රජයේ හමුදා අතින් පරාජයට පත්ව මැරුම් කෑ වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ උපන් දිනය හා මහවිරු දිනය සමරන්නැයි කියන දැන්වීම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ උතුරේ වැසිකිළි, ලයිට් කණු ආදී තැන්වල අලවා තිබූ බව පොලිසිය කියයි.
තහනම් සංවිධානයක් වන කොටි සංවිධානය වෙනුවෙන් මේ ඉල්ලීම කරනුයේ කවුදැයි එම දැන්වීම්වල සඳහන් නොවේ. පොලිසිය මෙම පත්‍රිකා ඉවත් කළ බවද දැනගන්නට ඇත.
25 සිට 27 දක්වා දින තුනක් මේ සැමරුමට එක්වන්නැයි එම දැන්වීම්වල ඉල්ලා තිබිණි. 26 වැනිදා ප්‍රභාකරන්ගේ උපන් දිනය ලෙසත් 27 මහවිරු දිනය ලෙසත් එහි දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ සිද්ධවෙන දේවල්? (නි)
කොහොමත් මළ කොටියාට පණ දෙන එක ආණ්ඩුවෙන්ම කරලා දෙයි ළඟදිම (ම).
ඔය බොරු කඩාකප්පල්කාරී කතා. (ස)