(අංජුල මහික වීරරත්න)
මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ මිනීමරු සංස්කෘතියක් තිබෙන පක්ෂයක් බව පැවසූ ඇමතිවරයා පොහොට්ටුව කවදාවත් මිනීමරා නැති බවත් රටට වැඩ කළ පක්ෂයක් බවත් සදහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.
වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි.
"අපි ඉදිරි කාලය තුළ ගමට ගිහින් අපේ පක්ෂය සහ අපේ පාක්ෂිකයින් තව තවත් ශක්තිමත් කරනවා. අපේ පාක්ෂිකයින්ට මින් ඉදිරියට කරදර හිරිහැර කරන අයට ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං පැහැදිලිව කියනවා. මේක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. අවවාදයක් විදිහට ගන්නත් පුළුවන්. අද ජේවිපි රැල්ලක් නැහැ. අපි කාටවත් ඕනි විදිහට නටන්න සුදානම් නැහැ.
ලබන වසරේ අපි මැතිවරණයකට මුහුණ දෙනවා. සැප්තැම්බර් වන විට අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. රට ශක්තිමත් වුණාම අපි ඡන්දය ලබා දෙනවා. අපේ නායකයෝ යුද්ධයෙන් රට බේරා ගත්තා. කොවිඩ්වලින් රට බේරා ගත්තා. එහෙම පක්ෂයක් අපි. ඒ වගේම මං කියනවා, ඊලග මැතිවරණයේදී පොහොට්ටුව සමග එක්ව තරග කරන කෙනා තමයි ජනාධිපති වෙන්නේ. ඒ වගේම ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපි. ඔබේ සහයත් සමග අපි ඒක අනිවාර්යෙන්ම සිදු කරනවා.”යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කප්පම් කාරයින්නේ..!
ඒ කියන්නේ මේ සැරේ පොහොට්ටුවට තමන්ගේ කියලා ජනාධිපති අපේක්ෂකයෙක් වත් නැහැ... අනේ අපොයි..!
කමක් නැහැ... අපි මාලිමාවට...!
දවල්හීන තමයි කප්පන්ගේ..!
තර්ජන කරකර කයිවාරු ගහගහ හිටපිය මහ ලොකු චණ්ඩි. තාම හරියට වැවකින් නාලා නැහැ.
පොහොට්ටුව රට වටේ දීලා රටම හාන්සි කරවපු පක්ෂයක්...! පොහොට්ටුවෙන් ආණ්ඩුව නියෝජනය කරන්නේ චොකාමල්ලි, දුමින්ද, ලන්සා වැනි අය... මහාපරිමාණ කප්පම්කාරයෙකුගේ කෝණයකින් බලනකොට මේවා ප්‍රශ්න නොවේ.
ඉස්සර පැල් බැඳගෙන UNP එකට බැන්න එකා, දැන් ජවිපෙට බනින්න පටන් අරගෙන.. NPP දිනන බව සක්සුදක් සේ පැහැදිලි නිසා බයේ වෙවුලනවා.. විකල්ලෙන් මොරදෙනවා.
මහා ලොකු සුද්දවන්තයා... සුදුවෑන්, ඝාතන, අතුරුදහන් කරවපු හැටි දන්නේම නැහැ. රටේ ආර්තිකය මුළුමනින්ම විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ අය සහ වටේ හිටපු හොර දූෂිත දේශපාලුවන්...
වැඩිදුරක් යන්න අවශ්‍ය නැහැ මිනීමරුවෝ හොයන්න. ඔය සුරංගනා කතන්දර කියන අය හිරෙත් හිටියා!!! මම කියන්නේ බොරුද ?
පාස්කු ප්‍රහාරය ගැන මෙයාට අමතක වෙලාද කොහේද?
අවසාන කාලේ විකාර කියවනවා. කව්ද ඕවා ගණන් ගන්නේ...? ඡන්දෙන් පස්සේ ආයේ පොහොට්ටුව මැකිලාම යනවා බයවෙන්න එපා. ආයේ කතා දෙකක් නෑ...!
අසව් අසව් තප්පුලනවෝ. ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ ඉන්නේ...!
අනේ පව්, මෙයා ආයෙත් එනවද බලමු... මොකද වෙන්නේ කියලා.. ඔයාට කව්ද දෙන්නේ... ආයෙත් රැවටෙන්නේ නැහැ ඔයාට...
පොහොට්ටුවේ සහාය ලබා ගන්න එක්කෙනා කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් කියන එක නොවෙයි නේද? අපි දන්නවා පොහොට්ටු හොර නඩයට කිසිම විදියක තර්ජනයක් නොවන්නේ රනිල්ගෙන් බව... ළඟම උදාහරණය, චාමරට ජනපති මොකද කළේ?
ගම්පහ ඉන්නේ අමු මෝඩයෝ බවට හොද උදාහරණයක් ....
උසාවියකින් වරදකාරයා වෙලා ඳඬුවම් ලබාපු එකා ගිහින් තියෙන උඩ. අපිත්ගෙ බලාගෙන ඉන්නේ තොපිට ඡන්දය දාන්න තමයි.
තොපේ ඔය ඔක්කොම චණ්ඩිකම් චන්දයක් තියෙනකම් විතරයි සූකරයෝ.
මෙතන කමන්ට් වලින්නම් තොපිට චන්ද එකකවත් නැහැ අඟහරු ලෝකෙ චන්ද දායකයො චන්දෙට ගේන නිසා තමයි දිනන්නෙ