. හැබැයි ඒක බලාගෙන ඉන්න ජනතාවට නම් 'රටේ සතුරාගේ මිතුරා රටෙත් සතුරාය' කියලා හිතයිද දන්නෙ නැහැ. බස්නාහිර ඡන්දෙදි ඕක පෙනෙයි. (නි)
නවීන් චන්ඳ්‍රා ලාම් ගුලාම් මොරෂියස් අගමැති තුමාට යම් දිනක තරේවී සියයට දහයක් ඉන්න අය ඊළමක් ඉල්ලුවාම(දිල්)
පිටිගල මිලානෝ මහත්තයෝ ,මේ මෝල්ටාව ඉතාලිය කිට්ටුව තියෙන අසල් වැසි දුපතක් නේද . කියන්නකෝ බලන්න අපිට ඒ ගැන විස්තර ටිකක්.(දිල්)
මම යෝජනා කරනවා කැනඩාවේ එංගලන්තයේ සහ තමිල්නාඩුවේ ඊළාම් පිහිටුවන්න. මොකද එයාලට පුදුම උනක්නේ තියෙන්නේ. (දී)
මෝල්ටාව ගැන කතා කිරීමට පෙර මුරුසිය ගැන කතා කළ යුතුය. සියයට දහයකට මඳක් අඩු දෙමළ ජනතාවක් ඇති මුරුසිය කාගේ හෝ බලකිරීමකට මෙයට සහභාගී නොවුණත් මේ නිසාම 'ඊළමකට' ගැළපෙන එකම රට මුරුසිය බව අදුරදර්ශීව පෙන්නුම් කර ඇත. මෙහි විපාක ළඟදීම ඔවුන් අත්විඳිනු ඇත. (නි)
මෝල්ටාව කුඩා දුපත් දෙකකින් සමන්විත, ඉතාලියට ආසන්නවම පිහිටි බිම් කොටසකි. රාජ්‍ය භාෂා මොල්ටීස් සහ ඉංග්‍රීසි වුවත් ඉතාලි භාෂාව ප්‍රධාන ලෙස භාවිතා වේ. මුළු දුපත් දෙකම පිරෙන්නට ගොඩනැගිලි ඇති මෙම රාජ්‍යයේ හිස්බිම් විරලය. නමුත් ලස්සන බැවින් සංචාරකයෝ බොහෝ පැමිණේ. වසන්ත සමයේ සන්ධ්‍යා භාගයට අවන්හල් සහ බීම හල් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගොස් මනරම් දසුනක් මවයි. (නි)
පිටිගල අයියා වසන්ත සමයේ මොල්ටාවේ බාර් එකක් ළඟ වැටිලා ඉන්නවා මම දැක්කා. (නි)
පිටිගල මිලානෝ කියනවා මෙන් බැරිද ඉන්න කොටි ටිකයි අාවඩන දමිළයෝ ටිකයි මුරුසියට තල්ලු කරන්න. එතකොට අපට සාමයෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. (නි)
මෝල්ටාවේ මෝල්ලු ශ්‍රී ලංකාවට කොකා පෙන්නන්න ගිහින් ඇනගත්ත නේද ? (නදී)
මෝල්ටාව අපි සාදරයෙන් පිළිගනිමු.(දිල්)
හොඳ තීරණයක්. (දිල්)
වසර කීපයකට ඉස්සෙල්ල.... තායිලන්තේ හරහා මොල්ටාවට යවල මිනිස්සුන්ව යුරෝපයට පටවන ජාවාරම් කාරයෝ ටිකක් හිටිය එල් ටී ටී එක ට සම්බන්ධ.... ඒ අය ක්‍රියා කළේ තායිලන්තේ ඉදල...දැන් නම් උන්ටික පේන්න නැහැ... යාපනේ පැත්තේ දෙමල මිනිස්සුන්ගේ නෑදෑයෝ එහෙම පැනල ගිහිල්ල යුරෝපයේ ඉදල දැන් සල්ලි එවනවා ඉතුරු අයවත් ගෙන්වා ගන්න....(දිල්)
මුරිසි රට සියයට 10 ක දෙමල ජනතාව වෙනුවෙන් කඩේ ගියා . වර්ජනය කළා . කිසිත් නොදෙන . මුරිසි අගමැතිට ඇවිත් සියසින් සියල්ල බලා ගන්නට තිබුන අවස්ථාව නැතුව ගියා . ලබන වර චෝගම් සමුළුව මොල්ටාවේ . සාර්ථකව පැවැත්වීමට වාතාවරණය ලේබෙවා පතමි(දිල්)
ලොකු ආර්ථික කඩා වැටීමක් තියෙන රටේ ඊ ළඟ සමුළුව අපිට කියල දැනගෙනම ඒ රටේ නායකයා මේ සමුළුව වර්ජනය කරන්න ඇති. සෝබන වලට ගිහිල්ල ලංකාවත් අනාගෙන ඉන්නේ කියල දැනෙන්න ඇති. (ස)
ඔය අපි කන මුරිසි අන්නාසිත් මුරිසියෙන් එන ඒවාද ? දන්නේ නැති නිසා අහන්නේ .ප්‍රතිචාරයක් දෙන්න . මම වගේ මෝඩයෙක් දෙනුවත් වන්නට වත්.(නදී)
මම මුරුසියේ ජීවත් වෙන ලංකාවේ කෙනෙක්. මුරුසිය ලස්සන, හොඳ නීති තියෙන, නීතිගරුක මිනිස්සු ඉන්න රටක්. පර්ලිම්න්තුවේ මෝඩයෝ නැති, උගත්තු බොහොමයක් ඉන්න අප්‍රිකාවේ තියෙන හොඳම රටක්. නමුත් කරමෙට බ්රේක් නැහැ වගේ, අර ඩයස් ලා ගේ පොරවල් 10% ක් මෙහෙත් ඉන්නවා. ඒ ගොල්ලන්ට මෙහෙ හොඳ බලයකුත් තියෙනවා. පහුගිය යුද්දේ කාලේ ඒ ගොල්ලෝ මෙහෙ හර්තාල් දැම්ම යුද්දේ නවත්තන්න කියල. එල් ටී ටී එක ඊලම ඉල්ලනකොට මුලින්ම ඇත උස්සපු කණ්ඩායම ඉන්නෙත් මෙහෙ. ඒ ගොල්ලෝ තමා ආණ්ඩුව නොමග යවල සමුළුවට එන ගමන නැවැත්තුවේ. දැන් ආණ්ඩුවටත් තේරේවි කරගත්ත ගොන්කම. ලංකාවේ වෙන හොඳ දේවල් ගැන මෙහෙ ආණ්ඩුවට පැහැදිලිව පෙන්නලා දෙන්න දක්ෂ කවුන්සිල් කෙනෙක් මෙහෙ නැහැ. ලංකාවේ අය 1000 - 1500 ක් මේ රටේ වැඩ කරන හින්ද ආණ්ඩුව ඒ ගැන දැන්වත් හිතුවොත් වටිනවා. (නදී)
මුරුසියට ඔච්චර අමාරු නම් අන්තවාදී දෙමළුන් ටික මුරුසියට ගෙන්න ගන්ට තියෙන්නේ. අපිට වද නොදී. (ස)
මුරුසියට හොඳට මොලේ තියෙනව. ලෝකෙට ණයවෙලා රටේ තියෙන සොච්චමත් වියදම් කරගෙන චෝගම් නාඩගම නටනවට වඩා හොඳයි නිකන් ඉන්න එක(දිල්)
මුරුසිය අපි වගේ මෝඩද? (නදී)
සමන්, ඔයා නම් මහා හිඟන පොරක් වගේ. හැම වෙලේම නැති බනේම තමා. ඔයා ගොඩක් ණය වෙලාද ඉන්නේ. ඔයා වගේ කෙනෙක් උදේට දැක්කොත් දවසම ඉවරයි. (ස)
ආව රටවල් වලට මගේ ගෞරවය.(නදී)
පිටිගල අයියා මොල්ටවේ කැසිනෝ තියනවද? (ස)
හැම දෙයක්ම සිදු වෙන්නේ රටේ යහපතටයි කියා සිතන්න පුරුදුවෙන්න. කරන හැමදේටම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් රටක දියුණුවක් ගැන හිතන්න පුළුවන් කමක් නැත. විරුද්ධ පක්ෂයේ පිරිස අධිවේගී මාර්ග හදනවට විරුද්ධයි , කර්මාන්ත ශාලා හදනවට විරුද්ධයි ,වරායවල් හදනවට විරුද්ධයි, සම්මේලන තියෙනවට විරුද්ධයි, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරනවට විරුද්ධයි. අලුතින් ගුවන් තොටුපළවල් ඇති කරනවට විරුද්ධයි. කරන හැම දේකටම විරුද්ධයි.මේ විරුද්ධ වන අය අඩුම වශයෙන් අධිවේග මාර්ගවල යාම වර්ජනය කරල තියෙනවද ? ඒවාට මොර ගහන්න පෙළපාලි යන්නත් බත්මුලට,මුදල් වලට ලැස්තිවෙලා ඉන්නවා. නමුත් මේ අයගේ ඡන්දය වත් ඒ අයට ලැබෙන්නේ නැහැ. (නදී)
හොඳ අදහසක් ආරියසේන මහත්තයෝ............(නදී).
ඒක හොඳයි. මමත් බැලුව අප්‍රිකාව පහල තියෙන කුඩා දූපත ඇයි වර්ජනය කළේ කියලා. බැලුවහමනේ තෙරුනේ, කතන්දරය. ඒ ජනපතිත් හින්දු භක්තිකයන්.(නදී)
ශේන්, ඔබ අදහස 100% මා එකඟයි.ඒ වගේම කැනඩාව, එංගලන්තය, ඉන්දියාව මේ රටවල් වලට දමිල ජනතාව ගැන එපමණ කැක්කුමක් ඇත්නම් ඒ රටවල් වල ඕන තරම් ඉඩ තියෙනවා ගෙනිහින් පදිංචි කරගත්ත නම් මේ ප්‍රශ්නය ඉවරයි. (ස)