අම්මාගේ සහ ආච්චිගේ මළ පෙරේත දිෂ්ටියත් දියණිය (11) පාසල් යාමට දක්වන මැලිකමත් නැති කිරිමට ශාන්ති කර්මයක් කිරීමට නුවරඑළියේ සිට කළුතර දිස්ත්‍රික්කයට ආ යකදුරෙක් දැරියට අතවර කළැයි සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
මේ ශාන්ති කර්මය ගැන දැරියගේ පියාටද නොදන්වා දැරියගේ මව ආච්චි අම්මාගේ නිවසට ගොස් ඇතැයිද රාත්‍රී 7 ට පමණ ශාන්ති කර්මය ඇරැඹු යකදුරා නිවැසියන් එළියට යවා,ජීවම් කළ බුලත් කොළය බැගින් දැරියගේ මවට, දැරියට හා ආච්චිට දී විදුලියද නිවා, එකිනෙකාට නොපෙනෙන දුරින් ඈත් වී අහසේ සිටින දෙවියන් වඩින අයුරු බලා සිටින්නට යැයි කියා ඇතැයිද ඔහු මන්තර ජප කරමින් දෙහි කපමින් හතලිස් දෙවාරයක් ගේ වටේ ගොස් ඇතැයිද අම්මා සහ ආච්චි අම්මා දෙවියන් එන තුරු බලා සිටියදී ඔහු දැරියට තර්ජනය කර ඇය කෙළෙසා ඇතැයිද පොලීසියට පැමිණි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් මෙවන් සිද්දි පාඩමකට ගන්න (දී)
ලංකාවේ මෙවන් සිද්දි කීයක් නම් උනාද?
මේවගේ සිද්දි කීයක් උනාද?/ මම ශාර්යා නීතිය අනුමත කරන්නේනැහැ. නමුත් සින්ගප්පුරුවෙ වගේ හැමවරදටම කස පහර දුන්නනම් දරුණු වදහින්සන දුන්නනම් ,සාදාරන වන්දිමුදලක් වැරදිකරුවන්ගෙන් අයකලානම් වන්දිමුදල් ලබාදීමට මුදල් නැත්නම් තිබෙන දේපලක් හෝ අගතියටපත් අයට පවරාදී මේවා අඩුකරගතහැක. (දී)
බොදු බල සේනාව මේවට විරුද්ධව මුකුත් කරන්නේ නැද්ද? මේවත් අනන්‍ය අගම්නේ. මේ වගේ කොච්චර අතවර දවසකට ලංකාවේ පුරාම මේ වගේ අයගෙන් වෙනවද. ඒ වට විරුද්ධවත් පෙළපාලි යන්න. (දී)
මෙවැනි වැඩකළ කැපුවො හිරේ ගිහින් ඇවිත් නැවතත් ඔය වැඩම කරනවා. (අ)
දෙවියන්ට ළමයි පාසල් යවන්න පුලුවන්ද? සමරවිට පාසෙල් ළමයි,ගුරැවරැ මේ ළමයා කොන් කිරීම නොතේරෙන්න පාඩමි කරෑණාවෙන් කියානොදීම මේ ළමයා ගැන වැඩි අවධානයක් නොකිරීම විය හැකිය.මේ වගේ නූගත් කම නිසා උඩබලාගෙන හිටයා දෙවියන් එනකමි.! (අ)
කිසිම සතෙක් මරණ එක අනුමත නොකෙරුවත් අපේ අනාගත දරු දැරියන් ගැන අබමල් l රේණුවක හරි ආදරයක් තියනවනම් පාලකයාට කියන්නේ ස්ත්‍රී දුෂනයට හ මිනීමැරීමට එල්ලා මරන්න ඕනේ වැඩිකල් නොගොස්. තව එකක් සමහර පත්තර රේඩිඕ වලින් ලොකු ප්‍රචාරයක් දෙනවා ඔය හොර දේවාල හා හොර කට්ටඩි ගැන. මොනා උනත් මිනිස්සුනේ මෝඩ කමේ මහත.(නදී)
අම්මයි ආච්චියි හිරේ දාන්න ඕනෑ අනිත් ගෑනුන්ටත් පාඩමක් වෙන්න. නැත්තන් මේ වැඩේ හරි යන්නේ නැහැ. ගෑණුන්ගේ මෝඩකම් වලට පොඩි උන් පලි නැහැ. මේවගේ සිද්දි කීයක් වුණාද?මම ශරියා නීතිය අනුමත කරන්නේ නැහැ. නමුත් සිංගප්පුරුවෙ වගේ හැම වරදටම කස පහර දුන්නා නම් දරුණු වදහිංසන දුන්නා නම් ,සාධාරන වන්දි මුදලක් වැරදිකරුවන්ගෙන් අයකළා නම්, වන්දි මුදල් ලබාදීමට මුදල් නැත්නම් තිබෙන දේපලක් හෝ අගතියට පත් අයට පවරාදී මේවා අඩුකරගත හැක. (නි)
තුවාන්, ඔයාගේ නීතිය ඔහේම තියාගන්න (නි)
අනේ අපොයි! මෙහෙමත් අපරාධ ?මට නම් දැන් කියවලා කියවලා එපාවෙලා තියෙන්නේ (නි)
මහදවල් ලක්ෂගණන් පොල් තෙල් පහන් දැල්වුවත් මේ රටේ උදවියගේ මෝහාන්ධකාරය දුරුවෙලා නැති හැඩයි (නි)
අයියෝ සල්ලි! (නි)
ෂරියා නීතිය අනුව මන්තර ගුරුකම් වලට බෙල්ල කපනු ලැබේ... (නි)
තුවාන්, ඔය දේවල් වලට කියාපු බෙහෙතක් තමා ඔයා කිව්වේ (නි)
නව තාක්‍ෂණය ගමට ගිහින් නැද්ද? (නි)
ආපොයි මෙහෙමත් මෝඩ අම්මලා (නි)
නැවතත් එම වැඩ කිසි කලක නොකරන්න ඔහුගේ සියලු තොරතුරු ඡායාරූප සමග ප්‍රසිද්ධ කළයුතුය (නි)
බුදු පියාණන්ගේ ධර්මය තරම් උතුම් දහමක් මේ ලෝකයේ තවත් නැහැ කියලා දන්නෙ නැද්ද? (නි)
අම්මයි ආච්චියි හිරේ දාන්න ඕනෑ අනිත් ගෑනුන්ටත් පාඩමක් වෙන්න. නැත්තන් මේ වැඩේ හරි යන්නේ නැහැ. ගෑණුන්ගේ මෝඩකම් වලට පොඩි උන් පලි නැහැ (නි)
දැරියට කෙසේවෙතත් දැන් ආච්චිටයි අම්මටයි මළ පෙරේතයෝ වැහිලා ඇති (නි)
6 පන්තියේ පුංචි දුවෙක් නේද මේ? දරුවගෙ මුළු ජීවිතේම ඔය සිද්ධිය හිතේ තියාගෙන විඳවනවනේ. ඉන්නවයි කියන දෙවියොත් මේක බලාගෙන මොනව කළාද කියලා සැකයක් තමා මට නම් ඇති වෙන්නෙ. මේ වැඩේ අර අම්මාටයි ආච්චිටයිත් කරලම ගියා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. (නි)
මේ මළපෙරේතයාට උපරිම දඩුවම් කළ යුතුයි .අහිංසක දරුදැරියන්ට මේ කරන හිංසා අපේ රටේ එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් මොන බණ කිව්වත් වැඩක් නැහැ දරුවන්ට ආරක්ෂාවක් නැත්නම්. (නි)
මේවා හොඳ පාඩම් මෝඩ විශ්වාස වලට. 21 වන සියවසේ තවමත් නුගත් මෙවැනි මෝඩයන් නිසා කුඩා දරු දැරියන් කෙලෙසී අනාගතයට රොඩ්ඩක් පුස්සක් වී රටට සේවයක් කළ නොහැකි මානසික ලෙඩුන් බෝකරති. මේ යකදුරන්ට යකුන් දෙන දඬුවම් දිය යුතුය. (නි)
මට නම් හිතාගන්න බැහැ. දෙමළ චිත්‍රපටියකවත් දැකලා නැහැනේ මෙහෙම දෙයක්. මිනිස්සුන්ට උඩ බලාගෙන ඉන්න සලස්වලා පොකට් ගහපුවා නම් අහලා තියෙනවා. මේ මනුස්සයාගේ මෝඩකම ගැන නම් හිතාගන්න පුළුවන්. හැබැයි, සැමියාට හොරෙන් මේක කරන්න හිතපු එක නම් වැරදියි. හම්බ වෙන්න ඇති හොදට. (නි)
හොද යකැදුරෙක්. අම්මටයි , ආච්චිටයි මුකුත් නොකර හිටපු එක හොදයි. (නි)
මුගේ කර අඹන්න වටින්නෙ (අ)
මේවට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන ටෙලිනාට්‍ය. මෝහාන්දකාරය වැඩිකරන මේ සන්නිවේදන කොයිතරම් භයානකද? උදාහරණ ;මලී (අත්තම්ම) (අ)
අනේ මෙහෙමත් ලෝකයක්. මෙරටේ මිනිසුන්ගේ අවිද්‍යාව කවදා දුරුවෙයිද? හැමදාම පත්තර වලින් දැනුවත් කරනවා. ඒත් හැමදාම ළමා අපචාර සිද්ධ වෙනවා. ඇත්තටම රටේ නීතියක් නැද්ද? (නි)
මු නම් ගෑනු මල පෙරේතයෙක් තමා දෙරියගේ අම්මට සහ ආච්චිට පළමුව දඬුවම් කර . මේ පෙරේතයාව හිරේ දමන්න (අ)
පෙරේතයෝ කුම්බාන්ඩයෝ යටි හිතේ තියෙන බොරු මවාපෑම් මෙච්චර දියුණු කළුතර මේවගේ වැඩකරන අම්මල ඉන්නවද කියල හිතෙනවා ගයන, කියනදේ හරි (අ)
අනේ මෙහෙම මිනිස්සු මේ රටේ තවත් ඉන්නවද? (නි)
පුවූ අහිංසක මිනිස්සු.පොඩි එකී ගැන හිතල ඉතින් කරන්න ඇති. මේවා සහගහන අපරාද . තුවාන් ඔය දන්නේ නැති උනාට ඔයගොල්ලන්ගේඅය මේවා කරනවා.බොරුනම් අල්ලපු ගෙදරින් අහල බලන්න අත් දුටු දෙයක් .(අ)
මුළුමනින්ම වරද අම්මාගේ.පළමුව දඩුවම් දියයුත්තේ ඇයටයි (නි)
ආතුරයා තනි කරලා ශාන්තිකර්ම කරන්න ඕනෑ කියලා ගුරුකම් දන්නා කෙනෙක් නම් කියන්නේ නැහැ. ඔහු එන්න ඇත්තේ මේ වැඩේටමයි. තව ටික වෙලාවක් ගියානම් අම්මටයි ආච්චිටයිත් ඔය දේම වෙන්න තිබුනා. (නි)
කුමාරිහාමිගේ අදහසම තමා මටත් කියන්න තියෙන්නේ. මෝඩ අම්මට මොනවා උනත් අහිංසක ළමයා ගැන අපට දුකයි. (අ)