රාජපක්ෂ පාලන සමයේ යුරෝපා කොමිසමෙන් පැනවූ මත්ස්‍ය තහනම නිසා මාළු රට යැවූ පෞද්ගලික ආයතන 35-40 ක් වැසී ගිය බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
විශාල පිරිසක් ධීවර කර්මාන්තයෙන් ඉවත්වූ බවත් දළ වශයෙන් වසරකට රුපියල් මිලියන 4000 ක් පමණ අහිමි වූ බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි අපි ඔක්කොම මාලු ටික සුද්දාට කවලා අපි බඩගින්නේ ඉමු. අපේ මුහුදේ මාලු ටික ඉවර වුණාහම යුරෝපයෙන් ගේමු. (ම)
කොතරම් ලොකු පාඩුවක්ද (හේ)
එතකොට ලංකාවට තවමත් පිටරටින් මාළු ගේන්නේ ඇයි දන්නේ නැහැ. (නි)
ලංකාවට ටින්මාලු ගේන්නේ ලංකාවේ ටින්මාලු නිෂ්පාදනයක් නැහි හින්දා. රට මැද වතුකරේට අදටත් ටින් මාළු නැත්නම් මුහුදු මාළු කන්න වෙන්නේ නෑ. ලංකාවේ මාළු අපනයනය කරලා ලැබෙන විදේශ විනිමය රටට ආදායමක්. අපි ලංකාවෙන් මැණික් අපනයන නතර කරනවද මැණික් ඉවර වෙනවා කියලා. (ර)
සමාගම් 35 - 40 ක් නම් වැහෙන්න ඇති. නමුත් සාමාන්‍ය ධීවරයාට ඕක නැතිවුණා කියලා කිසිම පාඩුවක් වුණේ නැහැ. මොකද ඕක තිබුනා කියලත් සාමාන්‍ය ධීවරයා අල්ලන මාළු වල මිල කිසිම ආකාරයකින් වැඩිවුණේ නැහැ. වෙච්ච එකම වාසිය හෝ පාඩුව තමයි ලංකාවේ මිනිසුන්ට කන්න තිබෙන හොඳම සහ අලුත්ම මාළු ටික කොම්පැනිකාරයෝ ටික මාකට් එකේ මිලට වඩා රුපියල් 10 - 15 ක් වැඩියෙන් මිලට අරන් ඒවා සුද්දන්ට කන්න පිටරට පටවපු එක (නි)
එතකොට ඒකාලේ ධිවර ඇමති වෙලා හිටියේ කවුද? (නි)
මාළු තහනමට හේතුව කාගේ වැඩද කියලා අපි දන්නවා (නි)
මාළු තහනම ඉවත්වුණ එක රටේ ආර්ථිකයට හොඳයි. ඒත් එ්කෙන් පස්සේ දේශීය වෙළඳපොළේ මාළු මිල වැඩිවෙනකොට පාරිභෝගික අපි තමයි කරවල වෙන්නේ. (නි)
ඒත් මාළු වල මිල නම් හැමදාම ඉහළයි (නි)
මේ තහනම ඉවත් කළ එක ගැන නම් අපි සතුටුයි (නි)