‘මේ ලෝකේ යහපත් දේවලින් කරන්නට අපහසුම දේ තමන්ගේ දේවල් අනුන් වෙනුවෙන් පරිත්‍යාගය කිරීමයි . පෞද්ගලික වාසි ගැන බලාපොරොත්තු නොවී අනෙකා , සමාජය හා රටේ යහපත වෙනුවෙන් සිදු කරන පරිත්‍යාගය තරම් තවත් උතුම් දෙයක් නෑ. තමන් කරන වැඩ කටයුතු වලින් තමන්ට වගේම අනුන්ට අයහපතක් වෙනවානම් එය අතහැර දැමිය යුතුයි. කිසි විටකත් උපන් බිමට ජනතාවට හානික් සිදු කරන්න එපා .එය කවදා හෝ ශාපයක් වෙනවා’
යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට දස වසරක් හා මොහාන් ලාල් ග්‍රේරු පදනමට දස වසරක් පිරීම නිමිත්තෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැති ‘සියවසක් ඉක්ම වු දශයකයක්’ සංවත්සර උළෙල අමතමින් උන්වහන්සේ මේ බව පැවසුහ.
මොහාන් ලාල් ග්‍රේරු පදනම පිළිබඳ සියළු තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් හා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් විවෘත කිරීම ද එහිදී සිදු කෙරිණී.
එහිදී සෝභිත හිමියෝ මෙසේද කීහ.
‘බොහෝ දෙනා තමන් පිළිබදව පමණක් සිතන යුගයක මොහාන් ලාල් ග්‍රේරු මහතා දුප්පත් දරුවන් වෙනුවෙන් ඇරැඹු ග්‍රේරු පදනම සහ ලයිසියම් පාසල් සමුහයෙන් විශාල සේවයක් සිදු වනවා.
ඔහු ගිහි පැවිදි දෙපිරිසේම ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු සදහා නොමිලේ අවස්ථාවක් ලබා දී දීබෙනවා.ඇති හැකි අය තම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙද්දී දුප්පත් දරුවන් එය සිහිනයක් වී ඇති යුගයක ග්‍රේරු පදනම කරන මෙහෙවර අගය කළ යුතුයි.’
‘කවදා හරි අපි මළත් අපේ නම ජීවත් විය යුතුයි. තමන් මහන්සියෙන් උපයා ගත් දැනුම හා ලාබය තවත් කෙනකුගේ යහපත උදෙසා භාවිතා කිරිමෙන් ග්‍රේරු මහතා උතුම් ගුණාංග මුළු රටට පෙන්නුම් කර තිබෙනවා .’
අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන, යෞවන කටයුතු නිපුනතා හා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම’ එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය ,එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් , නව වාමාශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ.
සර්ව ආගමික පුජකවරුන් සහ දේශපාලනඥයින් ,කලාකරුවන් ඇතුලු ප්‍රභූන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරු මහත්මයා කවදත් හොඳ දේ කළ මහත්මයෙක් කියා කට පුරවා කියන්න පුලුවන්. (ස)
මෙතුමා පරමාදර්ශී බුද්ධිමතෙකි. එතුමාගේ ඒ උතුම් මෙහෙවර විශිෂ්ටයි. විවාදයක් නොමැත. (ස)
ඔබ සිදු කරන සේවය විශිෂ්ටයි අනාගතයේදීත් මීට වඩා සේවයක් රටට කරන්නට හැකි වේවා !(දිල්)
නාමේ නොදිරනා කුණු කය දිරනා (දී)
මෙතුමා නියම මහත්මයෙක්. හොඳ ආදර්ශවත් චරිතයක්. හිත නිවන ප්‍රවෘත්තියක් කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. සුභ අනාගතයක්! (නි)
ගරු මැතිතුමනි, ඔබතුමන් අපේ රටට දෙයට කරන මහඟු සේවය කිසිදාක මිල කළ නොහැකියි. (නි)
ග්‍රේරු කියන්නෙ ඇත්තටම පරමාදර්ශයක්.මෙම ඡායාරූප ටික දැක්කහම මට හිතුනේ මේ විවිධ දේශපාලන අදහස් තියෙන සියලු දෙනා එක වේදිකාවකට අාවේ ඔහු තුළ තිබෙන නිරහංකාර අවංකකම නිසා කියායි.ඇත්තටම ඔබට පමණයි මේ එකතුව මෑත කාලය තුළ කරන්න පුලුවන් වුණේ.ඔබ රටට ජාතියට සම්පතකි.දේශපාලන සහ සමාජ සේවයට සුභ පතමි (නි)
හොඳ හෝ නරක නාමය පවතින්නේ තමන් කරන කියන දේ තුලිනුයි. මෙවැනි කටයුතු වලින් ඒ නාමය සදා පවතීවි.. (දී)