ගතවූ වසර 42 දී ඇස් දන්දීමට කැමැත්ත පලකළ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දස ලක්ෂයකට වැඩි යැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි. ඒ අතරින් 1961 සිට මේ දක්වා ඇස් 100,000 ක් පමණ දන්දී ඇතැයි ද ඒවා මෙරට අවශ්‍යතාවලට යොදා ගැනීමෙන් පසුව ඉතිරිය විදෙස් රවටලට නොමිළයේම යවා ඇතැයි ද අක්ෂිදාන සංගමයේ කළමණාකරු ජනක් මාතරආරච්චි මහතා පවසයි. ඇසේ කුණිතය මෙලෙස බද්ධ කිරීම් සඳහා යොදා ගන්නා අතර විවිධ හේතූන් මත වෙනත් අයකුට ලබාදිය නොහැකි ඇස් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරන බව ද එම සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රමේෂ්, හැම අන්ධ කෙනාටම මේක හරි යන්නෙ නැහැ. මේකෙදි බද්ධ කරන්නෙ කුණීතය විතරයි. ඇසේ වෙනත් ආබාධ නිසා අන්ධ අයට මේක හරි යන්නෙ නැහැ. (නි)
මහත් පල මහනිෂංශ ලැබෙන දානයක් .අරුණ හරියට හරි .ඒක තමා වෙන්ට ඕන .(අ)
ඇස් විතරක් නෙමේ මුළු සිරුරේ හැම කොටසක්ම දන් දෙන්න පුළුවන්. මමත් මගේ සිරුරම රටවල් තුනකදී දන් දීලයි තියෙන්නේ. මෙය විශාල පිනක් වගේම මරණ කටයුතු කිරීමත් අවශ්‍ය නොවේ. පින් දහම කටයුතු වලට එ මුදලත් එක කර ගත හැකි. (අ)
ශරීරයේ කොටස් දන් දීම ලොකු පිනක්.ඉන්දියාවේ පණපිටින් ඉන්න ළමයින්ගේ මිනිසුන්ගේ අවයවයන් දුප්පත්කමට මුදල් සඳහා පන පිටින් ඉන්න ගමන් දෙනවා , පිනට නෙමේ. සමහරු ළමයින් බලෙන් පැහැරගෙන ගොස් අවයවයන් ගලවා ගන්නවලු (නි)
පිටරට යවන්නේ ලංකාවේ අන්ධ අය නැද්ද තව?(නදී)
මමත් දන් දෙනවා මගේ ඇස් දෙක. කවුරුන් හෝ මෙලොව එලිය බලනවානම් ඒක තමයි සතුට.(නදී)
මල නෙතට පණ! මෙම පුණ්‍ය කටයුත්තට මීට වඩා මහජනයා දෙනුවත් කල යුතුයි. එතකොට මීට වැඩි පිරිසක් ඇස් දන්දීමට යොමුවේවි. පොළොවට පස් වනවාට වඩා තව කෙනෙක් දන්දීපු කෙනාට පින් දිදී ලෝකය දෙස බලයි.(නදී)
බොහොම පින් වැඩක්
මුළු ලොවම මේ ගැන දැනුවත් කල යුතුව ඇති කාලයක්. මේ සම්බන්දයෙන් මිනිස්කම ප්‍රදාන විශාල කුසලයක් කර ගැනීමට මුළු ලෝක වාසීන්ට මෙමගින් හැකි වෙනවා.(නදී)
පුෂ්පා මටත් ලියන්න තියෙන්නේ ඔබ ලියු වැකි පෙලයි. ඔබට ස්තුත්යි.(නදී)
උතුම් කුසල කර්මයක්.(නදී)
දොස්තර හඩ්සන් සිල්වා මැතිතුමා ගැන දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි (නි)
අපේ දේශපාලනය කරන ඇත්තන්ට මේ ඇස් සවි කරන්න බැරිද? වැඩි දෙනෙකුට ඇස් තිබුනට පෙනුම නැහැ. අනික අයට පෙනුම තිබුනට එක පැත්තයි පේන්නේ. (නදී)
ගරු දොස්තර හඩ්සන් සිල්වා මැතිතුමා තමයි මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියා. ඔහු ඇස්වල කනීනිකාවන් රැස් කිරීම ඇරඹුවේ 1958 දී, එවකට ඔහු වෛද්‍ය ශිෂ‍්‍යයෙක්. ඔහු මියගියා 1999 දි. මගේ දැනුම අනුව අපේ පුංචි ලංකාව ලෝකයේ රටවල් 60කට පමණ ඇස් ලබාදෙනවා. පිටරටකට යවන ලද පළමු ඇස් යුවල යැව්වේ 1964දී සිංගප්පූරුවට. පකිස්ථානයේ ලාහෝර් නුවර ඇස් රොහල ඔහුගේ නමින් නම් කරලා තියෙන්නෙ, එම උත්තමයාට ගෞරව පිණිස. ලොව පුරා හඩ්සන් සිල්වා ලැබූ නම්බු නාම, ගෞරවයන් අසීමිතයි. වරක් ජාත්‍යන්තර සම්මේලනයකදී කවුදෝ ප්‍රකාශ කළා මොහු වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබීමට සුදුසුයි කියා. මගේ මේ කුඩා සටහන එම උත්තමයාට ආචාර පිණිසයි.(නදී)
ප්‍රාණය නිරුද්ද , මොහොතින් මොහාත විනාශ වෙන සිරුරකින් තවත් මිනිසෙකුට පෙනීම ,ඇතැම් කොටස් බද්ධ කීරීම කටයුතු වලට , දශලක්ෂ ගන්නන් රෝග නිදාන අධ්‍යයනයට සිරුරු දානය වීම ,බුදු හිමියන්ගේ උදාරතර ඉගෙන්වීම් තුලින් බෞද්ධයන් ලැබූ ආබාෂය,අන්‍ය ආගමීක ලබ්ධිකයනුත් සිහිනුවනින් කල්පනා කරනවා නම් අගයමි. සැමට සුබ වෙසක් මංගල්‍යක් වේවා. (නි)
මේ අංකයට අමතා ඔබේ ඇස් දන්දීම පිළිබද විස්තර ලබාගත හැක 0112696109.(නදී)