වලංගු වීසා බලපත්‍රයක් මත 2009 සිට ඉතාලියේ පදිංචි වී සිටි ශ්‍රි ලාංකිකයකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට යයි.හතලිස් හැවිරිදි මෙම තිදරු පියා බීමත්ව රිය පැදවීම නිසා පොලීසියෙන් කිහිපවරක්ම අත්අඩංගුවට ගත්තේය. පවුලේ සාමාජිකයනට හා පොලීසියට පහර දීම වැනි හේතු නිසා ඔහු පිටුවහල් කිරීමට තීරණය කැර ඇත.
දින පහකට පෙර හිරෙන් නිදහස් කළ ඔහු කොළඹ බලා යන මුල්ම යානයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සදහා මුරකා මැද රෝමයට රැගෙන එන බව ඉතාලි රජය කියයි. මින් පසුව ඔහුට ඉතාලි රැකියාව හෝ බිරිය හා දරු තිදෙනා බැලීමට ඉතාලියට පය තැබීමට ඉඩ නොලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අනේ මොකද අනේ මන්දා. පටි රෝල් කර ගන්නෙ මොකද මන්දා. අනේ මන්දා. (ස)
ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකෙනෙක් වෙන්න සුදුසුකම් තිබෙනවා (නි)
පිටිගල අයියා මතක ඇතුව ඔය මුරට යන පොලිසියේ අයගේ පාස්පෝට් වලටත් එක්ක 'ඩියුටිෆ්‍රී' එකෙන් බෝතල් ටිකක් අරන් යන්න. (ස)
සිද්ධියේ ඇත්ත නැත්ත කුමක් වුවත් දැන් දැන් ඉතාලියේ අපේ අය ගැන ඇහෙන දේවල් හරි අමිහිරියි. (ස)
බය වෙන්න ඒපා පිටගල මිලානෝ ඔයා ඒන්න අබෑර්තු අපි ලග තියෙනවා ඉහල වැටුපක් ගෙවනවා. (අ)
බීල වාහනත් එලවනවානම් දරු පව්ලටත් ගහල පොලිසියටත් ගහනවානම් මේ නරුමය ඉතාලියේ තියාගෙන කොහොමද. වීසා තිබුනට රටකට නුසුදුසු අයෙක් නම් පිටුවහල් කිරීමේ අයිතියක් සෑම රජයකටම ඇත. (අ)
අනේ පිටිගල , ඔයත් දන්න මානුසික අයිතින්, මතකද අපේ සේපාල ඒකනායකට කරපු වැඩේ ? (ස)
ලන්කාසිරිත් සමඟ එකඟයි. (ස)
පිටබැද්දර ජයා, සේපාල ඒකනායකගේ ඉතාලි බිරිඳ දික්කසාද නඩුවකින් තම දරුවා තමා භාරයට ගත්තා. පියාට නීතියෙන් අවසර දී තිබුණා දරුවා බැලීමට. නමුත් ඔහුට අවශ්‍ය වුනේ දරුවා දික්කසාද බිරිඳට නොදී තම සන්තකයට ගැනීමටයි. බොහෝ විට මෙවන් නඩු වලදී කුඩා දරුවන්ට මව සමඟ සිටීමට ඉඩ හැරීමට නීතියෙන් ඉඩකඩ වැඩියි. මෙයින් කුපිත වූ ඔහු විශාල අපරාධයක් කරන්න පෙලඹුණා. (ස)
ඔන්න පිටිගල මිලානෝ ඇත්ත කතාවක් කියල තියෙනවා. ඔව් මොන වරදක් කලත් හිරේ දානවා මිසක් රටින් පිට කරන්න බැ.අනික කසාද බැදලා දරුවෝ ඉන්න කෙනෙක් .බීල වාහන පැද්ද නම් පවුලේ යට ගහනවා නම් හිරේ දාන්න පුළුවන් බලපත්‍රය නැති කරන්න පුළුවන් ...ඊට එහා දෙයක් කරන්න බැ ඉතාලියට. විසා නැත්නම් රටින් පිට කරන්න පුළුවන්. ඒත් දරු පවුලක් ඉන්න නිසා ඒක එක පාර කරන්න බැ...මේකේ පුදුම නීතියක් වගේ. (ස)
ඉතාලියේ නීති හොදයි (නි)
ඔන්න පෙනෙනවා නේද පිට රටවල නීති. ඒකටත් එක්ක අපේ රටේ වග කිව යුත්තෝ ලජ්ජා විය යුතුයි.(නදී).
සමන්ත විජේසිරි මහත්මය, මට නම් අහන්න තියෙන්නේ ඔබ තුමා ඉන්නේ හොඳ සිහියෙන්ද කියලයි. ඉතාලියේ විතරක් නෙමේ යුරෝපයේ ඕනෑම රටක නිත්‍යානු කුලව එරටේ ජීවත්වෙන පුරවැසියෙකු කිසියම් වැරැද්දකට අත් අඩංගුවට පත් වී නම්, එයට අදාල දඬුවම දෙන්නේ ඒ රටේදී. ඒ සඳහා අවශ්‍ය නීති ඕනෑවටත් වඩා ඒ රටවල තියනවා වගේම ඒ නීති නිසි ලෙස ක්‍රියාත්මකත් කරනවා. ඒ ගැන ඔබතුමාත් හොඳින් දන්නවා ඇතිනේ. ඉතාලියේ පදිංචි දන්නා කියන අයගෙන් නිවැරදිව කරුණු කාරණා අවබෝධ කරගෙන පුවත්පතට වාර්තා සපයන්න මහත්මයෝ. ඔබ තුමාට ශුභ අනාගතයක්!! (අ)
ඉතාලියට ඔය මළ කරදරේ අවසන් වුණාට ඔය මිනිහා එන්නේ ලංකාවට. අපිට මළ කරදරේ මෙහෙට ආවම. බැරිද ඔයාව ඉතාලියේම තියාගන්න. අපිට පාඩුවේ ඉන්න දීලා. මට නම් ඔය ඉතාලි ඉන්න ඔක්කොම එකයි. මේකේ ප්‍රතිචාර දාන අයවත් එක්කම (නි)
ඉතාලියේ වැරදි කරාම ඉතාලියේ දඬුවම් දෙන්නේ. එපමණක් නොව ඔහුගේ බිරිය සහ ළමයින් ඉන්නේ ඉතාලියේ නම් ඔහුව පිට කිරීම යුරෝපිය කොමිසම මගින්ම අනුමත කරන්නේ නැහැ. මෙය ලොකුම මානුෂික අයිතියක් කඩ කිරීමක්.(නදී)
මොකද වන් ෂොට් ඔයා එහෙම කියන්නේ? මෙතන අදහස් දාන අය මොනවද ඔයාට කළේ? (නි)
මිනිහව මෙහාට එවන්නේ ලංකාවේ දි සමාව ලැබෙන බව දන්නා හින්දා. මීට වඩා දරුණු අපරාධ කරපු මිනීමරුවන් ගණනාවක් නිදහස් කරන්න තරම් අපේ ජනාධිපති තුමාගේ හිත උණු උනානම් මෙයාව නිදහස් කරන එක මහා ලොකු දෙයක්ද. මිනිහව එවන්න තීරණය කරපු රට හරි. මිනිස්සු තමයි වැරදි. (නදී)
හොදයි , ඉතාලි ජාතිකයෙක් ඔය වැරැද්ද කළා නම් පිටුවහල් කරන්නේ කුමන රටකටද ? (නි)
ඉතාලියේ වැරදි කරන අපේ අය පුලුවන්නම් පිටුවහල් කරන්න ඕන සයිබීරියාවට.(නදී)
ඇන්ටන්, මෝඩ අදහස් දාන්න එපා (නි)
අපෝ ඇයි ඉතින් ලංකාවට එවන්නේ දහ ජරාව (නදී)
අපෝ ඇයි ඉතින් ලංකාවට එවන්නේ දහ ජරාව (නදී)
ඇඟිලි සලකුණු අරන් ලංකාවට ඇතුලට ගන්න. (ස)
මොහුට වලංගු විසා බලපත්‍රයක් මිස පුරවැසි කම නැතිව වෙන්ට ඕන. (ස)
බලු වලිගය උණපුරුකේ දැම්මත් ඇදේ අරින්න බෑ කියනවනෙ. අපේ අයට පිටරටක ඉදන් වත් ඔය ජරා බීම අත්හැර ගන්න බැරි හැටි.නුරා මතින් කල දේවල් දැන් ලංකාවට ආවම මතක් වෙයි. මට බය ඊට පස්සෙ ලංකාවේ ඉදන් මොනවා කරාවිද කියලා. (ස)
අපෝ ඒ කුණු ගොඩත් අපිටමයි එන්නේ. (ස)
අනේ පවු,ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා. (නි)
අපෝ කවුද පිටිගල මිලානෝවත්ද ඈ..... (ස)
එයාගේ ගම කොහෙද?? ගුවන් තොටුපලින් කෙලින්ම ආණ්ඩුවේ බෝඩිමකට දාන්න නැතිනම් පොලිසියට වැඩ වැඩි වෙනවා. (ස)
කරන්න දෙයක් නෑ කුමාරි ළමයෝ දුක තමයි අපේ දුපතේ වැඩටගන්නවා (අ)
පිටිගල මල්ලි හැබැයි ලංකාවතුල ඔය නීතිය බලපැවැත් වුවානම් මාර වැඩේ. ඉන්දියාවට තමයි පිටුවහල් කරන්නවෙන්නේ (අ)
මෙම ප්‍රවෘත්තිය හරියට 'රජ කතාවක්' වැනිය. කෙනෙක් කරන ලද දඬුවම් වලට නීති ප්‍රකාරව රට තුල දඬුවම් දෙනවා හැරෙන්නට තම දරු පවුල ඉතාලියේ සිටියදී ස්වාමියාව රටින් පිටුවහල් කරන්නේ නැත. ඉතාලිය 'මානුෂික අයිතීන්ට' මුල් තැන දෙන රටකි. පිටුවහල් කරන්න අවශ්‍ය නම් විසා බලපත්‍ර නොමැති දහස් ගණනක් මානුෂික හැඟීමෙන් 'පොදු සමාවක්' දෙන තෙක් රට තුල තබාගෙන ඉන්නේ කුමකටද? සමහරවිට නඩුකාර තුමා මේ කරදර කාරයාට තරවටුවක් කරන්න ඇති අයෙත් බීල ගුටි කෙළගෙන ආවොත් ලංකාවටම එලවනවා කියලා. (ස)
මේ නම් පිටිගල මිලානෝ වන්න ඕනා. (ස)
පිටිගල මිලානෝ නගර සභාවට ඡන්දෙ ඉල්ලලත් ඉවරයි වගේ. කෙලින්ම ලංකාවට පටවන්න වගේ හදන්නේ. (ස)
මොකටද මෙහෙට එවන්නේ.මේ වගේ එවුන් ඇති වෙනකම් ලංකාවේ ඉන්නවා.ඒත් ඉතින් මේකෙ ඉපදුන නිසා වෙන රටවල් භාරගන්න කැමති නැනේ කුණු ගොඩවල්.ඔක්කොම කුණු බේරුවල බොක්කට කියුවලු. (ස)
අයියා පාඩමක් ඉගෙන ගන්නේ මෙහෙට ආවට පස්සේ තමයි !(නදී).