(අංජුල මහික වීරරත්න)
තම ගත සිත සුවපත් කරන්නේ ජනතා ඇසුර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ජනතාව සමඟ නිදහසේ සිටීමට මම බෙහෙවින් ප්‍රිය කරමි. මිනිසුන් අතර සිටීම කිසි දිනක මා විඩාවට පත් නොකරයි.එය පුරුද්දකි. බැඳීමකි. සැමට නොලැබෙන අවස්ථාවකි. ජනතාවගේ සිත් තුළ ඇතිවන විශ්වාසය සහ ලෙංගතුකම මත ගොඩනැගෙන මානව සබඳතා, ජන මූල නායකයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යයෙන් යුතුව මුහුණ දීම් හැකියාව වර්ධනය කරයි. ජනතා ඇසුර යනු මා තව තවත් ගතින් සවිමත් කරන්නකි. මනස සුවපත් කරන්නකි.
සැමදා එක ලෙසින් පැමිණ සුව දුක් විමසන, හිතවත් කතාබහක යෙදෙන ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙමි. දේශපාලන සගයින් ද සිහිපත් කරමි. ඔබ සැමට ස්තුතියි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහින්ද ගත සිත සුව කරන බෙහෙත හෙළි කරයි