කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගැටඹේ ජල පවිත්‍රාගාරය අසල නවතා තිබු ජල ටැංකියක් සහිත ට්‍රැක්ටරයක් මෝටර් රථයක ගැටිමෙන් හමුදා මේජර්වරයකු හා තවත් අයකු එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
ට්‍රැක්ටර් රථයේ රියදුරු විසිවි ගොස් වැටීමෙන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයේ පිටු පස අසුනේ සිටි හමුදා මේජර්වරයකු හා අනික් පුද්ගලයා මියගොස් ඇති අතර ඉදිරි පස අසුනේ ගමන් ගත් පුද්ගලයා සහ රියදුරු සුළු තුවාල ලබා ඇත.
ඔවුන් කෑගල්ලේ මළ ගෙදරකට ගොස් එමින් සිටි බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීට් බෙල්ට් පිටුපස කී දෙනෙක් පාවිච්චි කරනවද ?????? (කෞ)
තව එක්කෙනෙකුට සී.ඕ කමක් (කෞ)
ස්වභාවික වරණය යන්නහි සැබෑ තේරුම නොදැන මියගිය පුද්ගලයන්ට අපහාස නොකරන්න (බ)
සීට් බෙල්ට් නොදමා වාහන වේගයෙන් ධාවනය කිරීම මෙම මරණ වලට හේතුවයි. පිටුපස ආසනයේ යන ලොකු ලොක්කන් කිසිදිනක සීට් බෙල්ට් පළදින්නේ නැහැ (නි)
යුද්දේ තිබුන කාලේ නම් මුරදෙවිවරු......අද .(හේ)
හමුදා වල අය කොහොමත් පාරේ යන්නේ ඒගොල්ලෝ රටේ නීති වලට විතරක් නෙමෙයි භෞතික විද්‍යාවේ නීති වලටත් වඩා සෑහෙන උඩින් ඉන්නේ කියලා හිතාගෙන. එහෙම යන ගොඩක් අය ස්වභාවික වරණයේ නීති වලින් ඉවත් කරනවා (නි)
මෝඩ කතා කියන්න එපා මිනිසුනේ මේ වගේ දෙයක් වුණාම. නුඹලා මිනිස්සුද? (නි)
ජයපාල, සිද්ධියට හේතුව රියදුරා ඇතුළු සැමටම නින්ද යාම. මම එක මළගමකට සහබාගි වූ අයෙක්. ඉතාම කණගාටුදායකයි. තිදෙනාටම නිවන් සුව පතමු. (බ)