කටුගස්තොට නගරයේ දී මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට බැන තර්ජනය කළ බවට සැකපි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ බව ද පොලිසිය පවසයි.
කටුගස්තොට නගරයේ දී මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට බැන තර්ජනය කළ බවට සැකපි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර අධිකරණයට ගල්ගහපු කෙනා? (නි)
මහේස්ත්‍රාත්ට බැන්නේ මොකද කියලා හෙව්වා නම් කතන්දරේ අනිත් පැත්තත් දැනගන්න තිබුනා. (නි)
එයාගේ තනතුර ගැන පාරේ යන අය දන්නෙ නැහැනේ (නි)
මහේස්ත්‍රාත් උසාවියෙන් පිටත සාමාන්‍ය පුරවැසියෙක් ලෙස නේද සැළකෙන්නේ? (නි)
මඟතොටදී යම් යම් අවස්ථාවල බහින්බස්වීම් මතගැටුම් ඇතිවෙනවා. ඒවා ඒ අයම සමතයකට පත්කර ගන්නවා. ඒ මොකද ඒ වගේ දේවල් පොලිසි ගෙන යායුතු තරම් දේවල් නොවන නිසා. නමුත් මහේස්ත්‍රාත්වරුන් විනිසුරුවන් එහෙම නැහැ. ඒක වැරදියි. ඔය වගේ දේවල් නිසා තමයි අද සමාජයේ ගොඩක් අය අසාධාරණය පෙනි පෙනීත් අහක බලාගෙන යන්නේ. අසාධාරණයට එරෙහිව කතා කරන්න යන්නේ මහේස්ත්‍රාත්වරයෙක් එක්ක වුණොත් හිරේ ලගින්නත් වෙනවා. මේක නිවැරදි වියයුතු සමාජ ගැටළුවක්. (නි)
මහේස්ත්‍රාත්වරයකුට බැනවැදිය නොහැක්කේ උසාවියේදී පමණයි නේද? එළියේදී ඔහු සාමාන්‍ය පුද්ගලයෙකි. වරදකට ඔහුටද බැනිය හැකියි. (නි)
මෙම ලිපිය කියැවූ නීති ක්ෂේත්‍රයේ කෙනෙක් ඇත්නම් කරුණාකර මෙය පහදා දෙන්න (නි)
අත්වැරදීමක්ද දන්නෙ නැහැ (නි)
එතකොට අර මන්නාරම් මහේස්ත්‍රාත්තුමාට බැනපු එකේ සිද්ධියට මොකද වුණේ? (නි)
දෙදෙනකුගේ බහින්බස් වීමකට අවුරුදු 3 ක ළමයෙක් පලි ද? (හේ)
මීටපස්සේ නඩුකාරයෝ පාරේ යනකොට ඒ බව දැනගන්න පුළුවන් විදියේ බෝඩ් එකක් වගේ දෙයක් ගහගෙන යන්න වෙයි. එතකොට ඔහොම ප්‍රශ්න එන එකක් නැහැ. (නි)
අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය සඳහා මේ ජෝඩුව අවුරුදු හතකටවත් හිරේට යවන්න පිවිතුරු යහපාලනයක් වෙනුවෙන්. (නි)
අගවිනිසුරුවරයෙක් බව නොදැන වුණ ඉතාම පොඩි බහින් බස් වීමකට මෙච්චර ලොකු දඩුවමක් ..(හේ)
මානව හිමිකම් උල්ලංගනය වීමක් නේද? ඇප දිය හැකියි නේද?(නදී)
හේතුව මොකක්ද, කවුද හරි, කවුද වැරදි කියලා අපි දන්නෙ නැහැනේ (නි)
මේවා මෙච්චර ලොකු වැරදිද? අනික ඉතාම කෙටි බහින්බස්වීමක්. අහිංසක මිනිහට තමයි ඔක්කොම නීති... (නි)
මහේස්ත්‍රාත්වරුන්ට, පොලිස් නිලධාරීන්ට හා වෙනත් අයට කියලා වෙනවෙනම නීති නැහැනේ. මහේස්ත්‍රාත්වරුන් මහපාරේ යනකොට ඔවුන්ට ඉස්සර කළත් ඒකටත් නඩු දාන තත්ත්වයකට දැන් පත්වෙලා. මහේස්ත්‍රාත්ට බාධා කළා කියන්න පුළුවන් රාජකාරියේ යෙදී ඉන්න වෙලාවේදී විතරයි නේද? (නි)
මහේස්ත්‍රාත් බව නොදැන. (නදී)
අපේ ගමේ අප සමඟම එකට ඉගෙනගත් කෙනෙක් දැන් නඩුකාරයෙක්. ගමේ කවුරුත් අපි නෑදෑයෝ වුණත් ඔහු ගමේ මළගෙවල් මඟුල් ගෙවල් වලට යන්නෙත් පොලිසියේ දෙන්නෙක් එක්ක. මෙය නීතියට එකඟ වුවත් සදාචාරයට කොතෙක් ගැළපෙනවාද කියා හිතන්න එයාට බැහැ. (නි)
පොලිස් ආරක්ෂාවක් නෑතුව ඒ අය පාරවල් වල යන්නේ නැහැ නේද? (නි)
මහේස්ත්‍රාත්වරුන්ට හා අධිකරණ නිළධාරීන්ට තිබෙන මේ වගේ නීතිමය බල හැකියාවන් මොනවාද යන්න පිළිබඳව දන්නා කවුරුහරි පැහැදිලි කර දෙන්න.(නි)
මහේස්ත්‍රාත් කියලා හරියන්නේ නෑ වැරැදිනම් දඩුවම් දිය යුතුයි (දිල්)
කවුරු කාට වුණත් වැරැදි නම් දඩුවම් දිය යුතුයි (දිල්)
අපිට තමයි මේ සියළු සෙල්ලම්. අනේ! මේ පොඩි මිනිසුන්ට විතරද නීතිය? (නි)