IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


සීදූව හිටපු නාගරික මන්ත්‍රී කුඩු සමග මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්ච)

අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250 ක් සමග දූනාගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි.

බඩල්ගම පොලිසියේ නිලධාරි පිරිසක් ගොඩිගමුව ප්‍රදේශයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටිය දී පරීක්ෂාවට ලක් කළ තීරෝද රථයක සිටි පුද්ගලයකු අත තිබී කුඩු පැකට්ටුවක් හමු වී ඇත .

මෙසේ කුඩු පැකට්ටුවක් සතුව තිබූ සැකකරු මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදෙන උක්කුවා නැමැති පුද්ගලයකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණ වරෙන්තු කිහිපයක් ඇති බවද හෙළි වී ඇත .

අනතුරුව සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඔහුට හෙරොයින් පැකට්ටුව ලබා දුන් පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි වී ඇත.

එම සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුව පොලිසියේ මැදිහත්වීම මත ඔහුට හෙරොයින් මත්කුඩු ලබා දෙන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී හෙරොයින් පාර්සලයක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ .

 



අදහස් (3)

සීදූව හිටපු නාගරික මන්ත්‍රී කුඩු සමග මාට්ටු

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 02 May 2024 02:23 PM

ලංකාවේ සමහර ඡන්දදායකයින්ගේ තේරීම හා මනාපය අනුව නාගරික මන්ත්‍රීවරයකු වීමේ උසස් සුදුසුකම් ලත් නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයක් අනේ.

:       0       5

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 03:21 PM

හිටපු නාගරික මන්ත්‍රී මාලිමාවේ අයෙක් නොවන බව විශ්වාසයි.

:       4       10

Bunny Preena Friday, 03 May 2024 09:40 AM

ප්‍රධාන පක්ෂවල ඉන්න තරමක් ඉන්නේ මැරවරයින් ,දොස්තරයින් ,හොරුන් සහ සූත්තර කාරයින් ,ඔවුන් සැවොම මෙවර මැතිවරණයෙන් පන්නා දැමිය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කැලිෆෝනියා නගරයක් විකිණීමට ඇත
2024 මැයි මස 17 423 0

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන කැම්පෝ අලෙවි කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙන බවත් නගරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් බවත් ට


රෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයි
2024 මැයි මස 17 311 0

රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වී


සචිත්‍රගේ හඬෙහි වාර්තාව ඉල්ලා රස පරීක්ෂකට සිහි කැඳවීමක්
2024 මැයි මස 17 134 0

ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වෙන විශේෂඥ ව


යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙන්නා රෝහලේ
2024 මැයි මස 17 347 0

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල


ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි
2024 මැයි මස 17 1291 0

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.


සරණාගතයකු වූ එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට
2024 මැයි මස 17 1043 1

ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය. ඉප්ස්විච් නගර සභා වාර්ෂික ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 744 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2281 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1963 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site