තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අද කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට රුගෙන ඒමට පමා වීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දෝෂාරෝපණය කළේය.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහු රැගෙන එන තුරු බොහෝ වේලාවක් බලා සිට නොපැමිණීම නිසා වැඩ හමාර කර ගෙදර යද්දී අධිකරණයේ ගේට්ටුව අසලින් රහස්පොලිස් නිළධරයෙකු මහේස්ත්‍රාත් වාහනය නතර කර ඇතැයි ද කියති. මහේස්ත්‍රාත් ඔවුනට දොස් පවරා ඇත්තේ ද ඒ අවස්ථාවේදීය. යළි අධිකරණයට නොගිය මහේස්ත්‍රාත් උසාවි භූමියේ මුර කුටියට ගොස් සැකකරු මැයි 05 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත්තුමාගේ ක්‍රියාව අගය කරනවා (නි)
පුංචි ඡන්දෙ ළගයි වගේ. (බ)
මේ මහේස්ත්‍රාත් අලි හොරකම් කරපු කෙනා නේද ? (බ)
රටක ජනතාවට නිතිය ගැන විශ්වාසයක් ඇති වන්නේ එය ප්‍රයෝගිකවත් නිවැරදිව ක්‍රියාත්මක වනු දුටුවොත් පමණි. වරදට දඩුවම නියත විය යුතු අතර දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව වැරැද්දට සරිලන දඩුවම් පැමිණීම අනිවාර්යය. (ම)
අදහස් ගොඩක් තියෙනවා. මමත්, කවුරුවත් අවධානය යොමු නොකළ පැත්තක් පිළිබඳව මගේ අදහස සහ යෝජනාව මෙයට එකතු කරන්ට කැමති. බොහෝ දුරට පහල ශ්‍රේණිවල හිතට එකඟව, අවංකව, සාධාරණව වැඩ කරන්ට කැමති නිලධාරීන් ඕන තරම් පොලිසිවල ඉන්නවා. නමුත් සමහරක් අවස්ථාවල තමාට වඩා ඉහල ශ්‍රේණි වල ඉන්න නිලධාරීන් දෙන අසාධාරණ නියෝග පිලිපදින්ට සහ ක්‍රියාත්මක කරන්ට සිදු වෙනවා. එම නිසා එම නිලධාරීන් ගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීම සහ සියලු අණ සහ නියෝග නිත්‍යානුකුල සිදු වුන බව තහවුරු කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම් සහ නොගැනීම අදාලව දෙන හැම නියෝගයක්ම, පරීක්ෂණ සම්බන්ධ කාරණා ලිඛිතව සිදු විය යුතුයි. (බ)
ටික කාලයක් සද්ද නැතුව ඉදල මැයි දිනය ලං වෙනකොට එක්කෙනෙක් හොයල අත්අඩංගුවට ගන්නවා. මේක තමයි ලකුණු දා ගන්න නියම ක්‍රමය. (බ)
තාජුඩීන් ඝාතනය කරපු මිනීමරුවන් අල්ලන්නේ නැතුව මේ අහිංසකයන් අල්ලාල තේරුමක් තියනවද මේ නිලදාරිය ක්‍රියාත්මක කරන්න ඇත්තේ ඉහල නියෝග අන්න ඒ නියෝගය දුන්නු අයව තම අල්ලන ඕනේ. (ර)
ඔන්න සියලු දෙනාටම හොඳ පාඩමක්. (ර)
මේ ගොඩක් අදහස් කියවනකොට මට ඇතිවෙන්නේ පුදුම දුකක් මේ මිනිස්ස්සු මෙච්චරටම පක්ෂග්‍රාහී වෙන්නේ කියල . මේ අය මේ කරන්නේ රඟපෑමක් කියල නොතෙරෙනේ හැටි. චම්පකලටා, මහබැංකුවේ අධිපතිට මේ ගොඩක් මැති ඇමතිවරුන්ට බලනොපාන නීතිය . රටක ජනාධපති කෙනෙක් 200 ක කට්ටියක් එක්ක එකවිට මරන්න සැලසුම් කරපු මිනිහෙග්ගේ හඬ පටිය උසාවියට බරදුන්නම දැන් කඳුළු හලපු අය සද්ද නැහැ . සතිදෙකක් ඇතුළත චම්පකගේ සිද්දියේ කැමර දර්ශන මකුණේ කියපු පොලිසියම තමො ඔය . තජුඩීන් මැරිය අවරුදු 2 කකට පසේත් කැමර දර්ශන හොයාගන්න පිටරට යවන අය ඉන්නෙත් ඔය පොලීසියේම තමා. මේවා සදරනී කරණය කරලා ලෝකයට තමන්ගේ මෝඩ කම් පෙන්නන එපා කියල මම කරුණාවෙන් ඉල්ලන්නේ . (අ)
රොහාන්, වැරදි කරන අයව අල්ලලා ඊට අදාළ සාක්ෂි හොයාගෙන නීතිය හමුවට පමුණුවලා අධිකරණය තුලින් දඬුවම් ලබා දීමට කටයුතු කිරීම තමයි පොලිසියේ රාජකාරිය විය යුත්තේ. නමුත් කවුරුන් හෝ, යමෙකු කල වැරදි හෝ අදාළ සාක්ෂි වසන් කරනවා නම්, වැරදි කරුවන්ට කලින් මේ වගේ අයට දඬුවම් කල යුතුයි. මොකද, වැරදි කරන අයට අනුබල දීම බරපතල වරදක්. (ර)
නීතිය හැමෝටම සමාන විය යුතුයි (අ)
දීපන්කො උත්තර, අසෝක, මම මේ බලාගෙන ඉන්නේ කරුණාපාල මොකක් කියාවිද කියල. ඇත්තට සිදුවිය යුත්තේ ප්‍රංශයේ සිදුවුවා සේ, එනම් එම රජය විසින්ම කතෝලික පල්ලියෙන් රජයට උණු බලපෑම වෙන් කළා සේ, අප රටේ රජයත් ජනතාවත් අතර ඇති ජනතාවට සේවය සපයන රාජ්‍ය ආයතන වලට ස්වාධිපයක් ඇතිකරනවා නම් මෙවැනි ප්‍රශ්න ඇති වන්නේ නැත. නමුත් සත්‍ය නම් අප රටේ එවැන්නක් මිරිගුවක් තරම් වත් පෙනෙන මානයක නොතිබීමයි. ගිය රජයට දොස් කියමින් අප ජනතාව විසින්ම ගොඩ නැගූ මෙම ආණ්ඩුව තම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට පෙර ආණ්ඩු කලාක් මෙන් රාජ්‍ය ආයතන වලටද ඇත තබා එහි නිලධාරීන්ට බලපෑම් කොට බියවද්දා ( අවම ලෙස දුෂ්කර පළාත් වලට මාරුවීමක් හෝ දී) රාජ්‍ය ආයතන තම අභිමතයට අනුව පාලනය කරන බව අසෝක විසින් කරන ලද පැහැදිලි කිරීමෙන් තේරුම් ගත හැකිය. මට නම් පෙනෙන්නේ කැලේ මාරු කලාට කොටියාගේ පුල්ලි මාරු නොවන බවකි. ප්‍රජාතන්ත්‍ර වාදය අවශ්‍ය ජනතාවට නිසා අපේ ආණ්ඩුව ගොඩ නැගිය යුත්තේ අපි විසින්මයි කියන එක ත්රුම් ගැනීමට අපි තවත් ප්‍රමාද නොවිය යුතු බවට දැන් දැන්ම ඉගි පලවෙමින් පවතී. තාජුදීන් මැරීම හෝ මෙම කතාව වටා ඇති අටුවා ටීක ආදියට සම්බන්ද සියලු දෙනා පලවා හැර නිවහල් සාධාරණ තැනකට අපි ආ යුතුය. (අ)
කරුණාපාල ඔයාගේ අදහස් වලට මමත් එකගයි විය යුත්තේ එයයි (හේ)
ඉතින් කරුණාපාල වැරදි කරපු එකාට මොකද වෙන්නේ. (හේ)
කරුණාපාල ඔය සමග මම එකග වෙනවා නමුත් සමහර අවස්ථා තියනවා නිලධාරින් කොයිතරම් අවංක වුනත් ඉහලින් එන දේ කරන්නම වෙන්වා මොකද දේශපලන බලපෑම හරිම ප්‍රබල එකක්, (හේ)
ප්‍රධාන සැකකරුවන්ට දඩුවම් පමුණවන්න.(හේ)
මට අපේ පැරණි කැකිල්ලේ රජ තුමා ගේ මහදන මුත්තා වාගේ කතා මතක් වෙනවා. (ර)
මේ යන ක්‍රමයට මීට පස්සේ නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන කාටවත් යටත් නොවී නීතිය හරියටම ක්‍රියාත්මක වේවි , බලපෑමක් කලොත් යන්න කොමිසමකුත් දැන් තියෙනවනේ , මේක හොඳ පාඩමක් හැම නිළදරුවෙකුටම (හේ)
අසෝක මහත්තයෝ, ඔබ කියන කතාවේ සත්‍යයක් තිබෙනවා. ඒක තමයි අපේ රටේ දේශපාලන හා සමාජ යතාර්ථය. ඉහල සිට පහල දක්වාම නියෝජනය කරන ජනතාවගේ නියම ස්වභාවය. හර්ද සාක්ෂියක් නොමැති සිතේ එකක් තබා ගෙන මුවින් තව එකක් කියා ඒ දෙකටම වෙනස් විදිහේ ක්‍රියාවක් කරන මිනිසුන් ඉන්න රටක් මේක. දේශපාලකයින් දේවත්වයෙන් අදහන මිනිස්සු ඉන්න රටක් මේක. ආගම දහම දේශය පාලනය කිරීමට අවියක් කර ගත්, තරගෙට ආගම් අදහන මිනිස්සු හා පුජකයින් ඉන්න රටක් මේක. ඉතින් කොහොමද ඒ වගේ රටක ඉන්න මිනිස්සුන්ගේ හදවත් තුල සාරධර්ම ඉස්මතු වෙන්නේ? ධර්මිෂ්ඨ සමාජයක් බිහි වෙන්නේ? පොලිසියේ පමණක් නොවේ, රජයේ සෑම ආයතනයකම ඉන්නේ දුෂිත නිලධාරීන්, පගාවට හා ජරාවට පමණක් අවංකව රාජකාරිය කරනවා. මෙම පුවතට අදාළ පොලිස් නිලධාරියත් බිහිවෙන්නේ, මෙන්න මේ සමාජ යථාර්ථයේ ප්‍රතිපලයක් ලෙස තමයි. ලෝකයේ ඕනෑම රටක සමාජ පෙරලියක් සිදුවුයේ හා සිදුවිය යුත්තේ ඉහල සිට පහලට නොව, පහල සිට ඉහළටයි. අන්න ඒ නිසා තමයි මම කියන්නේ, මෙවැනි දුෂිත නිලධාරීන්ට මුලින්ම දඬුවම් කල යුතුයි. එවිට මෙම සිදුවීමට සම්බන්ධ ඉහල සිටින අයට, එහි ප්‍රතිවිපාකය නොවරදවාම ලැබෙනවා සිකුරුයි. (අ)
ගිය රජය කාලේ වෙච්ච සිදුවීම් නිසා ඕවාට විරුද්ධව කතා කරන්න හෝ සාක්කි මෙහෙයවන්නට මේ මිනිස්සු භයවෙන්න ඇති.එහෙම වකවානුවක්නේ ඒ දවස්වල තිබ්බේ. (හේ)
මේ තියෙන්නේ නඩු කල්දාන ක්‍රම .(හේ)
කොහොමද වෙනස දැන් (හේ)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ පොලිස් නිලධාරියෙක් කවදාවත් දේශපාලකයින්ගේ අණට කීකරුවී නීතිය වෙනුවට අවනීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේම වැරදි කළ පාර්ශවයෙන් පගාව අරගෙන වැරැද්ද නිවැරැද්ද කරන්නෙත් නැහැ. නමුත්, අවාසනාවට අපේ රටේ ඒ අපි උපකල්පනය කරන ගණයට වැටෙන පොලිස් නිලධාරීන් සිටිනවාද කියන එකත් සැක සහිතයි. මෙම අදාළ මිනීමැරුම සිදුවුයේ කාගේ උවමනාවටද කියන එක රටම දන්නා රහසක්නේ..නමුත්, අනුන්ගේ උවමනාවට, තමන් මුදලට මිනීමරනවා නම්, හෝ තනතුරු වලට හා වරප්‍රසාද වලට ඊට අනුබල දෙනවා නම්, ඔවුන් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. (හේ)
රොහාන් මෙයා වැදගත් සාක්කි කරුවෙක් බලන්න කෝ(හේ)
කරුණාපාල මහතාගේ අදහසට එකඟ විය යුතුය.නමුත් රොහාන් මහතාගේ අදහසද පිළිගැනීමට සිදුවේ.නමුත් අද මේ නිලධාරී මහතාට තමන්ගේ නිර්දෝෂීභාවය පෙන්වීමටත්, වරදක් සිදුවුනා නම් එය නිවැරදි කරගැනීමටත් හොඳ අවස්ථාවක් ඇත. ඒ අනුව යමක් අපට තේරුම් ගත හැකිය.(හේ)
ජනතා බදු මුදලින් රැකෙන අවංක පොලිස් නිලධාරියා මෙවැනි අවස්ඵාවේදි තම නිල බලය අතහරියි.(හේ)
කරුණාපාලගේ අදහස දැක්කහම මට නම් ගොඩක් දේවල් හිතුනා (නි)
දොස් කියන එක සාධාරණයි.(හේ)
මෙතුමා සම්බන්ධයෙන් මොන මතවාද තිබුණත් මෙම තීන්දුව ගැන සතුටුවෙමි (නි)
පොලිසිය ගැන මහජන විශ්වාසය බිඳවැටී හමාරයි (නි)
අැයි මේ තාජුඩීන්ට එක්නැලිගොඩලාට විතරක් අපමණ අගයක්? අනිත් ඝාතන අපරාධ ගැනත් මේ උනන්දුව අනිවාර්යයෙන් ඕනෑ. එවිටයි මහජනතාවට නීතියේ විනිවිදබව ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. (නි)
තාජුදීන් ඝාතනය ගැන කියන කතා ඉවර වෙන්නේ නැහැ. අපිත් ඉතින් අහගෙන ඉන්නවා. (නි)
පහළම තැනින් පටන්ගෙන නියෝග දුන් ඊට ඉහළ අයගේ නම් හෙළිකරගෙන ක්‍රම ක්‍රමයෙන් ඉහළම කෙනාවත් අල්ලාගන්න ක්‍රමවේදය හරි. (නි)
දැන්වත් පොලිසිය පාඩමක් ඉගෙනගනීද දන්නෙ නැහැ (නි)
සීඅයිඩියට එයාගෙන් මේ ගැන තොරතුරු දැනගන්න පුළුවන් නේද? (නි)
නීතියේ ආධිපත්‍යය රැකගැනීමට උරදෙන මහේස්ත්‍රාත්තුමට අපේ ප්‍රණාමය! (නි)
මෙතුමාගෙන් මේ අපරාධයට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිකර ගන්න පුළුවන් වෙයිද කියලයි අපි බලා සිටින්නේ (නි)
වීඩියෝව බලන්න. පොලිස් ජීප් එක නවත්තලා තියෙන්නේ කහ ඉරක් උඩ නේද? (නි)
ඔබතුමා කළ දේ අපි අගය කරනවා (නි)
මේක නම් පුදුමාකාර රටක් වැඩිදුරට කල්පනා කරලා බලනකොට (නි)
දේශපාලඥයින්ගේ ගොදුරක් වූ මෙවන් රාජ්‍ය නිලදරුවන් ගැන අපිටත් කණගාටුයි. නමුත් මොහුට දැන් අවස්ථාව තිබෙනවා ඇත්ත ඇතිසැටියෙන් පැවසීමට. (නි)
කරුණාපාල, මේ දිනවල අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියන දේවල් අහලම නැද්ද? ඔයා කොහෙද ඉන්නේ? (නි)
දැන් ඉතින් මේක ඝාතනයක් කියලා තීරණය කළේ කවුද? ස්ථිරවම එ්ක ඇත්ත නම් වැරදිකරුවන් හොයා දඬුවම් කළයුතුයි. (නි)
මේ අල්ලාගත් මහත්තයාගෙන් හරි මේ සිද්ධියේ සුලමුල හෙළිවෙනවා නම් හොඳයි (නි)
කරුණාපාල මහත්තයත් එක්ක වාද කරලා වැඩක් නැහැ. දැන් මේ අල්ලාගත් එක්කෙනා අහිංසක නම් එයාට ඒ ඒ දේවල් ගැන උපදෙස් දුන් අයගේ නම් කියන්න එපායැ. ඉස්සර කාලේ ඔය මොකුත් නැහැනේ (නි)
අවංක නීතිගරුක මහේස්ත්‍රාත්වරයෙක් (නි)