ඉතාලියේ නාපෝලි නුවර මුනීෂිපෝ හි ඉකුත් දා පැවැති කොටි හිතවාදි උද්ඝෝෂණයක් අතරට ගිය නාපෝලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ඊට විරෝධය පළ කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ සභාපති ඇන්තනි කොස්තා මහතා කීවේ උද්ඝෝෂකයන් කොටි කොඩිය සමග ඉතාලි කොඩියද ඔසවා තිබූ බවයි.
තහනම් ත්‍රස්තවාදි සංවිධානයක කොඩිය සමග ඉතාලි කොඩිය එකට එසවීම ගැන ලැජ්ජා විය යුතු බව එහි පැමිණි ඉතාලි පොලිසියට ශ්‍රී ලාංකිකයෝ පැවසූහ.
ඉතාලි පොලිසිය එහිදී කියා ඇත්තේ ඉතාලි රජයෙන් අවසරය ගෙන මෙම උද්ඝෝෂණය කරන බවයි. අනතුරුව ශ්‍රීලාංකිකයෝ ඉතාලි ලංකා තානාපති කාර්යාලයයේ රාණි බුලත්වෙල මහත්මියට මේ පිළිබඳව පැමිණිලි කළහ. කොටි උද්ඝෝෂණයට විරුද්ධව ලාංකිකයෝද නාපෝලියේ දී උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාඛා සමිතියේ නම මොකක්ද? (නි)
නිදිමතේද ලිව්වේ ..... මේවා ගේ ව්‍යාකරණ බලල නෙවේද දාන්නේ(අ)...?
ඉතාලි තානාපති ලෙස විශ්‍රාමගිය හමුදා නිලදාරියෙක් පත් කරලා යවන්න.(නදී)
ඈති යන්තම් ඉතාලියෙ කොන්ද පන තියන ටික දෙනෙක් හරි ඉන්නවා.(නදී)
තහනම් කරමු ත්‍රස්තවාදී සංවිධානයක කොඩියක් එසවීමට අවසර දීමත් ඉතාලි රජයේ ප්‍රතිපත්තියක්ද? කොහොම වුණත් ශ්‍රී ලාංකිකයෝ හැටියට ගත් පියවරට ස්තුතිවන්ත වෙනවා (නි)
අනේ අපි නොදන්නා ඉතාලියේ කොන්ද පන තියන අය. කෝ අර පච්ච ගහගෙන කමිස ගලෝපු අය. ඕවා බැහැ ප්‍රංශයේ.(නදී)