
(අමදෝරැ අමරජීව )
මේ ආණ්ඩුවේ ඇත්තෝ කියනවා ඒ අය බුදුපිළිමය අත්අඩංගුවට ගත්තේ බුදු පිළිමයේ ආරක්ෂාවටලු. අපි අහනවා එහෙම නම් මහා සංඝරුවනට පහර දුන්නේ සාසනයේ ආරක්ෂාවටදැයි කියලා යැයි සීනිගම පුෂ්පාරාමාධිපති අකුරල මංජුලතිස්ස අමරපුර මූලවංශ මහා නිකායේ ලේඛකාධිකාරී හිමියෝ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථ බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලේ සිද්ධියේ නිරීක්ෂණයට අද (18) ත්‍රිකුණාමලයට වැඩම කර පැවැත්වු මාධ්‍ය හමුවකදි මෙම ප්‍රශ්නය මතු කළේය.
අමරපුර මූලවංශ මහානිකායේ සංඝරත්නය ප්‍රශ්නයට තුඩුදුන් බෝධිවර්ධන දහම් පාසල තිබෙන ස්ථානයට වැඩම කිරීමට ප්‍රථම තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිමිවරු දෙපළගේ සුවදුක් විමසා පිරිත් සජ්ඣායනා කිරීමක්ද සිදු කළහ.
අමරපුර මූලවංශ මහානිකායේ සංඝරත්නය ප්‍රමුඛ මහා සඟරුවන ප්‍රශ්නගත ස්ථානයට වැඩම කර සිද්ධිය සොයා බලද්දී හදිසියේම මිහින්තල රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝද වැඩම කළහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේඛකාධිකාරීය අකුරළ මංජුල තිස්ස හිමියෝ බුද්ධ ප්‍රතිමා වහන්සේ අත්අඩංගුවට ගන්න ආපු පොලිසියේ උසස් නිලධාරියකු කියනවා අපි නිරාගමිකයි අපි ආගම් විරෝධීයි කියලා. මේක මහා භයානක ප්‍රකාශයක්. මේ ප්‍රකාශය මුළු ලෝකයම ප්‍රචාරය වෙච්ච වීඩියෝ දර්ශන වල පවා තියෙනවා. ඒ දර්ශනවලම තියෙනවා ස්වාමීන් වහන්සේලාට පහර දෙන එක. මේ නිසා අපි කියන්නේ ත්‍රිකුණාමලය බහු ආගමික ප්‍රදේශයක් විදියට බෞද්ධ වුණත් ඉස්ලාම් වුනත් කතෝලික වුණත් හින්දු අයකු වුනත් තම තමන්ගේ ආගම් මත දැරීම සහ ආගම් ඇදහීමේ නිදහස හැමෝටම තිබිය යුතුයි කියලා.පොලිසියේ ආදර්ශ පාඨයේ තියෙනවා "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" කියලා. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනවා කියලා. නමුත් ධර්මයට අනුව පොලිසියේ අය රකින්න පොලිසිය ධර්මයට අනුවද වැඩ කළේ කියලා අපිට ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහා සඟරුවන ත්‍රි‘මලයට