(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩි සෝසා නම් කාන්තාවකි. එරිකා රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුව රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු බවත් දෙදෙනා ඥාතීන් බව මූලික විමර්ශන වලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.
එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවත් බ්‍රසීල පොලිසිය පැවැසුවේය.ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ මාමේ ණය ගන්න අත්සන් කරන්න මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න යනුවෙන් එරිකා මළ සිරුරට ප්‍රකාශ කර ඇතැයි බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි බ්‍රසීල පොලිසිය පැවැසුවේය .
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි
පසුගිය ඉරිදා (28) සවස මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකු සහ ඔහු සමග පැමිණි පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය ස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබේ .
රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධාය
අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍ර
මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
පිටිගල මිලානෝ Friday, 19 April 2024 01:08 PM
ලංකාවෙත් ඉන්නවා ඇවිදින මළමිනියක් හිටපු ගමන් ප්‍රසිද්ධ මළගෙවල් වල සහ සමහර දේශපාලන උත්සව වලට රිංගන.