(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ ලංකා කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසයි.
තංගල්ල කාල්ටන් නිවසට පැමණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ සමාජිකාවන් සමඟ සුහද කතාබහක යෙදිණි. එම අවස්ථාව සඳහා බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද සම්බන්ධ වූ අතර එහිදී කාන්තා සංවිධානයේ වත්මන් සහ ඉදිරි කටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
වර්තමානයේ අප රටේ කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටියි. දේශපාලනික හා සමාජයීය ක්ෂේත්‍ර තුළ කාන්තාවට කළ හැකි කාර්යභාරයට හොඳම උදාහරණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ මා දුටු දැවැන්තම කාන්තා පෞර්ෂයයි. මා ඇසින් දුටු ජාතික නායිකාවක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැඳින්විය හැකිය. පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ සාමාජිකාවන් හමු වූ දිනයේම, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 25 වන ගුණ අනුස්මරණය යෙදී තිබීම හේතුවෙන් පැරණි මතකයන් අවදි වූයේ නිරායාසයෙනි. මැතිනියටත් මෙරට සියලුම කාන්තාවන්ටත් ගෞරවයක් ලෙස කෙටි මතක සටහනක් තබමි.
බණ්ඩාරනායක මැතිනිය මා හඳුනා ගනු ලැබුවේ ඉතාමත් කුඩා කාලයේය. මගේ පියා සමඟ රොස්මීඩ් පෙදෙසේ පිහිටි නිවසට ගිය අවස්ථාවක පළමු වැනි වරට මා එතුමිය දුටුවා. එදා ඒ දුටු කුල කාන්තාව පිළිබඳව මට ඇති වුනේ මාතෘ සෙනෙහසකි. අප වයසින් වැඩෙන විට එතුමිය කෙරෙහි ඇති සෙනෙහස, ගෞරවය තව තවත් වර්ධනය විය. ඔසරියෙන් සැරසුනු අභිමානවත් රුවක් හිමි ඇය නොසැලෙන ගුණයෙන් ද, දේශීය චින්තනයෙන් ද, මව්වත් ගුණයෙන් ද පිරුණු මෙරට මෙන්ම ලෝක දේශපාලනය ද හැඩකළ, බලයත් සෙනෙහසත් සම සිතින් ගත් අම්මාය. එතුමිය ගෞරවයෙන් සහ සෙනෙහසින් මම සිහිපත් කරමි.
පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ ඉදිරි කටයුතු වෙනුවෙන් මාගේ සුබ පැතුම් පිරිනමමි. තොටිල්ල පැදවූ අතින් ආණ්ඩු කරමින් ගෞරවනීය ලෝක ඉතිහාසයක් නිර්මණය කළ රටක කාන්තාවන් ලෙස, මවක් ලෙස සමාජයීය යහපැවැත්ම උදෙසා කටයුතු කිරීම ඔබට උරුමයෙන්ම හිමි බව සිහිපත් කරනු කැමැත්තෙමි යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහින්ද කතුන්ගේ ගුණ කියයි