ඇතිමලේ ග්‍රාමීය රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි දෙනකු එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ පියාගේ මළගෙදර ගොස් සිටි නිසා අද රෝහලේ සනීපාරක්ෂක කම්කරුවකු බෙහෙත් නිකුත් කළ බව රෝගීහු කියති.
රෝහලේ සිටින එකම පවුල් සෞඛ්‍ය සේවිකාවත්, ගිලන් රථයේ ප්‍රධාන සහායකත්, සනීපාරක්ෂක කම්කරුවන් හත් දෙනාගෙන් පස්දෙනකුත් එම මළගෙදරට යෑම නිසා දෛනික වැඩවලට බාධා වූ බව ද රෝගීහු පවසති.
රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී මධුමාලී වීරසේකර මහත්මිය පැවසුවේ අද දින සේවයට පැමිණියේ තමාත්, හෙද නිලධාරිනියක සහ සුළු සේවකයන් දෙදෙනකු පමණක් බවයි.
‘අනෙක් පිරිස ප්‍රධාන වෛද්‍ය නිලධාරීගේ පියාගේ මළගෙදර ගියා. ඒක වරදක් කියා මා දකින්නේ නෑ. නමුත් අප රෝහලේ කිසි කටයුත්තක් අතපසු කර නැහැ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඉඳන් මිනිහ ඩිස්පෙන්සරියක් දාගනි. (දී)
ලෙඩ්ඩුන්ට වෙන මොනවා හරි අමුතු ලෙඩක් හැදිලද දන්නේ නැ.(දී)