හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට අනවසර අලි පැටවකු රුපියල් ලක්ෂ තිහකට විකුණන ලදැයි කියන මහරගම චන්ද්‍රරත්න යටවර ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

සැකකරු ඇපමත මුදා හරින ලෙස කරුණු දැක්වීමට නීතිඥයන් සූදානම්වූ අවස්ථාවේදී එම කරුණු එදින (13) දක්වන ලෙස අධිකරණය දන්වා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වූ තිළිණ ගමගේ ඇප පිට මුදා හරිනු ලැබීය.