කොළඹ ජාතික රෝහලට පොලිසියෙන් රැගෙන එන නාදුනන මළ සිරුරු බාර ගැනීම තාවකාලිකව නතර කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
මේ බව බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති මගින් කොළඹ සියලුම පොලිසිවලට දන්වා ඇතැයි ඔහු කියයි.
එසේ ගෙන එන සිරුරු මාස ගණනක් තිස්සේ මෘත ශරිරාගාරයේ තැබීමෙන් එහි තදබදයක් හා දුර්ගන්ධයක් ඇති වී අවට පරිසරයට බලවත් හානි සිදු වන බව ද එහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේක අහල හිනාවෙන්න තැනක් හොයාගන්න බැරුව .කල්පනා කළේ.මමං මේවට කොහෙන්ද හිනාවෙන්නේ කියල..? දත්මිටිකාගෙන මේ ලියන්නේ ඒ ඉස්පිරිතාලේ අධ්‍යක්ස ඔහොම කීවේ ඒකට විකල්පයක් හොයලා දීලද ? දැන් ලංකාවේ මල මිනී කාණුවල හිරවෙලා කුනුවෙද්දී ඒ ගැන කවුද ආඩම්බර වෙන්නේ ? මේ වැනි කතා මම ඇහුවමයි ..ලෝකේ ඕනෙම රටක ..හදිසි අනතුරකින් කෙනෙක් මැරුනොත් එය රැගෙන යන්නේ ඒ ලගම ඇති රෝහලටයි..? අපේ රටේ පොලිසියට දැන් මොචරියකුත් අනුමත වේවි මෙදා අය වැයෙන්...? ඔන්න පලකයිනේ ..දැනුයි වෙලාව එල්ලුම් ගහ ගෙනෙන්න ..? අපරාධ කාරයෝ ..සියල්ලම එල්ලා මරල නීතිගරුකව .. සමාජයේ මිනිසාට ඇති ජීවත්වීමේ නිදහස් තැන හදමු ..? (අ)
ඒ කියන්නේ වළවල් හාරා කුණුරොඩු දමන විදිහට වළ දමන්න කියලද? (නි)
පුදුම කතාවක්නේ. එතකොට පොලිසිය මොනවද කරන්න ඕනෑ (නි)
පොලිසි වලත් මෘත ශරිරාගාර හදමු එතකොට ප්‍රශ්නේ ඉවරයි. මෙහෙමත් රටක් පරීක්ෂණ ඉක්මනින් ඉවර කරලා මල සිරුරු භූමදාන කරන්න කට යුතු කරන වැඩ පිළිවෙලක් හදනවා ඇරෙන්න බාර නොගැනීම පිලියමක් නෙමෙයි. රෝහලයි පොලිසියයි දෙකේම පාලනය කරන උගත් යයි කියන අයගේ කතා මෙහෙම තමයි.(රේ)
දවසකට නාඳුනන මළ සිරුරු කීයක් එනවද? එතකොට මළ සිරුරු තබන්න විකල්ප තැනත් තියෙනවද? නැත්නම් පොලිසියේ තියාගන්න වෙනවද? (නි)
රටක් පාලනය යනු මේ සියල්ලමයි. පාලනයට දක්ෂ මිනිස්සු හැමවිටම දොස්තරලා හෝ ඉංජිනේරුවරු නොවෙති. නායකයා සහ කළමනාකරුවන් අතර පරතරය විශාලයි. ආයතන වලට සහ දේශපාලනයට උගත් නායකයන් අත්‍යවශ්‍ය කාලයකි මේ. මේවා වෙනස් කිරීමට අපේ රටේ මෑත කාලයේ සිටි සහ දැන් සිටින සැබෑ නායකත්වය ඇති පුද්ගලයන් ඔබට සිහිවනු නොඅනුමානයි. (නි)
එහෙනම් ඒවා කන්න තමා වෙන්නේ පොලිසියට (අ)
මළ සිරුරක් වුනාට කමක් නැහැ. රිමාන්ඩ් කරපල්ලා.එ්කනේ ඔය ඩිරෙක්ටර් කියන්නේ?රෝහලට අරගෙන යන්නේ නැතුව මොනවා කරන්දද? පොලිසියේ මෝචරි තියනවද?(හේ)
මෙච්චර නාදුනන මලසිරිරු තියෙනවද ?(හේ)
මේක මහා ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට.(හේ)
දැන් කොහෙද ලංකාවේ නාදුනන මළ සිරුරු.(හේ)
අනේ ඉතින් දැන් බලනකොට මැරිලත් නිදහසක් නෑනේ (අ)
එසේ නම් ඒවා පොලිසියේම තියා ගන්නද? (නි)
අයි බන් ඕවාත් රාජකීය විදුහලට ගන්න කියලා කියපන්කො (අ)
පිටින් ගෙනෙන මළ සිරුරු නිසා එහි තදබදයක් ඇතිවුණත්, දුර්ගන්ධයක් ඇතිවෙන්නේ කොහාමද. මළ සිරුරු තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහල වන කොළඹ ජාතික රෝහලට ශීතාගාර පහසුකම් නැත්නම් එයට වගකිව යුතු වන්නේ කවුරුන්ද? (නි)